ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
20/12/2024 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි චෙතසො අභිනිරොපනා, දුක්ඛ table එකේ පළවෙනි column එක නොවිය යුතු යැයි සතිය ඇති කරගන්නවා, යන ධර්ම කොටස විමසීමේ දී, සම්බෝලයක් කෑමෙන් පසුව වර්ණනා කරන්නේ, එහි කර්මය පසුව බලපාන්නාක් මෙන්, මැරී ඉපදීමට නොවටින්නේ යන්න මෙනෙහි කරනවිට, පෙර භවවල මැරී ඉපදීම කර ඇත්තේ, එය වර්ණනා කර ඇත්තේ, එය කර්ම වශයෙන් බලපාන බව සිහියේ තබාගත යුතු ය. මෙහි වර්ණනා කර ඇත්තේ තම ශරීරය ජරාවට පත් වී ඇති පුද්ගලයා අලුතෙන් ලැබෙන ළදරු ආකාරයේ මෘදු ශරීරයයි, new baby type soft body. එහි ආදීනවය මතු කර පෙන්වන ප්‍රමාණයට විමංසාව තිබිය යුතු ම ය. සමහර අයට මෙහි දී ස්ත්‍රී යෝනිය පෙනෙන අවස්ථා ද ඇති බව සිහියේ තබා ගන්න.
14/07/2015 නිබ්බාන භාවනාවේ දුන් සටහන සමඟ විමසන්නේ, මෙය හොඳින් වැටහේ.
එනම් 1, 2, 3 සහ 4 යන පථය විමසන්න. සෝකය නිසා ඇති වූ යම් දහමක් වී ද, එය ඡන්ද අගතිය දක්වා ගමන් කිරීම මගින් නන්දිය කියන එක ඇති වෙනවා. තව ද මේ වනවිට, A point එකේ දී ම නතර කිරීම විමසා ඇත්තේ, එනම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර සහ සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වන පළවන රවුම යන්න විමසන්නේ, මෙහි සංස්කාර නොකිරීමට නම්, area 2 සිට area 6 දක්වා නොපැමිණ තිබිය යුතු ය. මෙය අනුසය සටහන සමඟ විමසන්න.
Area 6 වලට ගියොත් පමණක් සංස්කාර කරන බව මනා ප්‍රඥාවෙන් දැන වළකාලිය යුතු දහමකි. එය ද දුක්ඛ table එකේ දහම මගින් සපයා දෙනු ලබයි. කෙසේ ද?
දුක්ඛ table එකේ slide 2 විමසන්න.(*1)
එහි ධාතු නිසා සංස්කාරවලට ඇලීම සහ එසේ ඇති වන්නා වූ සංස්කාර නිසා ධාතු වරදවා වටහා ගැනීම ඉගෙනගෙන ඇත. මෙසේ දැන, කිසිම ධාතුවක් කෙරෙහි සිත සමාදන් නොවීම සම්මා සංකල්පය මගින් කරනු ලබයි.
එහි 10/01/2025 නිබ්බාන භාවනාවේ සඳහන් ප්‍රමාණයට සම්මා සංකල්පය පෝෂණය වී තිබිය යුතු ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ 14/07/2015 නිබ්බාන භාවනාවේ දුන් සටහනේ, 1, 2, 3 පථය මෙනෙහි කර ධම්මමච්ඡරිය ඉවත් කිරීම, 10/01/2025 නිබ්බාන භාවනාවේ තර්කය, යන ධර්ම කොටස සමඟ විමසනවිට දැනෙන්නා වූ ආලෝක ස්වභාවය මත, තව ආලෝක ස්වභාවයක් පතිත වන්නාක් මෙන් වෙනසක් දැනිණ. එය පළමුව චෙතො විමුක්ති මත ප්‍රඥා විමුක්තිය පතිත වීමත්, දෙවනුව විතක්කය, සමාපත්තිය ඉවත් කිරීමට සිතනවිට, ප්‍රඥා විමුක්තිය මත චෙතො විමුක්තිය පතිත වීමත් යන දෙයාකාර දහම් සිදු වීම නිසා ය. එම ආලෝකයන්ගේ වෙනස්කම් ඇති නමුදු එහි discrimination නැත.(*2)
2. අලුතින් ලැබෙන ළදරු ආකාරයේ මෘදු ශරීරය, මෙය භවරාග අනුසය සමඟ සම්බන්ධ ය.
3. Area 6 වලට ගියොත් සංස්කාර සිදු කරයි. Area 2 වලින් area 6 වලට යෑම, කැමැත්ත, අනුසය දහම් මගිනි.
අපි පාණාතිපාත වැනි සංස්කාර කරනවිට area 6 වල ඉන්නවා යැයි ගැනීම නුසුදුසු ය. එනම් යම් චිත්ත සංස්කාරයක් කරන්නේ, එහි වේදනා අගයෝ අඩංගු ම ය. එසේ නම් නාමරූප ප්‍රදේශය විමසිය යුතු ය. එය සඳහා යම් තුඩු දීමක්, බලපෑමක්, area 6 වලින් වන බව පමණක් සිහි කළ යුතු ය. මෙය layers (තට්ටුව, ස්තරය) වශයෙන් සිතන්නේ හොඳින් වැටහේ.
අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන චිත්ත සංස්කාරයෝ වචී සංස්කාරයන් මගින් පෝෂණය කරනු ලබයි. මෙයට කාය සංස්කාරයෝ එකතු වන්නේ නම්, එය තව layer එකකින් වැසුවාක් මෙනි. මෙසේ බලපෑම වැඩි වේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 22/02/2025
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඒකෙ එක පැත්තක සංස්කාර තියෙනවා, අනිත් පැත්තේ ධාතු කියන එක තියෙනවා.
(*2) ඉතින් මේකට චුට්ටක් එකතු කරනවා නම්, ඔය තර්කය ඒකෙ මච්ඡරිය අතහරින්නේ චෙතො විමුක්ති. මෙය අතහැරීම මගින් සමාපත්තිය අතහැරේ යැයි ප්‍රඥා විමුක්තිය. විතක්කයේ දී සමාපත්තිය අතහරින්නේ ප්‍රඥා විමුක්තිය, මච්ඡරිය ඉවත් කිරීම නිසා වන චෙතො විමුක්ති ඒ මත පතිත වේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්