ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
17/01/2025 නිබ්බාන භාවනාව අවසානයට area 6 වලට ගියොත් පමණක්, සංස්කාර කරන බව මනා ප්‍රඥාවෙන් දැන, වළකාලිය යුතු දහමක් වශයෙන් ඉගෙන ගත්තා. එය සඳහා දුක්ඛ table එකේ slide 2 විමසීම සිදු කළා.
මෙහි භය අගති වන්නේ නම් සෝකය නිසා වන පථය වන්නේ, ස්පර්ශය සහ සඤ්ඤාව අතර නොමැරෙන සුලුු වූ සුඛ සඤ්ඤාවක්, භය අගතිය නිසා වන බව 21/02/2025 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත්තා. තව ද මේ සංස්කාරයන් චිත්ත සංස්කාර ලෙස විමසන්නේ, එය වර්ණනා කරන්නේ නම් සම්මා දිට්ඨිය නැති බව බුදුපියා පැවසුවා. චිත්ත සංස්කාරයන් වර්ණනා කිරීමට කුමක් උපකාර වී ද? ඉදංසච්චයේ සිට එන්නා වූ බලපෑම විමසන්න. යම් දහමක් හොඳ යැයි අනුමත කිරීමක්, ඉදංසච්චය මගින් සිදු කරන්නේ, දෙයාකාර දහමුන්ගේ බලපෑමක් නිසා බව සිහි කළ යුතු ය.
එතකොට අපිට පේනවා විඤ්ඤාණයේ ඉඳන් පහළට ඉදංසච්චයට arrow එකක්, පරාමාසේ ඉඳන් ඉදංසච්චයට සුභ කියල arrow එකක් එනවා.
එක් ආකාරයකට විමසන්නේ, විඤ්ඤාණය හට ගැනීම නිසා දහමුන් හොඳ යැයි පවසත් ද, එහි බලපෑම ඉදංසච්චගත වීම ඇත. මෙය සඳහා 50% පාර බලපායි. තව ද ජාති සිට පැමිණෙන්නා වූ 50% පාර විමසන්නේ, ජාති වේදනා චේතනා අත්තා, ඉන් අනතුරුව මානයෙන් ඔසවා, නිත්‍ය දක්වා යන, තපස්සී බුදුපියා පෙන්වා දුන් දහම් මගින් වන බලපෑම, එහි අඩංගු ය.
මෙසේ විභන්ත චිත්තා නිසා වන බලපෑම වටහා ගත යුතු අතර, එහි යම් නොදන්නා බවක්, අඥාන ස්වභාවයක් ඇති ද, ඉදංසච්චගත වූ එම දහම් නිසා, චිත්ත සංස්කාරයන් වර්ණනා කිරීමට තුඩු දෙන අතර, මෙසේ සම්මා දිට්ඨිය නොමැති වීම, චිත්ත සංස්කාරයන් විෂයෙහි බැස ගැනීම වන්නේ, එය නිසා ධාතු වරදවා වටහා ගනී.
මෙසේ වරදවා වටහා ගත් ධාතු සහ සෝක නිසා වන පථය, මේ වන විට ඇති වී ඇත්තේ, නොමැරෙන සුලුු වූ සුඛ සඤ්ඤාව, ස්පර්ශය කරා එළඹ වී ඇති නිසා වරදවා ගත් ධාතු ම, චිත්ත සංස්කාර වශයෙන් ගත යුතු ය.
මෙහි ධාතු යන්න stream (ප්‍රවාහය) ලෙස සිතිය යුතු ය. ධාතු යන්න stream (ප්‍රවාහය) ලෙස විමසන්නේ, එහි විෂමතාවය ඇත. කාම ධාතු වශයෙන් විමසීම, 06/12/2024 නිබ්බාන භාවනාවේ දී කර ඇත. එහි දී ධාරාව ගැලීමට තුඩු දෙන ක්‍රියාවලිය, කාම වස්තූන් සමඟ පැවැත්වීම, විමසා ඇත. කාම සඤ්ඤාව තුළ, ක්‍රියාවලිය මගින් ඇති වූ සුඛ සඤ්ඤා මනසිකාරයෝ රඳයි යනුවෙන් බුදුපියා පැවසුව දහම සිහි විය.
අනෙක් අතට නෙක්ඛම්ම ධාතු විමසන්නේ, රූප ඉවතලා, ධාරාව ගැලීමට තුඩු දෙන ක්‍රියාවලිය, ධ්‍යාන භාවිතා කිරීම මගින් පැවැත්වීම ලෙස ගත හැකි ය. නීවරණයන්ගෙන් යටපත් නොවූ දහමක් සොයා ගත නොහැකි තත්වයට සිත පත්වන්නේ නම්, එහි ව්‍යාපාද ධාතුව, යම් පමණකට හෝ අඩංගු වන්නේ ය.
