Date: 14/03/2025 Name: නිබ්බාන

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

07/03/2025 ව්‍යාපාද භාවනාවේ දී පස් වෙනියට එකතු කරන ලද කරුණ තවදුරටත් විමසා බැලුවා. එහි දී ඉගෙන ගත්තා, සෝකය 1 නැතිකොට පමණක් සෝකය 2 මගින් වන ධර්මතාවයෝ ඉස්මතු වන බව. සෝකය 1 දී, මේ භවයේ ස්පර්ශ කරනු ලබන, ස්පර්ශ කරන ලද දේ, නැවත ඉල්ලීම කරනු ලබයි. දැන් අත්ත සඤ්ඤාව ගිලිහී යන්නේ නම්, සෝකය 1 මගින් වන දහමුන් ඉවත් වේ. එනමුදු, පෙර අත්තා නිසා ඇති වූ නිත්‍යභාවය නිසා වන දහමුන්, තවමත් මනසේ සැරිසරයි. මෙම ධර්මතාවයන්ට තුඩු දෙන්නේ රජෙකු මෙන් පෙර විඳින ලද්දා වූ සුඛ සඤ්ඤා යැයි සිතීම සුදුසු ය. එමගින් සෝකය 2 ලෙස දක්වන පථය ක්‍රියාත්මක වීම සිදු වේ.

07/03/2025 භාවනාවේ දී දෙන ලද සටහන 2 විමසා බලන්නේ,

Viyapaada2.jpg

ඉදංසච්චයේ සිට පහළට දන් දීම, පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාක දෙන දහමුන් ගලයි. එයට පෙර, අත්තා ඉඳන් නිත්‍ය, මානයෙන් jack එක ගහන ධර්මතාවය ඇත. පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාක දෙන දහමුන්ට, මාන වීම විය නොහැක්කේ නම්, අත්තා සිට නිත්‍ය දක්වා වන පාලම තමා විසින් දන් දීම මගින් යම් ආකාරයකට පවත්වා ගත යුතු ද යන්න, නොවෙන බව දන්නේ, එයට යම් උත්සාහයක් කළ යුතු ද, එය කරගත නොහැක්කේ නම්, ව්‍යාපාදයට පත් වේ. මෙසේ ධම්මමච්ඡරිය හරහා වන ක්‍රියාවලිය මනා කොට කරගත නොහැකි වන්නේ නම්, වේදනාව අළලා වන දහමුන් කෙරෙහි ව්‍යාපාද ස්වභාවයක් හටගනී, යනුවෙන් ඉගෙන ගත්තා.

මෙහි දී 03/10/2015 සක්කාය දිට්ඨි භාවනාවේ දහම් කරුණු සිහි විය. එහි දී පෙන්වා දුන් පථය මෙන් පථයක් මගින්, එනම් විඤ්ඤාණ, නිත්‍ය, සංස්කාර, භය අගති, වේදනා දක්වා පවතිනවා යන මතය එළඹ කිරීමක් සිදු වේ. දී ඇති සටහන 1 බලන්න.

MM_14_03_2025_D1.jpg

මෙයට පසුව භය අගති සෝක ජරා වීම ඇත්තේ අසම්පජානකාරීත්වය හටගනී. මෙසේ අසම්පජානකාරීත්වය හටගන්නේ තණ්හාව මගින් ම ධර්මයන් දුවවන බව සාකච්ඡා කර ඇත. සටහන 2 බලන්න.

MM_14_03_2025_D2.jpg

ජරා වේදනා අසම්පජාන රේඛාව භ්‍රමණය වන්නේ එය මගින් ජාති වේදනා චේතනා, ධර්මයෝ හටගැනීම වැළැක්විය නොහැක. සටහන 3 බලන්න.

MM_14_03_2025_D3.jpg

ජරා වේදනා අසම්පජාන රේඛාව භ්‍රමණය වී ජාති දක්වා පැමිණීම විමසන්නේ, එය 07/03/2025 භාවනාවේ දුන් තෙවන සටහන, එනම් සෝකය 2 සටහන සමග විමසන්නේ නම් ජාති වේදනා සෝක වීම මනා කොට වැටහේ.

Soka2.jpg

කුමක් නිසා ද?

1. මේ වන විට ධම්මමච්ඡරිය හරහා වන ක්‍රියාවලිය මනා කොට කරගත නොහැකි වී ඇත්තේ වේදනාව අළලා වන දහමුන් කෙරෙහි ව්‍යාපාදය හටගෙන ඇත.

