Date: 18/04/2025 Name: අත්තවාද උපාදාන

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

11/04/2025 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද පස් වෙනි කාරණය තවදුරටත් විමසා බැලුවා. එනම් 10/11/2023 අධිමොක්ඛ භාවනාවේ දී, බනියා සෙනෙහසක් මෙන් වූවා යැයි දැන් පවතින වේදනා ධර්මයන් නොඉක්මවිය යුතු ය. එනම්, එයත් ඕනි යැයි පිළිගනී. පසුව පවතින වේදනා ධර්මයන් නොඉක්මවිය යුතු ය. මෙසේ සිතා, බනියාගෙන් වෙන් වීමට තීරණය වන බව විමසා ඇත. එසේ නම් දන් දීම, සීලය, භාවනා ප්‍රඥාවෙන් තොරව සිදු කර ඉල්ලන්නේ ද, දැන් පවතින වේදනා ධර්මයන් සහ පසුව පවතින වේදනා ධර්මයන් අතීත සංස්කාර මත පදනම් කරගෙන ය, යනුවෙන් ඉගෙන ගත්තා.

10/11/2023 අධිමොක්ඛ භාවනාවේ සාකච්ඡාවේ දී තුන් වෙනියට එකතු කරන ලද ධර්ම කොටස සිහි විය. එනම් ඉපදීමටත් මරණයටත් දෙකට ම අත්තවාද උපාදානය බව බුදුපියවරු පැවසූ බව සිහි කරන්නේ, එය හොඳින් වැටහිණ. දී ඇති සටහන බලන්න.

MM_18_04_2025.jpg

1. එහි ඉපදීම දක්වන රතු පාටින් ලකුණු කර ඇති ප්‍රදේශය සිහි කරන්නේ, තපස්සී බුදුපියාගේ දහම මගින්, විඤ්ඤාණ සෑදීම වන්නේ, අත්තවාද උපාදානය හරහා මෝහ වී සුඛ යැයි බැස ගනී. මෙසේ ඉපදීම සඳහා පදනම සකස් කරගත් නිසා, අත්තවාද උපාදානය නිසා, ඉපදීම සිදු වන බව වැටහේ.

2. එසේ ඇති වුණා වූ නිත්‍යභාවය ඇත්තේ, ජරාවෙන් පටන්ගෙන නිත්‍ය වූ බව නොදන්නේ, මෝහය නිසා මනෝමය කාය මරාගෙන යෑම සුඛ යැයි සඤ්ඤා ඇත්තේ, පාණාතිපාත අදින්නාදාන වැනි සංස්කාරයන්ගේ බැස ගැනීම සිදු වේ. මරණය දක්වන කහ පාටින් ලකුණු කර ඇති ප්‍රදේශය විමසන්න. මෙසේ නිත්‍යභාවයෙන් පසුව ඇති වුණා වූ අත්තවාද උපාදානය නිසා මරණය සිදු විය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව කරන්නේ සමාධිය අධික ය. ප්‍රභාස්වර ආලෝක ස්වභාවයක් පවතී. එහි කිසිවක් අල්ලා ගන්නා ස්වභාවයක් නැත, tension නැත.

2. රතු පාටින් ලකුණු කර ඇති ප්‍රදේශය අත්තවාද උපාදානයේ P කොටස, එනම් සෝකයේ සිට වේදනාව දක්වා ලකුණු කරන කොටස සමග සම්බන්ධ වේ. කුමක් නිසා ද? විඤ්ඤාණ සෑදීම වන්නේ එමගින් වේදනා ධර්මයන් උපදවන නිසා ය.

3. කහ පාටින් ලකුණු කර ඇති ප්‍රදේශය අත්තවාද උපාදානයේ Q කොටස, එනම් වේදනා සිට පරාමාස දක්වා ලකුණු කරන කොටස සමග සම්බන්ධ වේ. කුමක් නිසා ද? ජරාවෙන් පටන්ගෙන නිත්‍ය වූ බව නොදන්නේ, මෝහය ම සුඛ ලෙස පරාමාසගත වීම ඇත. ඒ නිසා ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.