Date: 11/04/2025 Name: නිබ්බාන

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

25/08/2023 අමෘතය 5 භාවනාවේ දී, 1 සඤ්ඤාව 2 වේදනාව 3 ප්‍රියේහි විප්පයොගය යන ධර්මතාවයෝ ත්‍රිකෝණය මෙන් වන අවස්ථාව ඇඳ ඇත. එය පරිනිර්වාණ අවස්ථාව ය, යනුවෙන් ඉගෙන ගත්තා. මෙහි දී පිරිසිදු සඤ්ඤාවෙන් යුතුව ප්‍රියේහි විප්පයොග දෙස බලා ඉන්නාක් මෙන් ගත යුතු ය.

1 සඤ්ඤාව 2 වේදනාව 3 ප්‍රියේහි විප්පයොගය යන ධර්මතාවයෝ, එක ම රේඛාවක පිහිටන අවස්ථාව වන්නේ නම්, සඤ්ඤාවට ප්‍රියේහි විප්පයොගය නොපෙනේ. එහි විභන්ත චිත්තා යන පථය ක්‍රියාත්මක වන්නේ, වේදනා ධර්මයන් ඉක්මවා මෝහය පැමිණීම සිදු වන බව වටහා ගත යුතු ය. මේ නිසා පරිනිර්වාණය නොවේ.

තල දෙකක් යැයි පවසන්නේ, පිරිසිදු චතුරාර්ය සත්‍ය සහිත සඤ්ඤාවන්, සම්මා සංකල්පය තුළ පිහිටන අවස්ථාවත්, එසේ නොවන අවස්ථාවත්, බව වටහා ගත යුතු ය. කුමක් නිසා ද? ප්‍රිය වූ දෙයින් වෙන් වුණා යැයි පවසත්ද, එහි චතුරාර්ය සත්‍ය නැත. එනමුදු එම ධර්මතාවය, එනම් ප්‍රියේහි විප්පයොගය, සමාධිය මගින් දුක වශයෙන් හඳුනා ගන්නේ නම්, එහි චතුරාර්ය සත්‍ය ඇත. මෙසේ තල වෙන් වීම වැටහේ. එසේ නම් තල දෙක සම්මා සංකල්පය සහ මිච්ඡා සංකල්පය වශයෙන් හඳුනා ගත හැකි ය.

එහි සම්මා සංකල්පය මෙනෙහි කරන්නේ නම්, එයට අදාළව සෝකය පරිදේවය නැත. රජෙකු මෙන් විඳින ලද්දා වූ පෙර භව වල චිත්ත සංස්කාරයෝ සම්මා සංකල්පයේ ඇතුළත් නොවේ. මිච්ඡා සංකල්පය මෙනෙහි කරන්නේ, එහි ප්‍රියේහි විප්පයොගය, ජරා, ව්‍යාධි ධර්මයෝ ප්‍රඥාවෙන් තොරව ඇතුළත් වී ඇත.

මෙසේ මනා ප්‍රඥා ඇත්තේ නම්, එනම් චතුරාර්ය සත්‍ය සහිත සඤ්ඤාවන්, සම්මා සංකල්පය තුළ පිහිටන අවස්ථාව, 07/02/2025 සහ 14/02/2025 නිබ්බාන භාවනා මගින් පරිපූර්ණ වන්නේ නම්, එහි නිර්වාණය ගැබ් වේ.

ඒක තමයි භාවනාව.

මේකට තව කාරණා එකතු කරනවා නම්,

1. මෙහි තලය යනු කුමක් ද? යමක් පැවතිය හැකි ප්‍රදේශය වශයෙන් ගන්න. දී ඇති සටහන් බලන්න.

Parinibbana_3D_Planes.jpgNo_Parinibbana_oneplane.jpg

2. සම්මා සංකල්පය මෙනෙහි කරන්නේ “කතමො ච, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො? යො ඛො, භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා බ්‍යප්පනා චෙතසො අභිනිරොපනා වචීසඞ්ඛාරො. අයං, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො”.

