ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
12/04/2024 නිබ්බාන භාවනාවේ දී දුන් අනුසය සටහන මෙනෙහි කළා.
ඒකෙ තියෙනවා කබලිංකාර ආහාරයේ ඉඳන් මනොසඤ්චෙතනාවට arrow එකක් ඇඳලා භෝග ඉවත් කර වෝකාරය. පහළ පෙන්නනවා, area 2 අවිද්‍යා අනුසයේ ඉඳන් කාමරාග අනුසයට arrow එකක් ඇඳලා රූප, සියුම් රූප, විශාල ගල මෙන් පස් වෙනි ධ්‍යාන ඉඳන් අට වෙනි ධ්‍යාන, පැවැත් වූ භවයන්, පැවැත්විය හැකි භවයන් කෙරෙහි සකස් වන අනුසය සහ සිත නතර වී ඇති අවස්ථාවකින් ඉවත් වූ පසු එහි කැමැත්ත.
එතකොට පල්ලෙහායින් කාමරාග අනුසයේ ඉඳන් අවිද්‍යා අනුසයට arrow එකක් තියෙනවා. වචී දුෂ්චරිතයේ නොපිහිටන්නේ නම් පිසුණා වාචයක් නැත. එනම් 4.4 දක්වා ඒමක් නැත. තව ද, 3.2 දී විඤ්ඤාණස්ථිතියක් ද නැත. කුමක් නිසා ද? එයට මුසාවාදය බලපායි. එම ධර්මතාවය ඉවත් වන්නේ නම්, 3.2 දී විඤ්ඤාණස්ථිතියක් ඇති නොවේ. මුසාවාදය නොවන්නේ නම්, 3.2 දී විඤ්ඤාණස්ථිතියක් ඇති නොවේ යැයි බුදුපියා පැවසුවා.
මෙසේ සිතන්නේ නම් 3.2 දක්වා හෝ නොයාමට පෙර නැවැත්වීම, සම්මා සංකප්පය මගින් නතර කළ යුතු යැයි වැටහේ. කුමක් නිසා ද? යම් රෝදයක් තල්ලු කළ පසු කැරකැවීම ආරම්භ කළ පසු, අහවල් තැන දී නතර වන්නේ යැයි පැවසීම, අපහසු නිසා ය. එයට කර්මයෝ බලපායි. මෙහි දී A, B, C ලකුණු කළ bell shaped curve එක සිහි විය.
සම්මා සංකප්පය මගින් නතර වන්නේ නම්, B point එක වීමට පෙර නතර කිරීම වටින්නේ ය. කුමක් නිසා ද? කර්ම අගය B point එක වූ පසු අධික වන නිසා ය. පෙර යමක් හොඳ යැයි අනුමත කර ඇත් ද, දැනුත් හොඳ යැයි කියන්නේ, එහි කර්ම අගය වැඩි ය. එසේ නම් A point එකේ දී ම නතර කිරීම, 06/12/2024 නිබ්බාන භාවනාවේ දුන් තෙවන කාරණයේ සඳහන් පරිදි ම, ප්‍රබල ලෙස නැවැත්වීම විය යුතු ම ය. මෙය සඳහා චෙතසො අභිනිරොපනා ලෙස 13/12/2024 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කළ අයුරින් විමසීම වටින්නේ ය. එනම් සතිය ඇත්තේ, දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතු ම ය, යන්න තරමට චතුරාර්ය සත්‍ය අවබෝධය ගැඹුරු විය යුතු ය.
ඒක තමයි මං කරපු භාවනාව.