ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මෝහය නිසා ජරාව නොදනී යැයි වැටහේ. කෙසේ ද? මෝහය ඇත්තේ නම්, එහි දුක සංකල්පය නැත. එසේ නම් චිත්ත ඉද්ධිපාදය ලකුණු කර පෙන්වන පථය දිගේ ගොස් රූපයට දුක යන්න ඒත්තු ගැන්වීම කළ නොහැක. මෙසේ දුක බව වසාලන්නේ නම් ජරාව නොපෙනේ, නොදනී. මෙසේ නීවරණයන්ගෙන් යටපත් නොවූ දහමක් සොයා ගත නොහැකි වූ අයෙකු දුක නොදනී යැයි වටහා ගත යුතු ය.
28/02/2025 නිබ්බාන භාවනාවේ මෙන් විමසන්නේ, මෙය දෙයාකාර බව වැටහේ. එහි නීවරණයන්ගෙන් යටපත් වූ දහමක් සොයා ගත හැකි වන්නේ, එම දහමේ බැස ගැනීම නිසා, සම්මා දිට්ඨිය ගිලිහී ගොස් ඉදංසච්චය තුළ, වර්ණනා කරන ලද එම දහමුන් සත්‍යයක් වශයෙන් බැස ගන්නේ, එයින් ම මුලාවට පත් වී මෝහ ධර්මයෝ ඇති වේ යන්න එහි සාකච්ඡා කර ඇත. මෙය සමඟ විමසා බලන්නේ, ධ්‍යානයන් නිසා හෝ මෝහ ධර්මයෝ ඇති වේ නම් එය ම නීවරණ ගණයට ම වැටේ. කුමක් නිසා ද? මෝහ ධර්මයෝ ඇති වූ නිසා ය. මෝහය නිත්‍යභාවයෙන් පසුව ඇති විය. විභන්තචිත්තා යන පථය විමසන්න.
එය ජරාවේ සිට පටන් ගත්තේ ය. පියෙහි විප්පයොගයට තණ්හාව බලපාන බව 14/03/2025 නිබ්බාන භාවනාවේ තුන් වෙනියට එකතු කරන ලද කාරණාවේ දී ඉගෙන ගතිමු.
විභන්තචිත්තා යන පථයේ, ජරාවේ සිට ගමන් කර නිත්‍යභාවයට පැමිණියේ ය. එනම් පියෙහි විප්පයොගොපි දුක්ඛො ජාති වේදනා චේතනා අත්තා සිට නිත්‍යභාවයට පැමිණියේ ය. මුල අමතක ය. එනම් ජරාවෙන් පටන් ගත්තා වූ දහමක් මගින් නිත්‍ය වූ බව නොදන්නා බව මෝහය තුළ ගැබ් වේ. මෙය නිසා චිත්ත ඉද්ධිපාදය ලකුණු කර පෙන්වන පථය, එනම් භය අගති, පරාමාස, වේදනා, ස්පර්ශ දක්වා යොදා විමසන්නේ, එහි ගැම්ම රූපය දක්වා ගෙන යෑම කළ නොහැක. කුමන ගැම්මක් ද? දුක යන්න ඒත්තු ගන්වන ගැම්ම ය.
මෙසේ දැන් පවතින ධ්‍යාන සංස්කාරයන් නිසා අනාගත භවය දැඩිව ගැනීම විය හැකි ය. චෙතසො අභිනිරොපනා යන දහම මනා කොට පැවැත්වීම කළ නොහැක.
ඒක තමයි භාවනාව.
මේකට තව කාරණා දෙකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ අනාශ්‍රව චිත්තය ඇති වේ.
2. ඇස කන ආදී ආයතනයන් ජරා වූ අපි, නිරන්තරයෙන් එම ආයතනයන් හොඳ වීම සුව වීම පතයි. Seek delight. මෙසේ අභිනන්දනා කරන්නේ, දන් දී හෝ මෙය හොඳ කරගන්න පුළුවන් වේවිදෝ යැයි සිතයි. මෙසේ මුළාවට පත් වේ. එසේ කළ නොහැකි වන්නේ ව්‍යාපාදයට පත් වේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 29/03/2025
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්