Date: 07/02/2025 Name: නිබ්බාන

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

31/01/2025 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. 14/07/2015 නිබ්බාන භාවනාවේ දුන් සටහන සමග සෝකය හරහා ඇති වන 1, 2, 3, 4 පථය සිහි කළා.

MM_14_07_2015.jpg

අද භාවනාවේ දී සෝකය නිසා ඇති වූ පථය නොවීමට තරම් විමංසාව ප්‍රබල වන්නේ නම් පමණක්, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ නොවීම, එනම් A point එකේ දී ම නතර කිරීම කළ හැකි ය, යන ධර්මතාවය තවදුරටත් විමසා බැලුවා.

14/04/2015 චත්තාරො ඉද්ධිපාදා (සතර ඉද්ධිපාද) භාවනාවේ ඉගෙන ගත් සටහන භාවිතා කරන්න.

MM_14_04_2015.jpg

එතකොට ඒකෙ තියෙනවා, ඔය භය අගතියේ ඉඳන් පරාමාසයට චිත්ත ඉද්ධිපාදය මගින් කැපීම. ඊළඟට පරාමාසයේ ඉඳන් සෝකයට ඡන්ද ඉද්ධිපාදය මගින් කැපීම. පරිදේවයේ ඉඳන් සෝකයට විරිය සමාධිය මගින් කැපීම. භය අගතියේ ඉඳන් සෝකයට විමංසා ඉද්ධිපාදය මගින් කැපීම.

යම් ඡන්ද ඉද්ධිපාදයක් වේ ද, එමගින් සංස්කාර ඉවත් කිරීම ද, සෝක නොවීම ද යන දෙයාකාර ධර්මයෝ අඩංගු බව බුදුපියා පැවසු බව සිහි විය. මෙය මගින් area 2 වල දුක ඇති බව පෙන්වා දෙයි. මෙය පසුව බලමු.

යම් චිත්ත ඉද්ධිපාදයක් වේ ද, එමගින් සංස්කාරවල ගැම්ම ඉවත් කරන බව අපි දනිමු. තව ද යම් සුඛ යන සංකල්පයක් ඇති ද එය සංස්කාර මගින් ඇති නොවන බව පෙන්වා දීම එහි අඩංගු ය. එය එසේ ය. මුසාවාද, පරුෂා වාච වැනි වචී සංඛාරයන් ඉවත් වන්නේ එයින් ඇති වන චිත්ත සමාධිය මගින් සුඛ ය. සංස්කාර වලින් එය නැත. මෙය තමා විසින් අත්දැකීම මගින් දැනගනී. එම දැනගැනීමට ඡන්ද සමාධිය මගින් සංස්කාර ඉවතලීම උදව් උපකාර කළේ ය. මෙසේ area 6 වල දුක ඇති බව වටහා ගනී.

සංකල්පය තුළ දුක ඇති බව පෙන්වා දීම, 10/01/2025 නිබ්බාන භාවනාවේ දී විමසා බලා ඇත. එහි සංකල්පය විමසන්න. චතුරාර්ය සත්‍යය එහි අඩංගු ය. මෙහි බලපෑම ස්පර්ශය දක්වා ගමන් කරයි. මෙසේ area 1 වල, දුක ඇති බව වටහා ගනී. මෙය සඳහා විරිය ධර්මයෝ උපකාර වූ බව අපි දනිමු. එහි සූත්‍ර පිටක බැලීමට සිත බැස ගන්නවා යනුවෙන් අප්පනා ධර්මය විමසීමේ දී යොදා ගත් ධර්මතාවය යොදා ගන්න. විරිය මගින් රූප, tv වැනි දේ භාවිතා නොකළ යුතු බවත්, සූත්‍ර පිටක භාවිතා කළ යුතු බවත්, පෙන්වා දෙයි. කුමක් නිසා ද? ඡන්දය මගින් එය සඳහා පදනම සකස් කර දී ඇති නිසා ය.

