ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
25/04/2025 මෝහය භාවනාවේ සඳහන් කරුණු භාවිතා කර සටහනක් සෑදිය හෑකි ය. දී ඇති සටහන බලන්න.
මෙම සටහනේ ඇති ධර්මතාවයෝ 17/02/2023 ආහාර සූත්‍ර උපෙක්ඛා භාවනාව සමඟ විමසන්නේ, අජ්ඣත්ත කාය (internal body) මගින් කරන බලපෑම නිසා, එනම් ඨිතිපරිත්තතාය නිසා ධාතු ස්වභාවය ම සිත්හි දරයි.
මෙහි දී පිටත දහම්හි උපෙක්ඛාව විමසන්නේ, දැන් පවතින රූපය කෙරෙහි උපෙක්ඛාවක් නැත. මෙහි දී පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදීමට තරම්, උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම්, ධාතු විෂයෙහි සිත සමාදන් නොවෙයි. එහි ම නිර්වාණය ගැබ් වේ.
ඇතුළත දහම්හි උපෙක්ඛාව තවදුරටත් විමසනුයේ, ජරා වූ රූපය නිසා විභන්ත චිත්තා පථය ඔස්සේ ගොස්, නිත්‍ය යැයි ගෙන මෝහ වී, සඤ්ඤාව සුඛ යැයි කාමරාග අනුසය හරහා පවසන්නේ area 6 සහ area 2 බන්ධනය කාම තණ්හාව මගින් ඇති වීම වන්නේ ය. මෙසේ තණ්හාව නිසා ඉපදීම වන බව දැන දැක, අබ්‍යග්ග නිමිත්තේ පිහිටිය යුතු ය. මෙසේ නිර්වාණය සාක්ෂාත් කර ගනී.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. ඉහත සටහනේ line 9 වල බලපෑම අධික ය යන්න විමසීමේ දී, 14/03/2025 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද 3a ධර්මතාවය යොදා ගන්න. චිත්තක්ෂණයෙහි ජීවත් වූ අවස්ථාවන් සිහි කරන විට, දැනට භාවනාවේ දී වන ආකාරය සිහි කළා. එනම් ධාතු ඉවත් කර පස්වන ධ්‍යාන වන්නේ හොඳ යැයි කියන්නේ ද, චූල සුඤ්ඤත සූත්‍රය මෙන් හයවන ධ්‍යාන වන්නේ ආලෝකය පෙනෙන්නේ හොඳ යැයි කියන්නේ ද, හත්වන ධ්‍යාන අටවන ධ්‍යාන වන්නේ හොඳ යැයි දැන් පවසන්නේ කෙසේ ද, එසේ ම චිත්තක්ෂණ සිහි කරන බව, සටහනේ වම් පැත්ත කොටසේ දී බැලුවා.
2. මෙම සටහන සිහි කරන්නේ අනාශ්‍රව වීම වන අතර විශ්වය පෙනේ.
3. මෙම ධර්මය අශ්චර්ය අද්භූත ධර්මයක් යැයි වැටහිණ. එය එසේ ය යැයි බුදුපියවරු පැවසුවා. භාවනාවට පෙර ම මෙහි ගාම්භීරත්වය වැටහෙන්නේ මෙවැනි දහමක් ලෝකයට එළි කර මතු කර දෙන තථාගතයන් වහන්සේලා සහ බුදුපියවරු කෙරෙහි අප්‍රමාණ වූ ශ්‍රද්ධාවක් ඇති විය. එවැනි ධර්ම මණ්ඩලයක මුල් පුද්ගලයා යැයි මණ්ඩලාධිපති බුදුපියා කෙරෙහි විශාල ශ්‍රද්ධාවක් ඇති විය. එම මූලයේ සිට මෙවැනි ධර්මයෝ ගලයි.
4. තණ්හාව නිසා ඉපදීම වන බව දැන දැක, අබ්‍යග්ග නිමිත්තේ පිහිටිය යුතු ය යැයි පැවසුවා. මෙහි දැන යන්න ඉහත සටහන මගින් දැන. දැක යන්න තපස්සි බුදුපියාගේ දහම මගින් දැක ලෙස වැටහේ. එනම් ජරා වූ රූපය මගින් නිත්‍ය වූ බව නොදැන, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.