ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
14/02/2025 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී එකතු කරන ලද පළවන කාරණය තවදුරටත් විමසා බැලුවා. එනම් ජාති සිට ජරා වීම යන්න අනෙක් අතට, ජරා සිට ජාති දක්වා යොදා බලන්නේ නම්, නාම කොටස කෙරෙහි දුක යන්න ස්ථාපිත කිරීම විමසා බලන්නේ මෙය සෝක වී, පථය 1, 2, 3, 4 වන්නේ යම් සේ ද, එසේ ම ජරා වී විභන්ත චිත්තා ඇති වීම මෙනි. දී ඇති සටහන බලන්න.
ජරාව වෙනුවට පියෙහි විප්පයොගය යොදා බලන්නේ නම්, පථය හොඳින් වැටහේ. එනම් පියෙහි විප්පයොගොපි දුක්ඛො, ජාති වේදනා චේතනා, අත්තා සිට නිත්‍ය, මෝහ අගති ගමන කාමරාග අනුසය හරහා සඤ්ඤාව. මෙසේ පියෙහි විප්පයොගයෙන් පටන්ගෙන සුඛ සඤ්ඤාව දක්වා, මෝහය නිසා ගමන් කරන බව වැටහේ. නැවතත් සෝකය නිසා ඇති වූ පථය විමසන්න.
සෝකය නිසා ඇති වූ පථය මගින් ස්පර්ශය සහ සඤ්ඤාව අතර නොමැරෙන සුලු වූ, සුඛ සඤ්ඤාවක් භය අගතිය නිසා වන බව වටහා ගත යුතු ය.
මෙම පථ දෙක මගින් ම, එනම් පියෙහි විප්පයොගයෙන් පටන්ගෙන සඤ්ඤාව සුඛ යැයි පැවසීමත්, සෝකයෙන් පටන්ගෙන, සඤ්ඤාව සුඛ යැයි ස්පර්ශය කරා ම ඔඩු දුවන්නේ යැයි විමසන්නේ, දුකට පත් වූ සත්වයා හට ගැලවීමක් නොවන බව වැටහේ.
සතර ඉද්ධිපාදයෝ 07/02/2025 සහ 14/02/2025 නිබ්බාන භාවනාවන් පරිදි හොඳින් වඩා සිටින්නේ නම් මෙම දුකෙන් ගැලවීම කරගත හැකි ය. මෙසේ නිර්වාණය සාක්ෂාත් කරගන්නා අතර, එහි පිහිටීමට විරිය මනා කොට පැවතිය යුතු ම ය.
ඒක තමයි භාවනාව.