නීවරණයන්ගෙන් යටපත් වූ දහමක් සොයා ගත හැකි වන්නේ, එම දහමේ බැස ගැනීම නිසා, සම්මා දිට්ඨිය ගිලිහී ගොස් ඉදංසච්චය තුළ, වර්ණනා කරන ලද එම දහමුන් සත්‍යයක් වශයෙන් බැස ගන්නේ, එයින් ම මුලාවට පත් වී, මෝහ ධර්මයෝ ඇති වේ. මෙසේ විභන්ත චිත්තා මගින් ජරා සිට ඇති වන පථය ක්‍රියාත්මක වන්නේ, සුඛ සඤ්ඤා, මනසිකාරයෝ සිත්හි රඳයි. මෙසේ චිත්ත සංස්කාරයන් ගොඩ නැංවී ඇත්තේ නම්, නිර්වාණය නැත. සසර ඇත. මෙය තේරුම් ගත් සත්වයා හට කුමක් පිළිසරණ වේ ද? වඩා ඇති සතර ඉද්ධිපාදයන් බව පැවසිය යුතු ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව බලා සෝකය හරහා වන මව සහ දරුවා යන ස්පර්ශ නාමරූප මෙනෙහි කරන විට ම, සිත නතර වීම ද, නිරෝධයට යෑම ද සිදු වේ.
2. තව ද, පරාමාස සිට සුභ යැයි ඇදීම වීම, වේදනා සිට පරාමාස ධර්මයෝ සමඟ ආනෙඤ්ජ සප්පාය දහම මෙන් වටහා ගෙන භාවිතා කරන්න. එහි කිසිවක් නැති සුඹුලක් වැනි දෙයක් නිසා ඉදංසච්ච වීම ඇත.
3. මෙම භාවනාව කරන්නේ, චිත්ත සංස්කාරයන් වර්ණනා කිරීමට කුමක් උපකාර වී ද? ඉදංසච්චයේ සිට එන්නා වූ බලපෑම විමසන්න යන්න, උදාහරණ ඇතුව විමසන්නේ නිත්‍යභාවය මෙහි ප්‍රධාන කරුණක් ලෙස වැටහිණ. සුභ යැයි ඇදීම දක්වා සිහි කරන්නේ, වරදවා ගත් ධාතු ම, චිත්ත සංස්කාර යැයි වැටහෙන්නේ සිත වෙනස් විය. “Excellent” යැයි බුදුපියා පැවසුවා. එහි සෝක පරිදේව නැත. එය ඉක්මවා ඇත. එම සිත වෙනස් නොවී, එසේ බොහෝ කාලයක් පැවතුන අතර, එය අන් අයට කීම සඳහා මතක තබා ගැනීම කරන්නේ, එය නොගිලිහී පවතී. එය නිවන් දොරටුවක් යැයි බුදුපියා පැවසුවා.
4. තුන් වන කාරණයේ දී ඇති වුණ අවබෝධයෙන් පසුව, මුල දී ම සිත නතර වන බැවින් මෙම භාවනාව කිරීම ඉතා අපහසු ය.
5. සංස්කාරයන් වර්ණනා කරනවා යනු, අකුසලයන් වර්ණනා කිරීම ය. මෙය “යංකිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං සඞ්‌ඛාර පච්චයා, සඞ්‌ඛාරානං නිරොධෙන නත්ථි දුක්ඛස්ස සම්භවො” ගාථා අර්ථයෙන් වැටහේ. කූඤ්ඤය දැනේ. මනසින් ආලෝකය විහිදේ. සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්මා දිට්ඨියක් ඇත. මෙම සම්මා දිට්ඨිය ද අකුසල ගණයට වැටේ. කුමක් නිසා ද? ඉපදීම ඇති කරන නිසා ය. මෙසේ චිත්ත සංස්කාර වර්ණනා කරන්නේ නම්, සම්මා දිට්ඨියක් නැති බවත්, එය අකුසල ගණයට වැටෙන බවත්, වටහා ගත යුතු ය. චතුරාර්ය සත්‍ය කීම, අකුසල කර්මයක් නොවේ. ආමිස දානයක් දෙනු ලබන්නේ, එය පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන බවත්, ඉපදීම ඇති කරන නිසා අකුසල ගණයට වැටේ. එනමුදු එහි දෙන දේ අත්හැරීම ඇත්තේ එම ක්‍රියාවලිය කුසල ගණයට වැටේ.
6. විඤ්ඤාණයේ හටගැනීම නිසා දහමුන් හොඳ යැයි පවසත් ද, එහි බලපෑම ඉදංසච්චගත වීම ඇත. මෙය පස් වෙනියට එකතු කළ කාරණාවේ සඳහන් අයුරින් වටහා ගැනීම වඩා සුදුසු ය. එනම් ආමිස දානයක් දෙනු ලබන්නේ, පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන දහමුන්ගේ බලපෑම ඉදංසච්චගත වීම මනා කොට සිදු වන බව අවබෝධ කරගත යුතු ය. කුසලයේ අගය විසාල ය. අකුසලය කුඩා ය. ඒ නිසා කුසලය මගින් වන බලපෑම ඉදංසච්චගත වීම අධික ය.
7. නීවරණයන් යටපත් වූ දහමක් සොයා ගත හැකි වන්නේ, එම දහමෙහි බැස ගැනීම නිසා, සම්මා දිට්ඨිය ගිලිහී ගොස් ඉදංසච්චය තුළ, වර්ණනා කරන ලද එම දහමුන් සත්‍යයක් වශයෙන් බැස ගන්නේ, එයින් ම මුලාවට පත් වී, මෝහ ධර්මයෝ ඇති වේ යන්න, තවදුරටත් විමසන්නේ මෙය දෙයාකාර බව, හය වෙනියට එකතු කරන ලද කරුණ සමඟ විමසීමේ දී වැටහේ. එහි ධ්‍යාන පමණක් නොව, ආමිස දානයන් නිසා ඇති වන, පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන දහමුන් ද, යොදා ගත හැකි ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.