Date: 28/03/2025 Name: නිබ්බාන

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

14/02/2025 නිබ්බාන භාවනාවේ දී යම් අත්තා යන සංකල්පයක් දුක සහගතව හටගන්නේ නම් දුකෙහි ම බැස ගන්නා වූ එවැනි දහමක් මගින් ඇති වන, නාමරූප අගයෝ ද එම දුකෙහි ම බැස ගනී, යනුවෙන් ඉගෙන ගත්තා. මෙය නොවන්නේ නම් එනම් මෝහය නිසා ජරාව නොදනී නම්, අප්පටිවේධය ඇති නම්, රාග සහිත මනසකින් යුත් සත්වයා හට කුමක් සිදු වේ ද? කුමක් හටගනී ද?

එහි වේදනා ධර්මයන් ඉක්මවා මෝහය පැමිණීම සිදු වන බව වටහා ගත යුතු ම ය. එනම් චතුරාර්ය සත්‍යයෙන් නොපිරුණා වූ, එහි බැස ගැනීමක් නැති දහමක් ඉස්මතු වන්නේ ය. මෙයට උදාහරණ වශයෙන්, දන් දීම මගින් ඇති වන පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන දහමුන් හෝ ධ්‍යානයන් අල්ලා ගැනීම නිසා වන, එහි නැවත නැවතත් පිහිටීම, බැස ගැනීම, වරදවා ගැනීම් වැනි දහමුන් ඉස්මතු විය හැකි ය. මෙසේ අවිද්‍යා සහගත වන්නේ නම් නිර්වාණය නැත. තව ද යමෙක් සීල සම්පන්නව වසමී යැයි පවසත්ද, එහි ප්‍රඥාව නොමැති ද, එම ධර්මයෝ ද ඉහළ විස්තර කළ ගණයට ම වැටේ. යමෙක් භාවනා කරන්නේ යැයි පවසත්ද, එහි ප්‍රඥාව නොමැති ද, එම ධර්මයෝ ද, වේදනා ධර්මයන් ඉක්මවා, මෝහය පැමිණීම යන ධර්ම කොටසට ම වැටේ.

යමෙක් වරදවා නොගෙන යොනිසො මනසිකාරය මනා කොට පැවැත්විය යුතු ය. මෙය සඳහා අනිච්ච සඤ්ඤා සූත්‍රයේ මෙන් සමුදය අස්තංගමය මනා කොට පැවැත්වීම කළ යුතු ය. මෙහි ඉද්ධිපාද ධර්මයෝ කෙසේ යෙදේ ද?

14/02/2025 නිබ්බාන භාවනාවේ දී මෙන් භාවිතා කර, තපස්සි බුදුපියා පෙන්වා දුන් දහම, පටිච්චසමුප්පන්න දහම වශයෙන් මනා කොට භාවිතා කළ යුතු ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව ඉතා ගාම්භීර ය (Profound). මනස විවෘත වීම මුල දී ම ඇති වන අතර, එය එසේ පවතී.

2. ජරාව දැක තපස්සි බුදුපියා පෙන්වා දුන් දහම, පටිච්චසමුප්පන්න දහම වශයෙන් භාවිතා කරන්නේ, ජරාව භාවිතා කර විඤ්ඤාණයක් නොසෑදිය යුතු ය, යන්න වැටහෙන්නේ, “Excellent” යැයි ඇසුණා.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.