ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
14/03/2025 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කරන ලද ව්‍යාපාද 2 සටහන නැවතත් විමසා බැලූවා.
එහි දී ඉදංසච්චයේ සිට පහළට දන් දීම, පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාක දෙන දහමුන් ගලයි. එයට පෙර, අත්තා ඉඳන් නිත්‍ය, මානයෙන් jack එක ගහන ධර්මතාවය ඇත. පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාක දෙන දහමුන්ට, මාන වීම විය නොහැක්කේ නම්, අත්තා සිට නිත්‍ය දක්වා වන පාලම තමා විසින් දන් දීම මගින් යම් ආකාරයකට පවත්වා ගත යුතු ද යන්න, නොවෙන බව දන්නේ, එයට යම් උත්සාහයක් කළ යුතු ද, එය කරගත නොහැක්කේ නම්, ව්‍යාපාදයට පත් වේ. මෙසේ ධම්මමච්ඡරිය හරහා වන ක්‍රියාවලිය මනා කොට කරගත නොහැකි වන්නේ නම්, වේදනාව අළලා වන දහමුන් කෙරෙහි ව්‍යාපාද ස්වභාවයක් හටගනී, යනුවෙන් ඉගෙන ගත්තා.
මෙම පාලම පැවැත්වීම සඳහා සරසපරිත්තතාය ධර්මයන් භාවිතා කරයි. එහි යම් වෙනසක් ඇති ද විඤ්ඤාණයට නතු වන පරිදි පැවැත්විය නොහැකි ද, එහි දී දුක්ඛය හටගැනීම ආරම්භ වේ. මෙහි යම් බැස ගැනීමක් වේ ද, තවදුරටත් උත්සාහ කරන්නේ යම් සේ ද, එයට ධම්මමච්ඡරිය බලපාන අතර ඨිතිපරිත්තතාය එයට අවනත වීම සිදු විය යුතු ය. එසේ නොවන්නේ නම් ගැටීම් අධික ය. වෙහෙසට පත් වේ. මෙහි දී දෙයාකාර ධර්මයන්, එනම් ඨිතිපරිත්තතාය සරසපරිත්තතාය මගින් වෙහෙසට පත්වීම ඇති අතර, අන් කිසිදු දහමක් මගින් පාලම පැවැත්වීම කළ නොහැක්කේ නම් කුමක් සිදු වේ ද?
14/03/2025 නිබ්බාන භාවනාවේ තුන් වෙනියට එකතු කරන ලද ධර්මතාවය යොදා විමසා බලමු.
a. Line 9 වල බලපෑම අධික වන අවස්ථාවේ දී කවරෙක් කෙසේ කීවත්, තමාට කළ හැකි ප්‍රමාණය ඉක්මවා කිරීමට වෙහෙසට පත් වේ.
b. අසම්පජානය වැඩි නම්, එනම් තණ්හා අගය වැඩි නම්, සරසපරිත්තතාය ධර්මයෝ මෝහය ඉක්මවා පැමිණේ. එහි සරසපරිත්තතායට උදාහරණ වශයෙන් විඤ්ඤාණ ආහාරය යොදා විමසන්නේ, විඤ්ඤාණ බර load එක පැමිණෙන්නේ මෝහය වසාලමින් මෝහයේ ඇති සුඛ යන මෝඩ මතය ඉක්මවා අත්තා යන මතය පැමිණේ. මෙහි දී ගැලවීමක් නැත. කුමක් නිසා ද? යම් දහමක් අත්තා කරගන්නේ නම් සැඩ පහරට අසු වූයෙකු මෙන් ම ගසා ගෙන යන බැවිණි. මෙසේ මෝහය ඉක්මවා අත්තා යන මතය පැමිණෙන්නේ නම් හොඳ නරක විමසා දැන ගැනීමට නොහැක. මෙවැනි අවස්ථාවක සඤ්ඤාමයකායක් නොරඳයි, එය ගිලිහී ගොස් ඇත. මෙසේ ව්‍යාපාදයට පත්ව, එය වැඩි දියුණු වී ඇත්තේ ද්වේෂය හටගනී. මෙසේ ද්වේෂය නිසා ඉපදීම ඇති වේ.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. විඤ්ඤාණ බර load එක පැමිණෙන්නේ මෝහය වසාලමින් මෝහයේ ඇති සුඛ යන මෝඩ මතය ඉක්මවා අත්තා යන මතය පැමිණේ. මෙය විභන්ත චිත්තා යන පථය ක්‍රියාත්මක වන්නේ වේදනා ධර්මයන් ඉක්මවා මෝහය පැමිණීම යන්න මෙන් විමසා බලන්නේ, අත්තා යන්නෙහි සුඛ යන්න තැන්පතු වීම, මෝහයේ සුඛ යන්න තැන්පතු වීමට වඩා වැඩි බව පෙනේ.
2. මෙසේ අත්තා යන්නෙහි සුඛ යන්න තැන්පතු වීම, මෝහයේ සුඛ යන්න තැන්පතු වීමට වඩා වැඩි බව වැටහෙන්නේ ජීවත් වීම සුඛ යැයි යන හැඟීම සත්වයාට ඇති බව වැටහිණ. මෙසේ සංසාරයේ සැරිසරයි. එයට ආහාර ගැනීම නිසා වන බලපෑම ඇත්තේ සියලු ආහාරයෝ සුඛ යැයි හැඟීම සත්වයාට ඇති බව වැටහිණ. මෙසේ විශ්වයේ ඕනෑ ම තැනක ඉපදීමට පදනම සාදාගෙන ඇත.
3. ඨිතිපරිත්තතාය සහ සරසපරිත්තතාය යන දහමුන් දෙදෙන තපස්සි බුදුපියා පෙන්වා දුන් පාලමේ දෙපැත්තේ යෙදෙන බව වැටහේ. මෙම දහමුන් දෙක එසේ යොදා බලන්නේ අනාශ්‍රව වන අතර, ඨිතිපරිත්තතාය සරසපරිත්තතාය ධර්මයන් නොමැති නම් area 1 සහ area 6 වෙන්ව පැවතීම සිදුවන්නේ ය.