ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
භාවිත කායා, භාවිත සීලා, භාවිත චිත්තා යන ධර්මතාවයෝ මගින්, යම් දහමක් සිතේ පවත්වන්නේ ද, එවැනි ම වූ දහමක්, කවුළුව මගින් පවත්වන්නේ ය. 08/11/2024 නිබ්බාන භාවනාවේ දී දුන් සටහන භාවිතා කරන්න.
1 භාවිත කායා මගින් සම්මා ආජීවය නිසා අත්හැරීමක් ඇති ද එවැනි වූ දහමක් කවුළුවේ භවය අත්හැරීම සමග ඇති වේ. එයට සුභ ධාතු ඉවත් කිරීම බලපායි. එසේ ම සම්මා ආජීවය පැවැත්වීමට ද සුභ ධාතු ඉවත් කිරීම බලපායි.
2 භාවිත සීලා මගින් සම්මා වාචා සම්මා වායාම මගින් අත්හැරීමක් වන්නේ ද එනම් වචී දුශ්චරිතයේ නොපිහිටීමක්, ආරම්භ විරිය සමග ඇති වන්නේ ද, එසේ ම සම්මා සමාධිය සමග පරිවාර වූ දහමක්, වෝකාරය ඉවතලීම සමග ඇති වන්නේ ය. මෙය අරූප ධ්‍යාන ඉවතලා, එහි නිත්‍යභාවය ඉවතලා, රූපය දෙස බලා සිටීමක් වැනි ය. එහි සුඹුල මෙන් වූ රූපය, විතක්ක විචාරයන්ගෙන් පරිවාර වීම වළකයි. මෙය කාම ධාතුව ගැන විමසීමෙන් වැටහේ.
ධාතු යන්න (stream) ප්‍රවාහය ලෙස ගත හැකි ය. මෙසේ සිතන්නේ, කාම ධාතු යන්න, ධාරාව ගැලීමට තුඩු දෙන ක්‍රියාවලිය කාම වස්තූන් සමග පැවැත්වීම ලෙස ගත හැකි ය. එය සංස්කාර සමග සම්බන්ධ ය. කාම ධාතු නිසා කාම සඤ්ඤා ඇති වේ. එහි කාම සඤ්ඤාව තුළ ක්‍රියාවලිය මගින් ඇති වූ සුඛ සඤ්ඤා මනසිකාරයෝ රඳයි, යනුවෙන් බුදුපියා පැවසුවා.
කාම විතක්කය එමගින් ඇති වන්නේ එහි ගැලපීම සොයයි. එනම් රඳන ලද සුඛ සඤ්ඤා මනසිකාරයන්ගේ ගැලපීම ඇති ද නැති ද යන්න සොයයි. මෙම අත්පත් කර ගත් සුඛය මීට වඩා හොඳින් පැවැත්වීමට ක්‍රම සෙවීමට එය තුඩු දේ. එය කාම විචාරය මෙහෙයවීම මගින් සිදු වේ. එහි ගත හැකි පරාසයක් ඇත. එම පරාසය ඉක්මවා සිතන්නේ, එය ම ව්‍යාපාද විතක්කයට තුඩු දේ.
මෙසේ විමසන්නේ, අත්පත් කර ගත් සුඛය මෙයට වඩා හොඳින් පැවැත්වීමට ක්‍රම සෙවීම කාම විචාරය මෙහෙයවීම මගින් සිදු වේ යන්න සමග භවයේ යෑම ද සැබැඳේ. කාම විචාරයේ අධික ලෙස බැස ගැනීමක් ඇද්ද, එය ම භවයේ යෑම ලෙස අර්ථ දැක් විය හැකි ය. මේ නිසා භවයේ යෑම ඉවත් කිරීම මගින් ව්‍යාපාද සඤ්ඤා නැතිවීම යන්න හොඳින් වැටහේ.
