ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
06/12/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. භාවනාවට පෙර 25/01/2020 නෙක්ඛම්ම භාවනාව හොඳින් බැලුවා. භාවනාව පටන් ගන්නේ බුදුපියවරු සහ දෙවියන්ට කෘතඥතාවය පළ කරනවිට, උඩ සිට බලා ඉන්නාක් මෙන්, ලෝකයන්, බ්‍රහ්ම තල, 8 වන ධ්‍යාන තල පවා පෙනෙන්නට විය. එහි දී 25/01/2020 නෙක්ඛම්ම භාවනාවේ, ව්‍යප්පනා සහ චෙතසො අභිනිරොපනා යන කරුණු දෙක නිසා ඇති වූ සතිය පැවතිණ.
නැවතත් මතක් කරනවා නම්, ව්‍යප්පනා කියලා කියන්නේ මොකක් ද? Mental transfixion කියලා කියනවා. එම කටයුත්ත සඳහා යමක් එකතු කරගත යුතු ද, එහි සිත බැස ගැනීමයි. උදාහරණයක් වශයෙන් සූත්‍ර බලලා තමන්ට හොයා ගත හැකි කොටස්, තම උත්සාහයෙන් එකතු කරගැනීම. දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතු කියලා සොයා ගන්නවා.
චෙතසො අභිනිරොපනා focused awareness, කියන්නේ මොකක් ද? මේ කාරණය සඳහා අවශ්‍ය යම් ධර්ම කොටස් මනා කොට සිහියේ තබා ගන්නවා. දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතු යැයි සතිය ඇති කරගන්නවා. ඕකෙ පෙන්නනවා මේ ඔඩොක්කුව මෙන් සතිය, සිහිය නොවෙන්න ඕනෑ. පෙළක් අය ඔඩොක්කුව, වාඩි වෙලා නැගිට්ටාට පස්සේ, ඔක්කොම ටික වැටිලා. එහෙම නොවෙන්න ඕනෑ.
ඉහත ලෝකයන්, බ්‍රහ්ම තල, 8 වන ධ්‍යාන තල පවා පෙනෙන විට, දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතු යැයි සතිය පැවතිණ. භාවනාවේ භාවිතකායා, භාවිතසීලා කොටස මෙනෙහි කර, ඉන් අනතුරුව භාවිතචිත්තා යන ධර්ම කොටස මෙනෙහි කළා.
භාවිතචිත්තා - සම්මා සංකප්ප මගින් යම් තර්කයක් විතර්කයක් සුභය යන්න උදෙසා පිහිටීමක් වන්නේ ද, මෙය දුක යන තරමට පැවසීමට තරම් සම්මා සංකල්පයේ වචී සංඛාරය ප්‍රබල විය යුතු ය. එහි යම් සංකල්පයක් ඇති ද, එය දුක සංකල්පයේ පිහිටීමට තරම් ප්‍රබල විය යුතු ය. අප්පනා ව්‍යප්පනා යන දහමුන්, මෙම දුක යන අර්ථය ම ඔසවාගෙන පිහිටයි. මෙසේ සම්මා සමාධියට පදනම් වන දහමුන් පිහිටන්නේ ය.
මෙහි දී චෙතසො අභිනිරොපනා focused awareness, සම්මා සංකප්පය සඳහා අවශ්‍ය යම් ධර්ම කොටස් මනා කොට සිහියේ තබා ගන්නවා. දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතු යැයි සතිය ඇති කරගන්නවා යන්න සිහි කරන්නේ, මනස ආලෝකමත්ව විශාලව ඇරුණු ස්වභාවයක් සියලු ලෝකයන් කෙරෙහි පැවතුණ අතර එම මනස කිසිදු දහමක නොපිහිටියේ ය. ටික වෙලාවක් මෙසේ සිටින්නේ, ඔබ මිනිත්තු හතක් මෙසේ සිටින්නේ නම් නිවන් දකින බව බුදුපියා පැවසුවා.
ඒක තමයි භාවනාව.
මේකට තව එක කාරණාවක් එකතු කරනවා නම්,
ආරම්භයේ දී, උඩ සිට බලා ඉන්නාක් මෙන් ලෝකයන්, බ්‍රහ්ම තල, 8 වන ධ්‍යාන තල පවා පෙනෙන අවස්ථාවේ දී, මෙය හතර වන ධ්‍යාන තලය යැයි හඳුනන්නේ එයට උඩින් මම පිහිටීම ද, 8 වන ධ්‍යාන තලය යැයි හඳුනන්නේ, එයට උඩින් මම පිහිටීම ද, සිදු විය. එනමුදු එහි බැස ගැනීමක් නොවිය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 21/12/2024
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
තව කාරණාවක් එකතු කරනවා නම්, වචී සංස්කාරයෝ ධාතු විෂයෙහි යෙදෙන අයුරු තවදුරටත් විමසන්නේ, සම්බෝලය වර්ණනා නොකරන්නේ, අරූප ධ්‍යානවලට යන්නේ, එහි විතක්ක විචාර නැත. නැවත රූප දකින්නේ, සම්බෝල දකින්නේ, එහි කර්මය බැස ගොස් ඇත. මෙසේ වචී සංස්කාරයාගේ නොමැති වීම, වචී සංස්කාරයාගේ නොමැති වීමට පුරුදු පුහුණු වීම මගින් වන ක්‍රියාවලිය, වටහා ගත යුතු ය. බුද්ධ කාලය සමඟ සසඳන්නේ, අද කල ඇති radio, tv, mobile වැනි දේ නිසා ඇසෙන වචී සංස්කාරයන් නිසා වන බාධාව ගැන සිතන්න. එම ශබ්දයෝ අගයන්නේ, වචී සංස්කාරයාගේ නොමැති වීමට පුරුදු පුහුණු වීමක් නොවේ. කර්මයේ බැස යෑමක් නැත. තව ද සූත්‍ර පිටක බලන්නේ යනු, දුක සංකල්පයේ පිහිටීමට ය. Radio, tv, mobile ආදිය මගින් නිතර ඇසෙන දේ සුඛ සංකල්පයේ පිහිටීම සඳහා ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්