මෙසේ නැවතත් area 1 සහ area 6 යන දෙකෙළවර වන pedal දෙක මගින් ම දුක ඇති බව වටහා ගන්නේ, එහි ක්‍රියාකාරිත්වය නවතී. එම විරිය හොඳින් පවතින්නේ නම් පමණක්, පරිදේවයේ සිට සෝක දක්වා නොයන බව බුදුපියා පැවසුව දහම සිහි විය. ප්‍රදේශයන් දුක වශයෙන් දැන ක්‍රියාවලියන් නොකළ යුතුයි. මෙහි area 1 area 6 යන්න, මෙතන, බ්‍රහ්ම ලෝක, මෙතන, USA ආදි වශයෙන් සිතිය හැකි ය. එපමණට චතුරාර්ය සත්‍යයෙන් පෝෂිත වී තිබිය යුතු ම ය.

Area 2 වල, දුක ඇති බව, ඡන්ද ඉද්ධිපාදය මගින් පෙන්වා දෙනු ලබයි. එය දිර දිරා යන රූපයට පුන පුනා ඇඟිල්ල දිගු කර පෙන්නා දෙන්නාක් මෙන්, පෙර සාකච්ඡා කර ඇත. මෙසේ area 6, area 1 සහ area 2 යන ප්‍රදේශවල දුක ඇති බව වැටහේ. ඉතිරිව ඇත්තේ මාන පාරේ රූප අගයෝ ය. එය භය අගති සිට සෝකය දක්වා ලකුණු කරගත හැකි ය. මෙය භව ආශ්‍රවය සමඟ සම්බන්ධ ය. භව ආශ්‍රවය සෝකය ළඟ ලකුණු කරන බව අපි දනිමු. එය අත්තා යන්නෙහි පසු සඤ්ඤාව බව අපි දනිමු.

යම් සංස්කාරයක් පෙර කළා ද, එමගින් ඇති වූ මාන අගයෝ ගැලීම, නැවතීම විය යුතු ම ය. මෙයට විමංසාව කෙසේ උදව් උපකාර කරයි ද, යන්න විමසීමේ දී, යම් පටිච්චසමුප්පන්න දහමක වැටහීමක් ඇති ද, එය මගින් සෑම සංස්කාරයක් මගින් ඇති වන්නේ දුක බව පෙන්වා දෙනු ලබයි, යනුවෙන් ඉගෙන ගත්තා.

මෙහි දී තපස්සී බුදුපියා දුන් ධර්මතාවය යොදා විමසන්න.

S_Potaliya_s6.jpg

එතන අපි දන්නවා, අර අත්තා ඉඳන් නිත්‍යට, මානයෙන් jack එක ගහනවා, එතකොට ප්‍රඥාවේ ඉඳන් ශ්‍රද්ධාවට යන එක වළක්වනවා කියලා. මෙහි පටිච්චසමුප්පන්න දහම් වශයෙන් කුමක් භාවිතා කළ යුතු ද? එය මානය විසින් ඔසවනු ලබන්නේ අත්තා සිට නිත්‍ය දක්වා දහමුන් ගෙන යෑම ලෙස සිතන්න. මානය චිත්ත සංස්කාරයකි. පෙර කළා වූ කාය වචී චිත්ත සංස්කාර මගින් ම එය ඇති විය, යැයි බුදුපියා පැවසුවා.

දිර දිරා යන රූපය අත්තා කරගත්තේ නම්, අත්තා තුළ දුක අඩංගු ය. දිර දිරා යන රූපයට මාන වූයේ නම්, මානය තුළ ද දුක අඩංගු ය. එමගින් දිර දිරා යන රූපය නිත්‍ය යැයි ගත්තේ ද, එය තුළ ද දුක අඩංගු ය. මෙසේ විඤ්ඤාණය සලකුණු කර ඇති ප්‍රදේශය ම, දුක බව වැටහෙන්නේ නම් පමණක් සංස්කාර ප්‍රත්‍යයෙන් ඇති වන විඤ්ඤාණය දුක බව වටහා ගනී.

ඒක තමයි භාවනාව.

ඉතින් මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාවෙන් 100 ක් නිවන් දකින්නේ ය.

