Date: 16/05/2025 Name: නිබ්බාන

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මනුෂ්‍යත්වය ඉක්මවා දේවත්වය මනසට පැමිණෙන්නේ යම් සේ ද, දේවත්වය ඉක්මවා බ්‍රහ්මතලවල වාසය හොඳ යැයි පැමිණෙන්නේ යම් සේ ද, එසේ ම ආහාර වර්ග වල කබලිංකාර ආහාරය ඉක්මවා ස්පර්ශ ආහාරය පැමිණේ. ස්පර්ශ ආහාරය ඉක්මවා මනොසඤ්‌චෙතනා ආහාරය පැමිණේ. මෙයට වඩා විශිෂ්ට යැයි විඤ්ඤාණ ආහාරය පැමිණේ. මෙසේ සිතන්නේ කුමක් ජය ගත්තා ද යන්න සිතන්නේ, විඤ්ඤාණ ආහාරය ම විශිෂ්ට වූ බැවින් සත්වයා වැඩි කාලයක්, එහි ම ගැබ් වී ගැල් වී සිටියි. එය විශාල බව මෙසේ වටහා ගන්නේ, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා කොතරම් බලගතු දැයි වැටහිණ.

එහි හතර වන ධ්‍යාන වන්නේ උපෙක්ඛාව ඇත්තේ විශාලත ම වූ විඤ්ඤාණ ආහාරය නොකඩවා වෙනසක් නැතිව භුක්ති විඳීමට හැකියාව ඇත. එහි වෙනතකට පත් නොකිරීමට, සතර සතිපට්ඨානයෝ භාවිතා කරයි. සතර වෙනි විහරණයෙහි වාසය කරන්නේ, අරූප ධ්‍යාන පමණක් පවත්වා ගැනීමට උත්සාහ කරන්නේ, එහි සතර වෙනි විරිය මනා කොට භාවිතා කරන්නේ, පහළ ආහාරයෝ නොගැනීම පිණිස, එයට නොවැටීම පිණිස, කරන වෑයමක්, විරියක් ලෙස ගත යුතු ය.

මෙසේ වාසය කරන්නේ three kind of good conduct සටහන මෙන් අරි අට මගට පැමිණීම ද වැටහේ. කුමක් නිසා ද? යම් දහමක් විෂයෙහි, යම් බැස ගැනීමක් වන්නේ ද, එමගින් අරි අට මග ගිලිහෙන නිසා ය.

උපසමාධිට්ඨානය දක්වා යන්නේ, බලකොටුව උදාහරණය මෙන් රාග දෝෂ මෝහ පැමිණීමට ඉඩ නොදෙයි. මෙහි දී මෝහයේ සුඛ යන මතය ඉක්මවා අත්තා යන්න පැමිණීම සමඟ විමසන්නේ, රාග දෝෂ මෝහ තුනෙහි ම එකතුව අත්තා බව වැටහේ. එය එසේ ය.

විමංසා සමාධිය ඇත්තේ, ඇඳ යට දොර පොල්ල නොතැබීමට තරම් දක්ෂ වන්නේ, අත්තා යන්න ඉවත් කිරීමෙන් පමණක්, රාග දෝෂ මෝහ ඉවත් කළ හැකි බව වැටහේ.

මෙසේ සියලු ම සංස්කාරයන් ඉවත් කරන්නේ, දාන සීල භාවනා යන්න ප්‍රඥාවෙන් තොරව පැවැත්වීම ඉවත් කරන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. ප්‍රඥාය ප්‍රජානතෝ යන්න විමසීමේ දී 09/05/2025 ද්වේෂ භාවනාවේ, විඤ්ඤාණයට නතු වන පරිදි යන්න හොඳින් වැටහේ. එනම් අසුභයේ සුභ වැනි අනෙක් සඤ්ඤා නොවෙන අයුරින් පැවැත්වීම මෙහි අදහස් කෙරේ. මෙහි දී මුහුණෙන් ආලෝකය විහිදෙයි, සිත ප්‍රභාස්වර ය.

2. Dementia- යමෙක් සමාජය ඇසුරු කරන්නේ හෝ විනෝදාංශ මගින් හෝ dementia අඩු වන බව අපි අසා ඇත. මෙයට හේතුව විඤ්ඤාණය තනි නොවීම බව බුදුපියා පැවසුවා. එනම් විඤ්ඤාණ ආහාරය මත ම මනුෂ්‍යයෙක් වැඩියෙන් රැඳෙන්නේ නම්, තනි වී සිත සිතා සිටින්නේ නම්, ඔහුට අන් දහමුන් ගිලිහෙන නිසා ය. ධර්මය මෙනෙහි කරන්නේ නම් එය වෙනස් ය. කෙසේ ද? ඔහුට අනෙකුත් ආහාරයන් ලැබෙන නිසා ය. එය කෙසේ ද? එම දහමුන් ඉවත් කිරීමට උත්සාහ කරන බැවිණි. උදාහරණ වශයෙන් ස්පර්ශ ආහාරය ප්‍රීතිය නිසා ලැබෙන්නේ ය.

3. ඉහත දෙවෙනි කරුණ තවදුරටත් පැහැදිලි කරන්නේ, ඉහත භාවනාව මගින් උපෙක්ඛාව ඇති වෙන අතර, ප්‍රීතිය ඔළුවේ පිටුපසට අවධානය යොමු කරන විට ඇති වේ. එනමුදු, එය කෙරෙහි උපෙක්ඛාව ඇත. මෙසේ ප්‍රීති ආහාරයත් උපෙක්ඛාවත් මෙසේ පවතින්නේ මනා කොට repair කිරීම කරගත හැකි ය.

4. මෝහයේ සුඛ යන මතය ඉක්මවා අත්තා යන්න පැමිණීම සමඟ විමසන්නේ, රාග දෝෂ මෝහ තුනෙහි ම එකතුව අත්තා බව වැටහේ යන්න විමසා බලන්නේ, අත්තා යන්නෙහි සුඛ යන්න තැන්පතු වීම, මෝහයේ සුඛ යන්න තැන්පතු වීමට වඩා වැඩි බව, 09/05/2025 ද්වේෂ භාවනාවේ එකතු කරන ලද පළවෙනි කාරණයේ දී ඉගෙන ගත්තා. අත්තා සහ මෝහය තුළ සුඛ යන්න තැන්පතු වීම ඇති නම්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම මගින් ද පවසන්නේ සුඛ බව ම වේ. එසේ නම් රාගජ පරිදාහය ඇති වේ. එමගින් අත්තා යන්න නැවත සැකසේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Threekindofgoodconduct.jpg