Date: 31/01/2025 Name: නිබ්බාන

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

24/01/2025 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී සෝකය නිසා ඇති වූ පථය ඇති වන්නේ නම්, 7.6 සිට 8.2 දක්වා යෑමක් නවතා ගත නොහැක. සංස්කාර අධිමොක්ඛ වීම වළකා ගත නොහැක. මෙපමණට දැන සෝකය නිසා ඇති වූ පථය නොවීමට තරම් විමංසාව ප්‍රබල වන්නේ නම් පමණක් සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ නොවීම, එනම් A point එකේ දී ම නතර කිරීම කළ හැකි ය, යනුවෙන් ඉගෙන ගත්තා.

මෙම භාවනාවේ දී සෝකය ළඟ භව ආශ්‍රවය ලකුණු කර විමසීම කළා. මෙහි දී 14/04/2015 චත්තාරො ඉද්ධිපාදා (සතර ඉද්ධිපාද) භාවනාවේ ඉගෙන ගත් සටහනට සිත යොමු විය.

MM_14_04_2015.jpg

යම් ඡන්ද ඉද්ධිපාදයක් වේ ද, එමගින් සංස්කාර ඉවත් කිරීම ද සෝක නොවීම ද යන දෙයාකාර ධර්මයෝ අඩංගු බව බුදුපියා පැවසුවා. එය එසේ ය. යම් සංස්කාරයක් ඉවතලන්නේ ද රැකියා ව්‍යාපාර අතහරින්නේ නම්, සංස්කාර නිසා ම වන සෝක ධර්මයෝ බැස යයි. සංස්කාර නිසා යම් වරදවා වටහා ගැනීමක් වූවා ද, කුකුල් පට්ටිය දමා ගෙන ඇති වූ වරදවා වටහා ගැනීමක් වූවා ද, එම ධර්මයෝ බැස යයි. තව ද කුකුල් පට්ටියේ උදාහරණය විමසන්නේ, ඒ නිසා ඇති වූ මාන අගයෝ ද බැස යයි.

යම් චිත්ත ඉද්ධිපාදයක් වේ ද එමගින් සංස්කාරවල ගැම්ම ඉවත් කරන බව අපි දනිමු. තව ද යම් සුඛ යන සංකල්පයක් ඇති ද එය සංස්කාර මගින් ඇති නොවන බව පෙන්වාදීම එහි අඩංගු ය. එය එසේ ය. සංකල්පය තුළ දුක ඇති බව පෙන්වාදීම 10/01/2025 නිබ්බාන භාවනාවේ දී විමසා බලා ඇත. එහි සංකල්පය විමසන්න. චතුරාර්ය සත්‍යය එහි අඩංගු ය. මෙය සඳහා විරිය ධර්මයෝ උපකාර වූ බව අපි දනිමු. එහි සූත්‍ර පිටක බැලීමට සිත බැස ගන්නවා යනුවෙන් අප්පනා ධර්මය විමසීමේ දී යොදා ගත් ධර්මතාවය යොදා ගන්න. එම විරිය හොඳින් පවතින්නේ නම් පමණක්, පරිදේවයේ සිට සෝක දක්වා නොයන බව බුදුපියා පැවසුවා. එපමණට චතුරාර්ය සත්‍යයෙන් පෝෂිත වී තිබිය යුතු ම ය. ඉතිරිව ඇත්තේ මාන පාරේ රූප අගයෝ ය. එය භය අගති සිට සෝකය දක්වා ලකුණු කරගත හැකි ය. මෙය භව ආශ්‍රවය සමඟ සම්බන්ධ ය. භව ආශ්‍රවය සෝකය ළඟ ලකුණු කරන බව අපි දනිමු. යම් සංස්කාරයක් පෙර කළා ද, එමගින් ඇති වූ මාන අගයෝ ගැලීම, නැවතීම විය යුතු ම ය. මෙයට විමංසාව කෙසේ උදව් උපකාර කරයි ද? යම් පටිච්චසමුප්පන්න දහමක වැටහීමක් ඇති ද, එය මගින් සෑම සංස්කාරයක් මගින් ඇති වන්නේ දුක බව පෙන්වා දෙනු ලබයි. එනම් සංස්කාර ප්‍රත්‍යයෙන් ඇති වන විඤ්ඤාණය, දුක බව පෙන්වා දෙනු ලබයි.

ඒක තමයි භාවනාව.

මේකට ටිකක් එකතු කරනවා නම්,

මෙම භාවනාව කරන්නේ මනස ඉතා විසාල වන අතර ඉද්ධිපාද හතර ම මනා කොට පවතී. එහි වෙනසක් සොයා ගත නොහැකි ලෙස මුහුණේ ද හිසේ ද සියලු කොටස් එක ම ආකාරයකට දැනේ. මනෝමය කායේ ඇස දැකීම, පොළොවේ සිටින කූඹි වැනි කුඩා සතුන් දැකීම, නිරෝධයට යෑම ද වුවත්, එම කිසිවක් නිසා වෙනසක් සොයා ගත නොහැකි තත්වයෙන් මනස පැවතිණ. එහි එකදු දහමක්වත් ඇගයීමක් නොවේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.