Date: 25/04/2025 Name: මෝහය

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

11/04/2025 නිබ්බාන භාවනාවේ එකතු කරන ලද පළවන කාරණයේ සඳහන් පරිනිර්වාණය නොවන අවස්ථාව විමසන්නේ, එහි එක ම තලයක පිහිටයි නම්, එනම් 1 සඤ්ඤාව 2 වේදනාව 3 ප්‍රියේහි විප්පයොගය යන ධර්මතාවයෝ එක ම රේඛාවක පිහිටයි නම්, පැවතිය හැකි යැයි සිතන ප්‍රදේශය එකක් වන්නේ, එහි සඤ්ඤාවන් කෙසේ ධාතු විෂයයෙහි බැස ගැනීම වන්නේ ද යන්න විමසීම කළා.

No_Parinibbana_oneplane.jpg

මෙයට ඨිතිපරිත්තතාය ධර්මයන් බලපාන බව බුදුපියා පැවසුවා. සුත්ත නිපාතයේ සහ මහා නිද්දේසයේ, ජීවිතය අල්ප වෙයි යනුවෙන් පෙන්වන ගාථාවක් තියෙනවා. එහි ඨිතිපරිත්තතාය (transience) සහ සරසපරිත්තතාය (essential fragility) ධර්මයන් පැහැදිලි කර දී තිබෙනවා.

1 සඤ්ඤාව 2 වේදනාව 3 ප්‍රියේහි විප්පයොගය යන ධර්මතාවයෝ එක ම රේඛාවක පිහිටන විට, ඨිතිපරිත්තතාය ධර්මයන් බලපාන්නේ කෙසේ ද? අතීතයේ වැඩි ම කාලයක් විඤ්ඤාණයේ පිහිටීමට හැකි වූ නෙවසඤ්ඤානාසඤ්ඤායතන වැනි තලවල සිටි චිත්තක්ෂණයෙහි (mind-moment) ජීවත් වූ අවස්ථාවන් සිහි කර, මතු කර, නාමරූප ධර්මයන් විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් සිදු වන අතර, එහි බැස ගැනීමට සරසපරිත්තතාය යන දහමුන් භාවිතා කරනු ලබයි.

සරසපරිත්තතාය ධර්මයන්ට උදාහරණ වශයෙන්, ධාතු ආහාර යන්න යොදා ගන්න. එහි යම් පරිභෝජනය කරගත හැකි ගුණයක්, විඤ්ඤාණයට ඒත්තු යන්නේ නම් පමණක්, එහි බැස ගැනීම සිදු වේ.

මෙසේ බැස ගැනීමට මූලික වන ධර්මතාවයන් දුර්වල බව, වටහා ගත යුතු ය. කුමක් නිසා ද? යම් තණ්හාවක් නිසා යමෙක් අහවල් දේවල් ඕනේ යැයි පවසත් ද එය අල්ලා ගැනීම, පැවැත් වීම, වැඩිදියුණු කිරීමේ අපහසුතා, විඤ්ඤාණයට හැඟෙන නිසා ය. එය එසේ ය.

ඨිතිපරිත්තතාය නැවතත් විමසනුයේ, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන රූප දහමුන්ගේ දුර්වලකම නිසා, ඨිතිපරිත්තතාය මනා කොට කරගත නොහැකි වීම වන්නේ, ඉතා අසරණ ස්වභාවයට පත් වේ. එනමුදු වේදනා ධර්මයන් ඉක්මවා මෝහයේ පැමිණීම සිදු වේ. මෙහි දී මෝහයට ඨිතිපරිත්තතාය සරසපරිත්තතාය යන දෙයාකාර ධර්මයන් මගින් ම ඇති වූ, ධර්ම කොටස් ඇතුළත් වේ. මෙය ද්වයතානුපස්සනා සූත්‍රයේ “අවිජ්ජා හයං මහාමොහො, යෙනිදං සංසිතං චිරං” යන ධර්ම කොටසින් වටහා ගත යුතු ය. එනම් දීර්ඝ සංසාරයේ ගමන් කරවන ලද අවිද්‍යාව ම, මහා මෝහය විය.

මෙහි දී එක් අයෙකුට රූප කොටස් පවතී යැයි මුලා වී, රූප භවයන් නිසා ඇති වූ නිත්‍යභාවය, මෝහයට ඇතුළත් වීම වන අතර, තව අයෙකුට නාම කොටස් පවතී යැයි ඇති වූ නිත්‍යභාවය, මෝහයට ඇතුළත් වීම සිදු වේ.

දීර්ඝ කාලයක් සංසාරයේ ගිය පුද්ගලයාට, මෙම දෙක ම මගින් වන බලපෑම, මෝහයට ඇතුළත් වන නිසා කුමන තලයක් වුවත් කමක් නැත යන අර්ථය, මෝහය නිසා පැමිණේ. මෙසේ සංසාරයේ යනු ලබයි.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව දෝලනය සටහන අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර, දක්ෂිණාවර්තව කැරකැවීම, ඉන් පසු විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප යන ධර්ම කොටස ක්‍රියාත්මක වේ, (anticlockwise) වාමාවර්තව කැරකවීම සිදු වේ. ඉන් අනතුරුව ත්‍රිශූලය diagram එක, වාමාවර්තව කැරකැවෙන අවස්ථාව දක්වා සිහි කර කිරීම, වඩා සුදුසු ය. එසේ කරන්නේ ශාන්ත වූ සමාධිය, මනා කොට පැවතීම සිදු වේ.

2. මෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන වැනි තලවල සිටි චිත්තක්ෂණයෙහි ජීවත් වූ අවස්ථාවන් සිහි කර, මතු කරයි යන්න කරනු ලබන්නේ, අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව එසවීමෙනි. එයට තණ්හාව තිබිය යුතු ය. එනම් 14/03/2025 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද 3a ධර්මතාවය බලපායි. මෙසේ අවිද්‍යා අනුසයෙන් සඤ්ඤාව එසවීමට පෙර, තණ්හා අගය පැමිණ තිබිය යුතු නිසා, තණ්හාව නිසා දුක ඇති වන බව තථාගතයන් වහන්සේලා පවසයි.

3. මෙම භාවනාව කරන්නේ සෝකය නැති අවස්ථාව පෙර භාවනා මගින් හඳුනා ගත්තේ යම් සේ ද, මෙහි දී තණ්හාව නැති අවස්ථාව, මනා කොට දැනේ. එම මනස ඉතා ශාන්ත ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.