ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
08/11/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සටහන 1 වේදනාව සමඟ සම්බන්ධ ය.
සටහන 2 දිට්ඨිය සමඟ සම්බන්ධ ය.
එතකොට සටහන 1, a - සුඛ සඤ්ඤා විපල්ලාසය ඉවත් වීම මගින්, b - සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම. ඊළඟට සටහන 2, c - සුභ චිත්ත විපල්ලාසය ඉවත් වීම මගින්, b - සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම.
කවුළුවේ භවය නිරූපණය කරන නාමරූප ලකුණු කරන තැන ම සුභ චිත්ත විපල්ලාසයත් සුඛ චිත්ත විපල්ලාසයත් ලකුණු කරගත් සටහන සමඟ භවය ඉවත් කිරීම සිහි කළා.
එහි දී පරාමාස ජීවිත ඉන්ද්‍රිය රේඛාවට සිත යොමු විය.(*1) අවිතක්ක අවිචාර සටහන මෙනෙහි කළා.
සටහන 1 වේදනාව සමඟ සම්බන්ධ වන්නේ එය නොවන්නේ නම්, එනම් සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම නොවන්නේ නම්, ජරා වේදනා අසම්පජාන රේඛාව මගින් දැක්වෙන කාම සඤ්ඤාවට ඉඩ ලැබේ. එය මගින් තණ්හා පපඤ්චය ඇති වේ. කාම සඤ්ඤාව විසින් කරන්නා වූ ක්‍රියාවලිය, 08/11/2024 භාවනාව මගින් ඉවත් කරන බව හොඳින් වැටහේ.
අවිතක්ක අවිචාර සටහනේ භවයේ යන විතක්කය නැති වීමෙන් ව්‍යාපාද සඤ්ඤා නැති වෙන බව අපි දනිමු. මෙය සඳහා සුභ චිත්ත විපල්ලාසය නොමැති වීම කෙසේ උදව් උපකාර කරයි ද? යම් ව්‍යාපාද සඤ්ඤාවක් වේ ද, එය සුභ යැයි ගත් දේ වෙනස් වීම නිසා ම ඇති වේ යැයි, බුදුපියා පැවසුවා. එය එසේ ය. යම් සුභයක් නොමැති ද, ව්‍යාපාද සඤ්ඤා නැත.(*2)
ඊළඟට line c නැති වීම කෙසේ දැයි විමසුවා. a, b සහ අමෝහ පාරේ යන නිසා සංස්කාර ඉවතලා විහිංසා සඤ්ඤාවෝ මඟහරින බව අපි දනිමු. යම් මෝහයක් වේ ද, එය ද සුභය සමඟ සම්බන්ධ වේ. යම් සුභ යන චිත්ත විපල්ලාසයක් පහ වේ ද, එය සමඟ හටගන්නා වූ මෝහ ධර්මයෝ ද, එම විපල්ලාසය ඉවත් වීම සමඟ පහ වේ. ඉතිරිව ඇත්තේ, සුභ යැයි හැඟීම ඇති නැති අවස්ථාවට යෙදෙන 7 සහ 8 ධ්‍යානයෝ ම ය.
එහි හත් වන ධ්‍යානයේ පහ වීම සඳහා, සුභ + නිත්‍ය මගින් සුඛ යන්නෙහි, සුභ යන්න චිත්ත විපල්ලාසය ලෙස ද, නිත්‍ය යන්න දිට්ඨි විපල්ලාසය ලෙස ද, සුඛ යන්න සඤ්ඤා විපල්ලාසය ලෙස ද විමසා, මණ්ඩලාධිපති බුදුපියාගේ දහම සමඟ මනා කොට භාවිතා කරන්නේ නම්, පරිදේවය දක්වා එන්නා වූ line 6 ගිලිහී යයි. මෙය සමඟ කවුළුවෙන් බලන ධර්මය නිසා හටගත් ශාන්ත සුවිමුත්ත චිත්තය ඇත්තේ නම්, පරිදේවයේ සිට කිසිදු දිසාවකට දහමුන් නොගලයි. කුමක් නිසා ද? පටිච්චසමුප්පන්න බව මනා කොට විඤ්ඤාණයට ඒත්තු යන නිසා ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 23/11/2024
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඇත්තෙන් ම කියනවා නම් ඉතින් red arrow එකත් සිහි වුණා ඔය වෙලාවේ.
(*2) ඉතින් මෙතනට ටිකක් එකතු කරනවා නම්, අපිට ගඳ දැනෙන්නේ නම් ගඳ නැති දේ ගැන සිතයි. අසුභය නිසා සුභ ධාතුවේ පැනවීම වේ. අඳුර නිසා ආලෝක ධාතුවේ පැනවීම වේ.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකට තව ටිකක් එකතු කරනවා නම්,
මෙහි ජරා වේදනා අසම්පජාන රේඛාව සමඟ සටහන 1 විමසන්නේ, ඔළුවේ වම් පැත්ත ඇරෙන්නේ ය.