ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
07/02/2025 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී 14/04/2015 චත්තාරො ඉද්ධිපාදා (සතර ඉද්ධිපාද) භාවනාවේ ඉගෙන ගත් සටහන භාවිතා කළා.
07/02/2025 නිබ්බාන භාවනාවේ හතර වෙනියට එකතු කරන ලද ධර්ම කොටසේ දී චිත්ත ඉද්ධිපාදය සිහි කරන විට භූත සටහන සිහි කරන්නේ, එහි දී ඇති වන චිත්ත ඒකාග්‍රතාවය අධික ය. එසේ ම area 2 සහ විඤ්ඤාණය සලකුණු කර ඇති ප්‍රදේශය සිහි කිරීම සඳහා භූත සටහන මෙන් ධර්මතාවයක් ඇති ද යන්න විමසුවා. එසේ ඇති බව බුදුපියා පැවසුවා.
පළමුව area 2 වල ලකුණු කරන, දිර දිරා යන රූපය අත්තා කරගත්තේ නම්, අත්තා තුළ දුක අඩංගු ය. දිර දිරා යන රූපයට මාන වූයේ නම්, මානය තුළ ද දුක අඩංගු ය. එමගින් දිර දිරා යන රූපය නිත්‍ය යැයි ගත්තේ ද, එය තුළ ද, දුක අඩංගු ය. මෙසේ area 2 වල ඇති දුක්ඛ ධර්මතාවයෝ, විඤ්ඤාණය සලකුණු කර ඇති ප්‍රදේශයට සම්බන්ධ වන්නේ ය.
මෙහි දී විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන නාමරූප විමසිය යුතු ය. එනම් යම් අත්තා යන සංකල්පයක් දුක සහගතව හටගන්නේ නම් දුකෙහි ම බැස ගන්නා වූ එවැනි දහමක් මගින් ඇති වන නාමරූප අගයෝ ද එම දුකෙහි ම බැස ගනී. මෙසේ දුකෙහි ම බැස ගැනීම area 1 වල දුක ඇති බව චිත්ත ඉද්ධිපාදය මගින් පෙන්වා දීම උරුම කරගත් නිසා වැඩියෙන් දැනේ. එය එසේ ය.
විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන නාමරූප කොටසින් ඇති දුක එකකි. රූපය ජරා වීම නිසා ඇති දුක තව එකකි. චිත්ත ඉද්ධිපාදය ගිලිහී යෑම සිදු වන්නේ නම් මෙම අර්ථය නොවැටහේ. තව ද විරිය මගින් අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය.. වශයෙන් සිහි කළ විරිය, area 2 වල පටිච්චසමුප්පන්නය ලෙස සිහි කරන්න. එනම් ජාති සිට ජරා වීම යන්න අනෙක් අතට, ජරා සිට ජාති දක්වා යොදා බලන්නේ නම් නාම කොටස කෙරෙහි දුක යන්න ස්ථාපිත කිරීමට එය උදව් උපකාර කරන අතර නාමරූප ධර්මයෝ පහසුවෙන් ඉවත් කිරීමට තපස්සි බුදුපියා පෙන්වා දුන් දහම පටිච්චසමුප්පන්න දහම වශයෙන් භාවිතා කරන්නේ නාමරූප ධර්මයෝ ගිලිහී යයි. නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. ජාති සිට ජරා වීම යන්න අනෙක් අතට, ජරා සිට ජාති දක්වා යොදා බලන්නේ නම් නාම කොටස කෙරෙහි දුක යන්න ස්ථාපිත (establish) කිරීම විමසා බලන්නේ මෙය සෝක වී පථය 1, 2, 3, 4 වන්නේ යම් සේ ද, එසේ ම ජරා වී විභන්ත චිත්තා ඇති වීම මෙනි. තව ද විරිය මගින් එය නතර වන්නේ නම් රාග සල්ලයෙන් කරකවා රූප සොයා යෑම අඩපණ වන්නේ චෙතසො අභිනිරොපනා යන දහමට ද උදව් උපකාර කරයි.
2. මෙම පළවන කරුණ අධිප්‍රඥා ශික්ෂාවට තුඩු දෙන බව ද හොඳින් වැටහේ. එනම් ජරා සිට ජාති දක්වා විමසන්නේ එය ම රූපයට නිත්‍යභාවයක් එකතු කිරීම වළකාලයි.
3. මෙහි දී විරිය ඉද්ධිපාදය අනුෂ්ඨිත ය. (steady)
4. මෙම භාවනාව මගින් පළවන රවුම හෝ දෙවන රවුම යන දෙකෙන් ඕනෑ ම එකක දී නවතා ගත හැකි අතර එය වඩා සිටින ප්‍රමාණය අනුව සිදු වේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.