ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
28/03/2025 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් පරිදි, යම් අත්තා යන සංකල්පයක් දුක සහගතව හටගන්නේ නම්, දුකෙහි ම බැස ගන්නා වූ එවැනි දහමක් මගින් ඇති වන නාමරූප අගයෝ ද, එම දුකෙහි ම බැස ගනී යන්න තවදුරටත් විමසා බැලුවා. මෙය දෙයාකාර දහමක් මගින් සිදු වන බව වැටහුණා. දී ඇති සටහන බලන්න.
දිරදිරා යන රූපය අත්තා කරගත්තේ නම්, අත්තා තුළ දුක අඩංගු ය. දිරදිරා යන රූපයට මාන වූයේ නම්, මානය තුළ ද දුක අඩංගු ය. එමගින් දිරදිරා යන රූපය නිත්‍ය යැයි ගත්තේ ද, එය තුළ ද දුක අඩංගු ය. දැන් අත්තා ධර්මය නිසා ඇති වීම එකකි. දැන් අත්තා ධර්මය ගිලිහී ගියත්, එය නොගැනීම සිදු වූවත්, පෙර අත්තා ධර්මය නිසා මානය සමඟ මෙය සිදු වීම විය හැක. මෙය 01/10/2015 විමුත්ති භාවනාවේ දුන් පළවන සටහන සමඟ බලන්න.
ඒකෙ ලකුණු කරලා තියනවා, සඤ්ඤාවයි වේදනාවයි අතර පෙර අත්තා ධර්මය. මනොසඤ්‌චෙතනාවයි පරාමාසකායගන්ථයයි අතර දැන් අත්තා ධර්මය. විඤ්ඤාණ ආහාරයයි ඉදංසච්චයයි අතර පසු අත්තා ධර්මය.
මෙය 07/03/2025 ව්‍යාපාද භාවනාවේ සාකච්ඡාවේ දී, හය වෙනි කරුණ ලෙස එකතු කරන ලදී. එනම් අත්ත සඤ්ඤා ගිලිහී යන්නේ නමුදු තපස්සි බුදුපියා පෙන්වා දුන් දහම තවමත් ක්‍රියාත්මක වන බව වැටහේ. කුමක් නිසාද? දිරදිරා යන රූපයට මාන වූයේ නම් මානය තුළ ද දුක අඩංගු ය. එමගින් දිරදිරා යන රූපය නිත්‍ය යැයි ගැනීම සිදු වීම, පෙර භවවල අත්තා නිසා සිදු වන බැවිනි. මෙසේ පෙර භවවල අත්තා නිසා සිදු වන මෙම ක්‍රියාවලිය සමඟ විමසා බලන්නේ, වේදනා ධර්මයන් ඉක්මවා මෝහය පැමිණීම, මෙහි දී ද, සිදු විය හැකිය යන්න සිතන්නේ, අනාශ්‍රව වීම සිදු විය.
28/03/2025 නිබ්බාන භාවනාවේ සඳහන් පරිදි, දාන සීල භාවනා යන්න, ප්‍රඥාව නොමැතිව පැවැත්වීම මගින්, වේදනා ධර්මයන් ඉක්මවා මෝහය පැමිණීම යන ධර්මතාවය සිතෙහි තිබීම පමණක් ප්‍රමාණවත් ය. අනාශ්‍රව ස්වභාවයෙන් මිදිය නොහැකිව, එය පවතී.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 12/04/2025