2. තපස්සී බුදුපියා දුන් ධර්මතාවය තවදුරටත් විමසන්නේ, අත්තා සිට නිත්‍ය දක්වා දහමුන් ගෙන යෑම මගින් ප්‍රඥාව නසන බව අපි දනිමු. එයින් ශ්‍රද්ධාව නැති වේ. එසේ නම් සෑම පටිච්චසමුප්පන්න ධර්මතාවයක් නොදන්නා බව නිසා ම, ප්‍රඥාව නසන බවත්, එයින් ශ්‍රද්ධාව නැති වේ යන්නත්, සිහියේ තබා ගත යුතු ය. Pedal හතර විමසා බලන්නේ, එම හතර කොනේ ම පටිච්චසමුප්පන්නය ඇත. 19/05/2015 භාවනාවේ දී දුන් සටහන සමග විමසන්න.

Four_pedals.jpg

පාදිකය 1, පහත පාදිකය විමසන්නේ එහි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් වන සංස්කාර ඇත.

පාදිකය 2, ඉහළ පාදිකය විමසන්නේ එහි ස්පර්ශ ප්‍රත්‍යයෙන් වන වේදනා ඇත.

පාදිකය 3 විමසන්නේ එහි විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන නාමරූප ඇත.

පාදිකය 4 විමසන්නේ එහි නන්දිය නිසා වන ජාතිය, ජාතිය නිසා වන ජරාව ඇත.

පටිච්චසමුප්පන්න ධර්මතා විශාල ප්‍රමාණයක් ඇති යැයි සිතන්නේ ප්‍රධාන පටිච්චසමුප්පන්න ධර්මතාවය දන්නේ නම්, එයින් එසවුණු මනසට අනෙක් පටිච්චසමුප්පන්න ධර්මයෝ ගෝචර බව බුදුපියා පැවසුවා.

3. මෙහි එකතු කරන ලද දෙවෙනි කාරණය සිතෙහි තබාගෙන, විඤ්ඤාණය ඉතා කුඩා කාලයක් පවතින්නේ, ඡන්ද සමාධිය සංස්කාර ඉවත් කරන්නේ යන්න සිහි කරන්නේ, පාණාතිපාතය නිසා ද්වේශය, ද්වේශය නිසා පාණාතිපාතය යන පටිච්චසමුප්පන්න ධර්මය සිහි වන්නේ, විද්‍යා විමුක්ති මනස එකවර ඇති විය.

4. චිත්ත ඉද්ධිපාද කොටස විමසීමේ දී, එහි සංකල්පය විමසන්න. චතුරාර්ය සත්‍යය එහි අඩංගු ය. මෙහි බලපෑම ස්පර්ශය දක්වා ගමන් කරයි. මෙසේ area 1 වල දුක ඇති බව වටහා ගනී, යැයි පැවසුවා. කෙසේ area 1 දක්වා යයි ද? වරදවා වටහා ගැනීමේ ගැම්ම අඩු වන්නේ පරාමාස සිට සෝක වීමේ ගැම්ම ද බැස යයි. යම් දිට්ඨි අනුසයක් නිසා රූපයට සුඛ යන මතය පවරයි ද, එය සුඛ නොවන බවත් පෙන්වා දෙයි. එහි දුක යන හැඟීම ඇතිව බැලීම ඇත. මේ නිසා ය. ආශ්‍රවයට තුඩු දෙන ස්පර්ශයන්, දැඩිව ගැනීමේ ලක්ෂණය සුඛ සඤ්ඤාවේ ඇත. මෙසේ උඩින් එන දහම් සහ පහළ රාග සල්ලය, මගින් කැරකැවීමට තුඩු දෙන 07/11/2015 භූත සටහනේ අර්ථය සහිතව, මෙනෙහි කරන්න.

s_bhuta.jpg

5. මෙම භාවනාව හතර වෙනියට සඳහන් කළ කරුණ ඇතිව මෙනෙහි කරන්නේ, එක් එක් ඉද්ධිපාදයන්ගේ වෙනස සොයා ගත නොහැකි අයුරින්, සෑම ඉද්ධිපාදයක් ම පවතී. එනම් මෙනෙහි කරන්නේ විරිය ඡන්දය හෝ විමංසාව වුවත් එක ම ආකාරයකට මනස පවතී. මෙසේ පැවතීම ඉතා සුඛ ය. එනමුදු කිසිදු තැනක නොනවතී. කුමක් නිසා ද? සෑම පථයක් මගින් ම රූපය ඉවත් කරන බව වැටහීම නිසා ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.