Date: 03/01/2025 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

19/04/2024 නිබ්බාන භාවනාවේ දී, අත්තා 1 සහ 2 එකතු වීම නිසා, මාන වී මිච්ඡා දිට්ඨිය ඇති වේ. එකතු වී පවතී යැයි සිතයි, යනුවෙන් සාකච්ඡා කළා. එතෙන්දි දීපු diagram එක යොදා ගන්න.

MM_04_03_2022.jpg

විඤ්ඤාණ අධිමොක්ඛ 4.4 සිට 5.4 බව අපි දනිමු. මෙහි දී අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව වීම සඳහා 4.4 දී ඇති වුණු බලපෑම ප්‍රමාණවත් යැයි බුදුපියා පැවසූ ධර්මතාවයට සිත යොමු වුණා. යමෙක් 27/12/2024 නිබ්බාන භාවනාවේ සඳහන් අයුරින් bell shaped curve එකේ, A point එකේ දී ම නවතා ගැනීමට තරම් දක්ෂ නොවුවහොත්, අඩු තරමින් B point එකේ දී නවතා ගැනීමට තරම් ධර්මයෝ පෝෂිත වී සිටිය යුතු ය. එනම් ගැඹුරු (profound) ධර්මයක් අත්තා 1 ඇති වන විගසින් මතු විය යුතු ය. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූපයක් හටගන්නේ ද, එය අත්තා 2 දක්වා ගොස් අත්තා 1 සහ 2 එකතු වීමට පෙර නැවතීමට සූදානම් විය යුතු ය. මෙය කුමක් ද?

දස කුසලය බව කිව යුතු ම ය. එහි අභිජ්ඣා යන දහම නොවීමට තරම් ප්‍රඥාව අධික විය යුතු ම ය. එය වඩා ගන්නේ කෙසේ ද? එයට අබ්‍යග්ග නිමිත්ත වඩා දියුණු කර තිබිය යුතු ය. සාරිය උදාහරණය විමසන්නේ, මෙම වර්ණ, මෙවැනි මල් ආදී වශයෙන් සිතේ ඇති නමුත් breeding ground එකකට නොයෑම සඳහා එවැනි වර්ණ එවැනි මල් නිසා ඇති වූ විපාකයන් මතු වන පරිදි, කර්මය නිරුද්ධ වන පරිදි, අබ්‍යග්ග නිමිත්ත (the sign of non dispersal) පෝෂණය වී තිබිය යුතු ය. මේ සඳහා 17/02/2023 ආහාර සුත්ත උපේක්ඛා භාවනාවේ දී භාවිතා කළ, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩා ප්‍රගුණ කර තිබිය යුතු ය.

ඒක තමයි භාවනාව.

මේකට තව කාරණා එකතු කරනවා නම්,

1. දස කුසලය විමසන්නේ රවුම දෙක වනවිට පාණාතිපාතය කෙරී ඇත. කුමන ආකාරයකට ද? මනෝමය කායේ මරණයට තුඩු දුන් දේ සිදු වී ඇත. එය කර්ම විපාකයක් ලෙස සිදු වන අවස්ථා ඇත. අදත්තාදානය ද එසේ ය. විපාක වශයෙන් එය සිදු වන අවස්ථාවක් යොදා ගන්න. කෑමට කිසිවක් නැති අයෙකු, පාර අයිනේ ඇති තමාට අයත් නොවූ ගසක් මුල වැටී ඇති අඹ ගෙඩියක් අහුලා ගත්තාක් මෙන් සිතන්න.

2. යම් මනෝමය කායක් හටගත්තේ ද, එහි සමුදය ධර්මය දකී. යම් බාහිර කායක් වේ ද, එහි සමුදය ධර්මය දකී. පවිචිනති. අභ්‍යන්තර බාහිර දෙකේ ම සමුදය අස්තංගමය විමසයි. පවිචරති. සමුදය අස්තංගමය දැන එහි යම් නිරෝධයක් කැමති වේ ද, එය පරිවිමංසමාපජ්ජති යන ධර්මතාවයට ඇතුළත් වේ.

පවිචිනති. මෙහි දී කර්ම විපාක වශයෙන් සමුදය ධර්මය දකී. පෙර යමක් කළ නිසා, මව් කුසකට අකමැත්තෙන් හෝ බැස ගැනීමට වීම සිතන්න. එය කැමැත්තෙන් මව් කුසකට බැස ගත්තා නොවේ. එහි ඇදී යාමකි.(*1)

3. මෙම භාවනාව කරන්නේ, 1, 2, 3 සතිය සිහි කරනවිට ම ශාන්ත සුවිමුක්ත චිත්තය ඇති විය. පෙර භාවනා වඩා ඇත්තේ (*2) එහි කර්ම විපාක වශයෙන්, එසේ සිදු වන බව බුදුපියා පැවසුවා.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 18/01/2025

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඉතින් අපි ඔතන දන්නවා ඔය දස අකුසලයෙන් ඒ කර්ම විපාකය වෙනවයි කියන එක. සම්මා දිට්ඨි සූත්‍රයේ එහෙම පෙන්නනවා.

(*2) ඒ කියන්නේ උදාහරණ වශයෙන් 27/12/2024 නිබ්බාන භාවනාව.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

තව කාරණාවක් එකතු කරන්න පුළුවන්, 27/12/2024 නිබ්බාන භාවනාවේ දී ඵල චිත්තය පැවැත්වීම මගින් A point එකේ දී නැවතීම විමසා ඇත. 03/01/2025 නිබ්බාන භාවනාවේ දී අබ්‍යග්ග නිමිත්ත the sign of non dispersal භාවිතා කරයි. මෙයට උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩා ප්‍රගුණ කර තිබිය යුතුය. මෙය අත්තා 1 ඇති වෙනවිට ඵල චිත්තයට එළැඹවීම ය. මෙය සීලය හා සම්බන්ධ ය. සිල්වත් වූ පුද්ගලයෙකු සීලය නැතිකමේ විපාක වශයෙන් කර්ම විපාක වශයෙන් සමුදය ධර්මය දකියි. ඒ කියන්නේ මව් කුසට ඇදී යාම. දකිනවිට පෙර වඩන ලද උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය භාවිතා කර අබ්‍යග්ග නිමිත්තේ පිහිටීම.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_DrivingForce2_at5_4.jpg