ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
20/12/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. අනුසය සටහන මෙනෙහි කළා. 25/01/2020 නෙක්ඛම්ම භාවනාවේ ඉගෙනගත් කරුණු කෙටියෙන් මතක් කරගත්තා.
1 තර්කය කුමක් ද? නිවනට යොමු නොවූ යම් දහමක් තමා කර පවත්වන්නේ ද, එය ඉවත් කිරීමට සිතීම. උදාහරණයක් වශයෙන් ගත්තොත්, යම්කිසි සමාපත්ති ධර්මයකට ඇලී ඇති අයකු, එය ඉවත් කිරීමට සිතනවා.
2 ඊළඟට මේකේ විතක්කය මොකක් ද? එම දහම ඉවත් කිරීමට කළ යුතු යම් දෙයක් වේ ද, ඒ ගැන සිතනවා. උදාහරණයක් වශයෙන්, සමාපත්තියට ඇලීම් නොකිරීමට සිතනවා.
3 ඊළඟට මේකේ සංකල්පය කුමක් ද? සූත්‍ර පිටක බලන්න ඕනෑ කියලා හිතනවා. එනම් දුක යන සංකල්පයෙහි පිහිටිය යුතු ය, කියලා හිතනවා. සූත්‍ර පිටක බලන්නේ යනු දුක සංකල්පයේ පිහිටීමට ය. Radio, tv, mobile ආදිය මගින් නිතර ඇසෙන දේ සුඛ සංකල්පයේ පිහිටීම සඳහා ය.
4 අප්පනා කියන්නේ කුමක් ද? එම කටයුත්ත සඳහා සිත බැස ගන්නවා. සූත්‍ර පිටක බැලීමට සිත බැස ගන්නවා.
5 ඊළඟට ව්‍යප්පනා කියලා කියන්නේ කුමක් ද? දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතුයි කියලා සොයා ගන්නවා.
6 චෙතසො අභිනිරොපනා කියන්නේ මොකක් ද? දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතු යැයි සතිය ඇති කරගන්නවා.
7 ඊළඟට මේකේ වචී සංඛාරය, මේකෙන් අදහස් වන්නේ, ඇත්ත තමයි තථාගතයන් වහන්සේ පැවසුවේ. තණ්හාව නිසයි දුක ඇති වෙන්නේ කියලා අත්දැකීම. මෙය මනා කොට විමසන්නේ, අසම්පජානය ඇති තැන, සුඛ නොව දුක බව හොඳින් වටහා ගන්නේ, නිර්වාණය සාක්ෂාත් කරනවා.
මෙම සත් ධර්මයෝ ඉහත අනුසය සටහනෙහි ලකුණු කළ හැකි ය.
එතකොට ඒකෙ තර්කය කියන එක, මනොසඤ්‌චෙතනාට උඩින් ලකුණු කරනවා, තර්කය සමාපත්ති ධර්මයකට ඇලීම ඉවත් කිරීමට සිතනවා.
ඊළගට වෝකාරයට දකුණු පැත්තෙන් ලියාගන්නවා විතක්කය. සමාපත්තියට ඇලීම් නොකිරීමට සිතනවා. ඒකෙ උඩ ම වරහනක් ඇතුළේ දාගන්න පුළුවන්, ප්‍රතිඵලයට නොඇලීමට සිතීම.
ඊළගට විතක්කයෙන් පල්ලෙහාට arrow එකක් දාලා ලකුණු කරගන්නවා අප්පනා. සිත බැස ගන්නවා. ඒකෙ පල්ලෙහායින්, වරහනක් ඇතුළේ විරිය කියලා ලියාගන්න පුළුවන්.
ඊළගට කාමරාග අනුසයට උඩින් සංකල්පය. දුක යන සංකල්පයේ පිහිටිය යුතු ය කියලා හිතනවා. ඒකට උඩින් වරහනක් ඇතුළේ චතුරාර්ය සත්‍යය ඉදංසච්චය ළඟ තබන්න කියලා ලියාගන්නවා.
ඊළගට කාමරාග අනුසයට පල්ලෙහායින් අප්පනා. දුක සංකල්පයේ සිත බැස ගන්නවා. වරහනක් ඇතුළේ ආපහු විරිය කියලා ලියාගන්නවා.
එතනින් පොඩි arrow එකක් වම් පැත්තට දාලා ව්‍යප්පනා කියලා ලියනවා. දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතු ය, කියලා සොයා ගන්නවා. එනම් සොයා ගත් දෙය තුළ බැස ගැනීම ය.
ඒකට පල්ලෙහායින් වරහනක් ඇතුළේ ලියාගන්නවා ඡන්දය. සොයා ගත් දේ තුළ බැස ගැනීම ය.
ඊළඟට වම් පැත්තේ අවිද්‍යා අනුසයට පල්ලෙහායින් චෙතසො අභිනිරොපනා. දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතු යැයි සතිය ඇති කරගන්නවා. ඒකට පල්ලෙහායින් වරහනක් ඇතුළේ සතිය කියලා ලියාගන්නවා.
Area 2 වලට උඩින් වචී සංඛාරය, චතුරාර්ය සත්‍යය අවබෝධය. වරහනක් ඇතුළේ ලියාගන්නවා විමංසාව කියලා.
මෙසේ සම්මා සංකල්පයේ පිහිටන්නේ නිර්වාණය සාක්ෂාත් කළ හැකි ය.
ඒක තමයි භාවනාව.
මේකට පොඩ්ඩක් එකතු කරනවා නම්,
මෙම භාවනාව කරන්නේ තර්කය, අප්පනා, සංකල්පය, යන දකුණු පැත්තේ ලකුණු කරන ලද දහම් මෙනෙහි කරනවිට, ප්‍රඥා ඉන්ද්‍රිය හොඳින් ශාන්තව දැනෙන අතර, වම් පැත්තේ දහමුන් සිහි කරනවිට, සති ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය සමඟ, ඒකාබද්ධ වී දැනේ.
දෙවන දින මෙම භාවනාව කරන්නේ සම්මා සංකල්පය ඉතා හොඳින් පිහිටන අතර, මුල දී මුහුණේ ඇස් දෙක ඇතුළුව, මුළු මාංශ පේශි සියල්ල ආලෝකමත්ව ප්‍රභාස්වරව දැනෙන අතර, අවසානයේ නිරෝධය ඇති වේ.
මෙම භාවනාව දීම ගැන අකනිට්ඨ මණ්ඩලයට කෘතඥතාවය පළ කිරීමට වචන නැත.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.