ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
28/02/2025 නිබ්බාන භාවනාවේ දී පස් වෙනියට එකතු කරන ලද කරුණ එනම්, ආමිස දානයක් දෙනු ලබන්නේ, එය පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන බවත්, ඉපදීම ඇති කරන නිසා අකුසල ගණයට වැටේ. එනමුදු එහි දෙන දේ අත්හැරීම ඇත්තේ එම ක්‍රියාවලිය කුසල ගණයට වැටේ, යන්න තවදුරටත් විමසීම කළා.
යම් අයෙකු 10/01/2025 නිබ්බාන භාවනාවේ දී ඉගෙනගත් අයුරින් සම්මා සංකල්පයේ පිහිටීමට උත්සාහ කරන්නේ, චෙතසො අභිනිරොපනා දක්වා මනස නංවා ඇත්තේ, රූපයට යන්නේ නැත, යනුවෙන් සිතන්නේ නමුදු, එම භාවනාව පටන් ගැනීමට මොහොතකට පෙර, දන් දී ඇත්තේ, ඒ නිසා ඇති වූ ප්‍රීතිය ප්‍රමෝදය ඇත්තේ, එනම් පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන දහමුන් සිදු කර ඇත්තේ, එය ඉදංසච්චයේ සිට පහළට මෝහය දක්වා ලකුණු කරගත හැකි ය. එම ධර්මතාවයෝ චෙතසො අභිනිරොපනා සිට රූප දක්වා වූ රේඛාවට සමාන්තර ය. එනමුදු දිසාව වෙනස් ය. දී ඇති සටහන 1 බලන්න.
මේ diagram එකට රහතන් වහන්සේ දැම්මේ, ව්‍යාපාදය 1 කියලා.
මෙසේ ප්‍රීතිය ප්‍රමෝදයෙන් රත් වූ වේදනා මනසිකාරයෝ ඇත්තේ නම්, චෙතසො අභිනිරොපනා යන දහම මනා කොට පැවැත්වීම කළ නොහැක. එතකොට රහතන් වහන්සේ මට කිව්වා, තපස්සී බුදුපියාගේ ධර්මයට මේක connect කරන්න කියන එක. දී ඇති සටහන 2 බලන්න.
මේ සටහනට රහතන් වහන්සේ දැම්මේ, ව්‍යාපාදය 2 කියලා.
ඉදංසච්චයේ ඉඳලා පහළට දන් දීම, පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාක දෙන දහමුන් ලකුණු කර ඇත. එයට පෙර, අත්තා ඉඳන් නිත්‍ය, මානයෙන් jack එක ගහන ධර්මතාවය ඇත. පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාක දෙන දහමුන්ට, මාන වීම විය නොහැක්කේ නම්, අත්තා සිට නිත්‍ය දක්වා වන පාලම තමා විසින් දන් දීම මගින් යම් ආකාරයකට පවත්වා ගත යුතු ද යන්න, නොවෙන බව දන්නේ, එයට යම් උත්සාහයක් කළ යුතු ද, එය කරගත නොහැක්කේ නම්, ව්‍යාපාදයට පත් වේ.
මෙසේ ධම්මමච්ඡරිය හරහා වන ක්‍රියාවලිය මනා කොට කරගත නොහැකි වන්නේ නම්, වේදනාව අළලා වන දහමුන් කෙරෙහි ව්‍යාපාද ස්වභාවයක් හටගනී. ලෞකික සම්මා දිට්ඨිය සහිත වූ මෙවැනි දහම් නිසා ඇති වන ව්‍යාපාදය ඉතා ම කනස්සලු ස්වභාවයක් සහිත ය. මෙහි දී දිට්ඨි ආශ්‍රවය යම් පමණකට අධික ද, එවැනි සත්වයා අන්‍ය වූ දහම් සෙවීම ද කරනු ලබයි.
මෙසේ ව්‍යාපාද සහගත වූ සත්වයා සසරේ සැරිසරන්නේ ඉතා දුකට පත් වේ. කුමක් නිසා ද? තමා විසින් උපයාගත යුතු අනාගත භවය ප්‍රතිසන්ධි කරන ධර්මතාවයෝ මනා කොට පැවැත්වීම කළ නොහැකි වූ නිසා ය. මේ නිසා ඇති වන ධර්මතා වටහා ගැනීමට, දී ඇති සටහන 3 බලන්න.
ඒකට රහතන් වහන්සේ දැම්මේ, සෝකය 2 කියලා.
ඉහත පථය එනම් අත්තා නිත්‍ය ඒකෙන් පසු සඤ්ඤාව දිට්ඨි ආශ්‍රවය, දිට්ඨි ආශ්‍රවයෙන් වම් පැත්තට කාම ආශ්‍රවය, එතනින් පහළට රාග සල්ලය, රාග සල්ලයෙන් රූපයට, එතනින් එනවා ජාතියට. එතනින් 50% පාර, ජාති වේදනා, දැන් වේදනාවේ ඉඳන් සෝකයට එනවා. ඉතින් මෙතනත් තියෙනවා, අර පෙර කතාව. කාම ආශ්‍රවයට ආවහම අර සුඛයි කියන කතාව. පෙර භවවල දන් දී රජෙකු මෙන් වී, විඳින ලද්දා වූ සුඛ සඤ්ඤා, නොමැරී පවතී. ඒ නිසා ස්පර්ශ වේදනා සෝක යන්න, වේදනා සිට සෝක දක්වා ලකුණු කරනු ලබයි. මෙම පථය ක්‍රියාත්මක වීම වැඩියෙන් බලපායි.