2. එය ම සෝකය බවට පත්වීමට ස්පර්ශයේ සිට එන්නා වූ පෙර භවවල දන් දී රජෙකු මෙන් පෙර විඳින ලද්දා වූ, සුඛ සඤ්ඤා මනසිකාරයෝ ඉතා හොඳින් වේදනාව කරා ගමන් කර ඇත.

මෙම 1 සහ 2 යන ධර්මතාවයෝ දෙදෙන මගින් සෝක දහම් ඇති කරනු ලබයි. මෙසේ ඇතිවන්නා වූ සෝක දහමුන් ඉවත් කිරීම, 07/02/2025 සහ 14/02/2025 නිබ්බාන භාවනා මගින් කළ හැකි ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව කරන්නේ ඉහත 1 සහ 2 යන ධර්මතාවයෝ දෙදෙන මගින් සෝක දහම් ඇති කරනු ලබයි යන්න සිහි කරන්නේ ශාන්ත සුවිමුක්ත චිත්තය ඇති වේ.

2. ජරා වේදනා අසම්පජාන වීම, දිට්ඨි පපඤ්චය මගින් ඇති වේ. මෙසේ දිට්ඨි පපඤ්චය සිදු වී, තණ්හා පපඤ්චය වන බව මේ අවස්ථාවේ දී වැටහේ.

3. සඤ්ඤාවේ ජරා අගය, පැවැතිය හැකිය යන මිච්ඡා දිට්ඨිය line 5 හරහා පැමිණ අප්පියෙහි සම්පයොගයට මුලින් පැමිණේ. මෙම අතරවාරයේ පවතිනවා යන මිච්ඡා දිට්ඨිය line 6 හරහා ව්‍යාධියේ සිට සෝකය දක්වා පැමිණ ඇත. දැන් පවතිනවා යන මිච්ඡා දිට්ඨිය මත, පැවතිය හැකි ය, යන මිච්ඡා දිට්ඨිය ගැලීම, ජරා දක්වා යෑම සිදු වේ. මෙම භාවනාව මගින් අත්ත සඤ්ඤාව ගිලිහී ඇති අවස්ථාව විමසන්නේ line 5 අගය ඉතා කුඩා බැවින් line 6 වල බලපෑම නිසා පවතිනවා යන්න, ජරාව ළඟ ලකුණු කර ඇත. දී ඇති සටහන 4 බලන්න.

MM_14_03_2025_D4.jpg

දී ඇති සටහන 2 හි, ජරා වේදනා අසම්පජාන ධර්මතාවයෝ හටගෙන ඇත. ඊට පෙර වේදනාවට යන ලදී. කරුණු දෙකක් විමසමු.

3a. මෙහි line 9 වල බලපෑම අධික නිසා, එය මගින් line 11 වීම සිදු වේ. ඊට පස්සේ line 11 වලින් පියෙහි විප්පයොගය.

3b. මෙයට අසම්පජානය නිසා වන තණ්හා අගය ද එකතු වේ. පියෙහි විප්පයොගයට තණ්හාව බලපාන බව බුදුපියා පැවසුවා. ප්‍රිය දෙයින් වෙන් වෙලා, එම දෙය සෙවීම සිදු කරයි.

මෙම 3a සහ 3b යන දෙයාකාර දහමුන් මගින්, ජාතියේ දී පවතිනවා යන අදහස ගැබ් ගනී. එතකොට දැන් පවතිනවා යන්න මත, පැවතිය හැකි ය කියන එක ගැලීම, ඔය ජරාවට විතරක් නෙමෙයි ජාතියටත් එනවා ඔය විදිහට.

මෙසේ විමසන්නේ ඔලුවේ උඩ කොටස ඇරීම පමණක් නොව, යට කොටසත් ඇරෙනවා. දෙපැත්තෙන් ම ඇරෙනවා කියන එක සිද්ධ වෙනවා. මුදිතා චෙතො විමුක්තිය දැනිලා, පහළත් open වෙනවා.

4. සටහන 2 නැවතත් විමසා බැලුවා. කුමක් නිසා භය අගති සෝක ජරා වීම ඇත්තේ, අසම්පජානකාරීත්වය හටගනී යන්න විමසන්නේ, තණ්හාව නිසා සෝක විය. එනමුදු යම් දිට්ඨියක් බිඳුනා ද, සංකල්ප දෙකක් සමාන නොවුණා ද, ඒ බව දැන ගත්තේ සෝක වූ පසුව ය. එහි තණ්හාව නිසා දුක ඇති වන බව නොදන්නා බව ඇත. මෙසේ සිතන්නේ නිරෝධය ඇති වේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.