Date: 27/12/2024 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

20/12/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා.

1) Bell shaped curve එකේ, A point එකේ දී ම නතර කිරීම 06/12/2024 නිබ්බාන භාවනාවේ දුන් තෙවන කාරණයේ සඳහන් පරිදි ම ප්‍රබල ලෙස නැවැත්වීම විය යුතු ම ය, යන ධර්මතාවයට සිත යොමු වුණා.

සම්මා සංකප්ප මගින් යම් තර්කයක් විතර්කයක් සුභය යන්න උදෙසා පිහිටීමක් වන්නේ ද, මෙය දුක යන තරමට පැවසීමට තරම් සම්මා සංකල්පයේ වචී සංඛාරය ප්‍රබල විය යුතු ය. එනම් සම්මා වාචා මගින් මිච්ඡා වාචාව නිසා ඇති වුණ ප්‍රතිඵලය, පළමුව ඉවත් කළ යුතු ය.(*1) ඉන් අනතුරුව මිච්ඡා සංකල්පය ඉවත් කිරීම, දුක යන සංකල්පයේ පිහිටීම මගින් ඇති වේ. මෙය සඳහා උදව් කරන අධිචිත්ත ශික්ෂාවේ කොටස්, අප්පනා ව්‍යප්පනා යන දහම් මගින් සැපයිය යුතු ය. යම් ධ්‍යානයකට බැස ගන්නේ ද, එහි දුක ඇති බව එමගින් පෙන්වා දෙයි, මෙය සම්මා සමාධියට පදනම් වේ.

2) 13/12/2024 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කළ චෙතසො අභිනිරොපනා යන ධර්මතාවයේ දී යොදාගත් සතිය, දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතු ය යන්න මගින් සම්මා විමුක්තිය නොසැල්වී පවත්වයි. මෙයට පෙර සම්මා ඥාන ඇති විය යුතු ම ය. එය කෙසේ ඇති වන්නේ ද?

දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවීම සඳහා යම් දහමක් අධ්‍යයනය කරන ලද්දේ ද, එහි සම්මා ඥානය අඩංගු වේ. කුමක් නිසා ද? දුක්ඛ table එකේ හතර වන පේළිය විමසන්න. අහංකාර සඤ්ඤාව මගේ යැයි ගන්න වටින්නේ ද යන්නෙහි සිට නන්දිරාගය ලකුණු කළ පළවෙනි column එකට එන ධර්මතාවය සිහි කරන්න. එහි රූපයට සුඛ යන මතය පවරා ඇති බව සිහි තබාගත යුතු බව සඳහන් වේ. මෙම සුඛ යන මතය ඉවත් වීම, ඉහත 1 මගින් ඉවත් වන්නේ නම්, එක් අයෙකුට සම්මා ඥාන ඇති වේ, තව අයකු නිරෝධය අගයයි.

මෙහි පළමුවැන්නා, එනම් සම්මා ඥාන ඇති වන්නා කුමක් ප්‍රබල කළේ ද? කුමක් වඩන ලද්දේ ද? ඔහු අත්හැරීම පුරුදු කළේ ය. අත්හැරීම වඩන ලද්දේ ය. එනම් නෙක්ඛම්ම සිත ප්‍රබල ය.

මෙහි දෙවැන්නා, කුමක් නිසා නිරෝධය අගයයි ද? ධර්ම කරුණු මතු වූ වේගය අධික බව නිසා එසේ විය. තවදුරටත් සිතීමට තරම් ඔහු උත්සුක නොවේ, ඒ නිසා ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

මේ සඳහා උදව් කරන අධිචිත්ත ශික්ෂාවේ කොටස් අප්පනා ව්‍යප්පනා යන දහම් මගින් සැපයිය යුතු ය යන්න, තවදුරටත් විමසීම කළා.

1. 25/01/2020 නෙක්ඛම්ම භාවනාවේ පෙන්වනවා, තර්කයක් කියන එක “නිවනට යොමු නොවූ යම් දහමක් තමා කරගෙන පවත්වන්නේ ද එය ඉවත් කිරීමට සිතීම.”

2. අප්පනා කියන එක mental fixity කියලා කියනවා. අප්පනා කියන්නේ කුමක් ද? එම කටයුත්ත සඳහා සිත බැස ගන්නවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හොයාගෙන යන්න සිත බැස ගන්නවා. සූත්‍ර පිටක බැලීමට සිත බැස ගන්නවා. කවුරු හරි කෙනෙක් කීවොත් එහෙම, ඕවායේ යන්න එපා කියලා, එහෙම කිව්වත් ඒ සූත්‍ර පිටක බලනවා. සුතමය ප්‍රඥාව ගැන සිතන්න. මෙතැන් සිට අලෝභ පාර පටන් ගනී.

3. ඊළඟට ව්‍යප්පනා කියලා කියන්නේ මොකක් ද? Mental transcription කියලා කියනවා. එම කටයුත්ත සඳහා යමක් එකතු කරගත යුතු ද, එහි සිත බැස ගැනීමයි. උදාහරණයක් වශයෙන් සූත්‍ර බලලා තමන්ට හොයා ගත හැකි කොටස්, තම උත්සාහයෙන් එකතු කරගැනීම. දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතුයි කියලා සොයා ගන්නවා. චින්තාමය ප්‍රඥාව ගැන සිතන්න. මෙතැන් සිට අදෝස පාර පටන් ගනී.

4. චෙතසො අභිනිරොපනා focused awareness, කියන්නේ මොකක් ද? මේ කාරණය සඳහා අවශ්‍ය යම් ධර්ම කොටස් මනා කොට සිහියේ තබා ගන්නවා. දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතු යැයි සතිය ඇති කරගන්නවා. ඕකෙ පෙන්නනවා, මේ ඔඩොක්කුව මෙන් සතිය, සිහිය, නොවෙන්න ඕනෑ. පෙළක් අය ඔඩොක්කුව, වාඩි වෙලා නැගිට්ටාට පස්සේ, ඔක්කොම ටික වැටිලා. එහෙම නොවෙන්න ඕනෑ. භාවනාමය ප්‍රඥාව ගැන සිතන්න. මෙතැන් සිට අමෝහ පාර පටන් ගනී. මෙය අමෝහය අර්ථ දැක්වීම සමඟ සසඳා බලන්නේ වැටහේ. “නිබ්බානං රතනංති කරිත්වා අච්ඡරියභාවෙන අතුලං.”

මෙම භාවනාව කරන්නේ මුහුණේ ඇස් දෙක ඇතුළුව මුළු මාංශ පේශි සියල්ල ආලෝකමත්ව ප්‍රභාස්වරව දැනේ. එම ආලෝකය අකනිට්ඨවාසී බ්‍රහ්මයන්ට පෙනෙන බව බුදුපියා පැවසුවා.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 04/01/2025

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) මෙතෙන්ට පොඩ්ඩක් එකතු කරනවා නම්, පෙර අල බැදුමක් කෑමෙන් පසුව හොඳ යැයි සුඛ යැයි පවසා ඇත්තේ, දැන් ඒ ගැන ලැජ්ජා විය යුතු ය. හිරි ඕතප් දෙක ඇති විය යුතු ය.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-07.jpg