සම්මා වාචා මගින් අත්පත් කර ගත් සුඛය මෙයට වඩා හොඳින් පැවැත්වීමට ක්‍රම සෙවීම නොකරයි. මෙසේ විචාරයෝ නැතිවීම ම සම්මා වාචාවට ඇතුළත් වේ. ආර්ය වූ සම්මා වාචාව යොදා ගන්න. “කථමා ච භික්ඛවෙ, සම්මා වාචා, අරියා අනාසවා ලොකොත්තර මග්ගඞ්ගා, යා ඛො භික්ඛවෙ, අරිය චිත්තස්ස, අනාශ්‍රව චිත්තස්ස, අරිය මග්ගං සමඞ්ගිනො, අරිය මග්ගං භාවිතො, චතුපි වචී දුශ්චරිතෙහි, ආරති, විරති, පටිවිරති, වේරමණී. අයං භික්ඛවෙ, සම්මා වාචා අරියා අනාසවා ලොකොත්තර මග්ගඞ්ගා”.
මුසාවාදය සුඛ යැයි කියයි. එයින් වෙන් වීම වන්නේ නම්, දුක බව දැන වෙන් වීම මෙනි. පරුෂා වාචය දෝමනස්සය හොඳ යැයි කියයි. එයින් වෙන් වීම දෝමනස්සයෙන් වෙන් වීම මෙනි. මෙසේ සිතන්නේ එය ම කාම විතක්ක ඉවතලීමට තුඩු දේ. කුමක් නිසා ද? කාම සඤ්ඤා මගින් ඇති වන්නේ දෝමනස්සයක් පමණි, බව දන්නා නිසා ය.
3 භාවිත චිත්තා - සම්මා සංකප්ප මගින් යම් තර්කයක් විතර්කයක් සුභය යන්න උදෙසා පිහිටීමක් වන්නේ ද, මෙය දුක යන තරමට පැවසීමට තරම් සම්මා සංකල්පයේ වචී සංඛාරය ප්‍රබල විය යුතු ය. එහි යම් සංකල්පයක් ඇති ද, එය දුක සංකල්පයේ පිහිටීමට තරම් ප්‍රබල විය යුතු ය. අප්පණා ව්‍යාපනා යන දහමුන්, මෙම දුක යන අර්ථය ම ඔසවා ගෙන පිහිටයි. මෙසේ සම්මා සමාධියට පදනම් වන දහමුන් පිහිටන්නේ ය.
ඉහත තුන් ධර්මය සමග අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වන බව පෙන්වන පටිච්චසමුප්පන්නතාවය අඩංගු වන්නේ, එය ම නිර්වාණය වේ.
ඒක තමයි මං කරපු භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
පෝතලිය සූත්‍රයේ මනෝමය කාය අතහැර ශුක්‍රාණු ගන්නට යන්නාක් මෙන්, වචී සංඛාරයෝ ද ධාතු විෂයයේ මෙසේ යෙදෙන අයුරු මෙම භාවනාව මගින් වටහා ගන්නේ අරි අට මඟෙහි සීලය, ධාතු සමග ම සම්බන්ධ වන බව වැටහෙන්නේ, තථාගතයන් වහන්සේගේ අරි අට මඟෙහි ගාම්භීරත්වය වැටහෙන්නේ දැන් ය. ඇවිල ගත් තණසුල ද හොඳින් වැටහෙන්නේ ය. අත්පත් කර ගත් සුඛය, මීට වඩා හොඳින් පැවැත්වීමට ක්‍රම සෙවීම. මෙහි දී ධාරාව ගැලීමට තුඩු දෙන ක්‍රියාවලිය කාම වස්තූන් සමග ඇවිලී ඇත. එහි ඇවිලීම ක්‍රියාවලියට යොදා ගන්න.
මෙහි භාවිත කායා කොටස සිහි කරන විට කම්මුල් සුඛ ලෙස දැනී, එය ඇස් වලින් ද සුඛ ලෙස දැනේ. භාවිත සීලා කොටස සිහි කරන විට මුහුණින් ආලෝකය විහිදේ. භාවිත චිත්තා කොටස මෙනෙහි කරන විට මුළු මුහුණ ම ශාන්ත සුඛ ස්වභාවයකට පත් වේ. මෙහි පලාසය නැති අතර එය සම්මා සමාධිය වේ. Repair කරන විට එය මතක් වන්නේ, නැවතත් එසේ මුළු මුහුණ ම ශාන්ත සුඛ ස්වභාවයකට පත් වේ. එය ඇති වූ ස්වභාවය සිහි කිරීමෙන් පමණක් ගත හැකි ය. එය නිතර කරන්න එපා යැයි බුදුපියා පැවසුවා.
මෙම භාවනාවෙන් 700ක් පමණ නිවන් දකින්නේ ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.