ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
17/01/2025 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් මැරී ඉපදීමට නොවටින්නේ යන්න මෙනෙහි කරනවිට, පෙර භවවල මැරී ඉපදීම කර ඇත්තේ, එය වර්ණනා කර ඇත්තේ, එය කර්ම වශයෙන් බලපාන බව සිහියේ තබාගත යුතු ය. එහි ආදීනවය මතුකර පෙන්වන ප්‍රමාණයට විමංසාව තිබිය යුතු ම ය, යන්න සිහි කළා.
14/07/2015 නිබ්බාන භාවනාවේ දුන් සටහන සමඟ විමසන්නේ 1, 2 දක්වා පැමිණ ඇති නම්, නන්දිය ඇති වී, 50% පාරට පැමිණීම සිදු වේ. 50% පාරට පැමිණීම වන්නේ නම්, එය විඤ්ඤාණ පච්චයා නාමරූප වීමට තුඩු දෙන ප්‍රධාන කාරණය වන්නේ ය.
ඉහත සෝකය නිසා ඇති වූ පථය ඇති වන්නේ නම්, 7.6 සිට 8.2 දක්වා යෑමක් නවතා ගත නොහැක. සංස්කාර අධිමොක්ඛ වීම වළකා ගත නොහැක. මෙපමණට දැන සෝකය නිසා ඇති වූ පථය නොවීමට තරම් විමංසාව ප්‍රබල වන්නේ නම් පමණක් සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ නොවීම, එනම් A point එකේ දී ම නතර කිරීම කළ හැකි ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. භාවනාව ආරම්භයේ දී ම, සෝක නොවිය යුතු යැයි සිත ඇතිව, තථාගතයන් වහන්සේට කෘතගුණ සලකන්නේ, සිතේ විශාල වීමක් තිබිණ. මණ්ඩලාධිපති බුදුපියා සිහි කරන්නේ විශාලව පෙනීම විය. මෙසේ ම ධම්මාධිපතිවිනයාධිපති බුදුපියා ද, ධම්මාධිපති බුදුපියා ද, විනයාධිපති බුදුපියා ද, ධම්මරතන බුදුපියා ද, සිහි කරනවිට විශාලව පෙනිණ.
එසේ ම නාථ දෙවියන්ගේ සිට කමලාසන දෙවියන් දක්වා ම සිහි කරන්නේ, එම දෙවි දේව මාතාවන් බ්‍රහ්ම මාතාවන් විශාලව පෙනිණ. මෙය මම එම ශරීර මෙහි සිට දැකීම නිසා සිදු විය. පරිස්සම් වන්න යැයි බුදුපියා පැවසුවා.
2. භාවනාව අතරතුර උගුර හැකිළීමක් වන්නේ මෙයට සෝක නොවිය යුතු ය, යන්න සිතන්නේ සෝක නොවීමේ වටිනාකම මනා කොට වැටහිණ. එනම් ගැටීමකින් තොරව මනස පැවතිණ. එසේ ම repair කරන්නේ, ශරීරය ජරාවට ව්‍යාධියට පත්ව ඇති යැයි සෝක නොවිය. මෙහි ජරාවට ව්‍යාධියට පත් වූවක්, repair කිරීමට උත්සාහ කරන්නේ, කර්ම සහිත කනස්සලු සහිත සිතකින් තොරව, repair කිරීම සිදු විය. “අතීතං නානුසොචති” යන අර්ථය. තථාගතයන් වහන්සේ පවසන “සොකපරිද්දවානං සමතික්කමාය” යන්න, මුල සිට සිතේ පැවතිණ.
3. 14/07/2015 නිබ්බාන භාවනාවේ දී සඤ්ඤා මනසිකාරයෝ ඔහු වෙත එළඹී, මනසේ සැරිසරයි (assail the mind). සෝකය හරහා සුඛය යන මතය, රූපයට එකතු කරන ලදී. නිශ්චය කරන ලදී. මෙසේ වේදනාවෝ නිසා ස්පර්ශය සිදු වේවි, යනුවෙන් විමසා ඇත. එසේ නම් සෝක නොකළ යුතු ය. මේ සඳහා ව්‍යප්පනා යන දහම හොඳින් පැවතිය යුතු ය. එපමණට ඡන්ද ඉද්ධිපාදය ප්‍රබල විය යුතු ය. 10/01/2025 නිබ්බාන භාවනාවේ දුන් diagram එකේ, ඡන්දය සතිය විමංසාව යන පථය බලන්න. මෙසේ නිර්වාණය අගයන තරමට, විමංසාව වන බව වැටහෙන්නේ, පරිවිමංසමාපජ්ජති හාත්පසින් විමසීමට පැමිණේ, යන්නෙහි අර්ථය ද හොඳින් වැටහේ. එනම් නිර්වාණය සමඟ සසඳා බලා, අන් සියල්ලෙහි නිරෝධය කැමති වීම ය. මෙම ධර්මතාවය උදාහරණ සහිතව මෙනෙහි කළ යුතු ය. එනම් රාගයෙන් තෙත් වූ අයෙකුට රාග සිතුවිලි ගොඩනැගෙන්නේ යම් සේ ද, chocolate වැනි රස ආහාරයක් ගැනීමට සිතේ ඇති වන බලපෑම යම් සේ ද, එසේ සෝකය හරහා සුඛය යන මතය රූපයට එකතු කරන අවස්ථා විමසා බලා, මැරී ඉපදීමට නොවටින්නේ යන්න මෙනෙහි කරනවිට, සිත නතර වීම සිදු වේ.
4. අපි මනෝමය කායෙන් සැරිසරන්නේ ද සෝකය නිසා බව බුදුපියා පැවසුවා.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 22/02/2025
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
තව කාරණාවක් එකතු කරන්න පුළුවන්.
5. මෙම භාවනාව, තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා ව්‍යප්පනා චෙතසො අභිනිරොපනා දක්වා බලා, චෙතසො අභිනිරොපනා යන ධර්මතාවය ලකුණු කර ඇති සිත පිහිටුවා කළ යුතුය. එහිදී චෙතසො අභිනිරොපනාවලින් ජාති වේදනා පථය සෝක සටහනේ ඉතුරු කොටස සමඟ සම්බන්ධ කර සිතන්නේ නම්, සෝකයෙන් ගැලවීම කළ හැකි ය. තව ද රහතන් වහන්සේ කිව්වා, මවගෙන් ලැබුණු ආදරය විමසනවිට කරුණාව ස්පර්ශ වෙච්ච එකක් අරගෙන, ඊට පස්සේ මම මෙන්න මේක හොයනවා නේ ද කියන එක විමසන්න කියලා.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්