මෙහි දී ගැලවීමක් නැති අතර, මෙසේ අනාගත වේදනා අළලා ඇති වන්නා වූ, ව්‍යාපාද ධර්මයෝ මනසේ සැරිසරයි (assail the mind). අත්හැරීම යන්න මනා කොට පවත්වන්නේ නම් පමණක්, මෙයින් ගැලවීම කළ හැකි ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. දිට්ඨි ආශ්‍රව යම් පමණකට අධික ද, එවැනි සත්වයා අන්‍ය වූ දහම් සෙවීම ද කරනු ලබයි, කියලා කියන්නේ, යම් අයෙකු ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදිලයි කියලා, තව හාමුදුරුවෝ කෙනෙක් එහෙම කියන නිසා, ඒ පුද්ගලයාට යන්න ඕන එතනට. ඒ කියන්නෙ පුණ්‍ය කතාව. ඒකට ලොකු කනස්සල්ලක් එතනට එක්ක ගෙන යන්නේ නැත. එතනින් තමයි මට මගඵල ලබන්න පුළුවන් වන්නේ ආදී වශයෙන්. අන්‍ය ධර්මයන් ගන්නවා කිව්වේ ඒකයි. තථාගත ධර්මය නෙමෙයි නේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනයි කියන එක.
2. ලෞකික සම්මා දිට්ඨිය සහිත වූ, මෙවැනි දහම් නිසා ඇති වන ව්‍යාපාදය, ඉතා ම කනස්සලු ස්වභාවයක් සහිත ය. බුදුහාමුදුරුවෝ කියනවා නේ අනිත් අයගේ දහමට ගරහන්න එපා කියලා. ඒ කියන්නෙ මිනිස්සු මරාගන්න යන්නේ ආගම විවේචනය කළොත්. ඒ කියන්නෙ මේක මහා විශාල දෙයක්. ආගමක්, religion එකක් කියන කතාව, Doctrine එකක්. ඒක ඔය අනිත් ඒවයේ ව්‍යාපාදයට වඩා වැඩියි. ඒ කියන්නෙ එක් අයෙකුගේ දිට්ඨිය අධිකයි. කෙනෙක් කල්පනා කරන්නේ, මේ මගේ religion එකෙන් තමයි මට ඉස්සරහට හොඳ වෙන්නේ. මම අනාගතයේ මෙහෙම ඉපදෙන්නේ. කෙනෙක්ගෙ දහමට ගැරහැව්වා කියන්නේ, එයා හිතන්නෙ එයාගේ future එකට ගැරහැව්වා කියන එක. මේක බොහොම දරුණු ව්‍යාපාදයක්. මේක දන් දීමෙන් පටන් අරගෙන ආවේ. හරියට කරගන්න හම්බවෙන්නෙ නැතුව ව්‍යාපාදය.
3. භූත පථය මෙන් විමසන්නේ, එහි දිට්ඨි ආශ්‍රව මගින් සඤ්ඤාව සනාථ කරන්නේ යම් සේ ද, එසේ ම ඉහත සටහන 3 පථය මගින් පෙර විඳින ලද්දා වූ සුඛ සඤ්ඤාව, පසු සඤ්ඤාව වන කාම ආශ්‍රව මගින් රාග සල්ලය හරහා, රූපයන්ගේ වැඩි අගයන් ම සනාථ කරනු ලබයි. එනම් පෙර භවවල හොඳ වූ භවයන්ගේ රූප අගයෝ ම, සනාථ කරයි.
4. ඉහත තුන් වෙනි කරුණ විමසන්නේ, දස උපධි යන්න හොඳින් වැටහේ. තණ්හා, දිට්ඨි, ක්ලේශයෝ, කර්ම, දුශ්චරිත, ධාතු, සතර ආහාර, පටිඝ, අභ්‍යන්තර ආයතන, විඤ්ඤාණකාය. දුශ්චරිත - සංස්කාර නිසා මාන වී, කරන දේ සිතන්න. සටහන 3 යොදා ගන්න. දිට්ඨිය නිසා ආපසු රූපයට ඒම විමසන්න. ක්ලේශයන් ලෙස ආශ්‍රව යොදා විමසන්න. කර්ම දෙයාකාර ය. මව්කුසට ඇදී යාම එකකි. පුණ්‍යභාගීය කර්මයන් නිසා සෙවීම තව එකකි.
5. සෝකය 1 නැතිකොට පමණක් සෝකය 2 මගින් වන ධර්මතාවයෝ ඉස්මතු වන බව බුදුපියා පැවසුවා. සෝකය 1 දී, මේ භවයේ ස්පර්ශ කරනු ලබන, ස්පර්ශ කරන ලද දේ, නැවත ඉල්ලීම කරනු ලබයි. දැන් අත්ත සඤ්ඤාව ගිලිහී යන්නේ නම්, සෝකය 1 මගින් වන දහමුන් ඉවත් වේ. එනමුදු, පෙර අත්තා නිසා ඇති වූ නිත්‍යභාවය නිසා වන දහමුන්, තවමත් මනසේ සැරිසරයි. මෙම ධර්මතාවයන්ට තුඩු දෙන්නේ රජෙකු මෙන් පෙර විඳින ලද්දා වූ සුඛ සඤ්ඤාව යැයි සිතීම සුදුසු ය. එමගින් සෝකය 2 ලෙස දක්වන පථය ක්‍රියාත්මක වීම සිදු වේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.