මෙම ධර්මතාවය, තර්කය විතක්කය සංකල්පය දක්වා 10/01/2025 නිබ්බාන භාවනාව මෙන් සිහි කරන්නේ, සම්මා සංකල්පයේ පිහිටීම සිදු වූ අතර, මිච්ඡා සංකල්පයේ නොපිහිටා සම්මා සංකල්පයේ පිහිටීම කළ යුතු බව පුන පුනා මනසට පැමිණීම සිදු වේ. එනම් පරුෂා වාච හැරපියා, ආරති විරති පටිවිරති යන බුද්ධ වචනයෙහි සම්පූර්ණ අර්ථයෙන් වාසය කළ යුතු බව, උත්සාහයකින් තොරව මනසට පැමිණේ. මෙසේ දස කුසලයෙහි පිහිටීම, මනා ප්‍රඥා සමඟ සිදු විය. එහි 19/01/2024 නිබ්බාන භාවනාවේ සඳහන් දුක යන සංකල්පය සහ සංස්කාර අධිමොක්ඛ නොවීම යන ධර්මතාවයෝ එකවර සිදු වීම යන ධර්ම කරුණු මනා කොට පැවතිණ. මෙහි දී මනස ඉතා ශාන්ත ය.

3. Repair කරන විට, සුභ + නිත්‍ය මගින් සුඛ වීම සිතන්නේ, ජරාවෙන් පටන් ගත්තා වූ දහමක් මගින් නිත්‍ය වූ බව, නොදන්නා බව මෝහය තුළ ගැබ් වේ යන්න සිහි වන්නේ සුඛ යන්න සම්මා සංකල්පය තුළ නොපිහිටයි. දෙවෙනි කාරණාවේ දී ඇති වූ ශාන්ත ස්වභාවය නොපිරිහී පවතී.

4. 25/08/2023 අමෘතය 5 භාවනාවේ දී, ගැනීමට යන දේ, මෙහි ලී කෑල්ල රූප මේ ආකාරයේ ලී කෑල්ලක් ගත යුතු යැයි සඤ්ඤාව මගින් පෙර වෙන් කර දී ඇත. සනාථ කරන්නේ එයයි ලෙස ගත යුතු ය යනුවෙන් සාකච්ඡා කළා. මෙය සෝකය 1 නිසා වන නොමැරී පවතින මේ භවයේ සුඛ සඤ්ඤා සහ සෝකය 2 නිසා වන නොමැරී පවතින රජෙකු මෙන් පෙර විඳින ලද්දා වූ සුඛ සඤ්ඤා යන දෙයාකාර ධර්මයන් සඤ්ඤාව මගින් උලුප්පා දෙනු ලබන අරමුණක් ලෙස ගත යුතු ය. එයයි තෝරා ගනු ලබන රූපය.

5. 10/11/2023 අධිමොක්ඛ භාවනාවේ දී, බනියා සෙනෙහසක් මෙන් වූවා යැයි දැන් පවතින වේදනා ධර්මයන් නොඉක්මවිය යුතු ය. එනම්, එයත් ඕනි යැයි පිළිගනී. පසුව පවතින වේදනා ධර්මයන් නොඉක්මවිය යුතු ය. මෙසේ සිතා, බනියාගෙන් වෙන් වීමට තීරණය වන බව විමසා ඇත. එසේ නම් ඉහත හතර වෙනි කාරණයේ දී දන් දීම, සීලය, භාවනා ප්‍රඥාවෙන් තොරව සිදු කර ඉල්ලන්නේ ද දැන් පවතින වේදනා ධර්මයන් සහ පසුව පවතින වේදනා ධර්මයන් අතීත සංස්කාර මත පදනම් කරගෙන ය. “නාසීසතී ලොකමිමං පරඤ්‌ච” යන්න නොවීම ය. මෙලොව නොපතයි, පරලොව නොපතයි, යන්න නොවීම ය. මෙසේ සිතන්නේ මනස සෘජු වන්නේ ය. (becomes straight)

දෙවැනි කාරණය මගින් දස කුසලය සිතෙහි පිහිටීම වී සිත පිරිසිදු වීම වන අතර, මෙම හතර වෙනි කාරණය මගින් අතීත සංස්කාර මත පදනම් කරගෙන ක්‍රියාවලියන් කරන බව සිහියේ තිබෙන තාක් කල් සෘජු බව නොගිලිහී පවතී.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.