ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
09/05/2025 ද්වේෂ භාවනාවේ දෙවෙනියට එකතු කරන ලද කාරණය ඉතා බලගතු බව වැටහේ. කුමක් නිසා ද? යමක් ඉවත් කිරීමට එය බාධා වන නිසා ය. එහි දී අත්තා යන්නෙහි සුඛ යන්න තැන්පතු වීම, මෝහයේ සුඛ යන්න තැන්පතු වීමට වඩා වැඩි බව වැටහෙන්නේ ජීවත් වීම සුඛ යැයි යන හැඟීම සත්වයාට ඇති බව වැටහිණ. මෙසේ සංසාරයේ සැරිසරයි. එයට ආහාර ගැනීම නිසා වන බලපෑම ඇත්තේ සියලු ආහාරයෝ සුඛ යැයි හැඟීම සත්වයාට ඇති බව වැටහිණ. මෙසේ විශ්වයේ ඕනෑ ම තැනක ඉපදීමට පදනම සාදාගෙන ඇත, යනුවෙන් ඉගෙන ගත්තා.
තව ද 16/05/2025 නිබ්බාන භාවනාවේ දී, මනුෂ්‍යත්වය ඉක්මවා දේවත්වය මනසට පැමිණෙන්නේ යම් සේ ද, දේවත්වය ඉක්මවා බ්‍රහ්ම තලවල වාසය හොඳ යැයි පැමිණෙන්නේ යම් සේ ද, එසේ ම ආහාර වර්ගවල කබලිංකාර ආහාරය ඉක්මවා ස්පර්ශ ආහාරය පැමිණේ. ස්පර්ශ ආහාරය ඉක්මවා මනොසඤ්‌චෙතනා ආහාරය පැමිණේ. මෙයට වඩා විශිෂ්ට යැයි විඤ්ඤාණ ආහාරය පැමිණේ. මෙසේ සිතන්නේ කුමක් ජය ගත්තා ද යන්න සිතන්නේ, විඤ්ඤාණ ආහාරය ම විශිෂ්ට වූ බැවින් සත්වයා වැඩි කාලයක්, එහි ම ගැබ්වී ගැල්වී සිටී යැයි එම භාවනාවේ දී ඉගෙන ගත්තා.
මෙය 25/04/2025 මෝහය භාවනාවේ ධර්ම කරුණක් සමඟ විමසා බැලුවා. එහි ඨිතිපරිත්තතාය නැවතත් විමසනුයේ, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන රූප දහමුන්ගේ දුර්වලකම නිසා, ඨිතිපරිත්තතාය මනා කොට කරගත නොහැකි වීම වන්නේ, ඉතා අසරණ ස්වභාවයට පත් වේ, යන්න විමසා බලමු. මෙයට උදාහරණ වශයෙන් සම්බෝලයක් සෑදීම සඳහා ලැබී ඇති පොල් නරක නම්, අසරණ ස්වභාවයට පත් වේ යන්න වැටහේ.
මෙය නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යන කෙනෙකුට කෙසේ යෙදේ ද යන්න විමසනුයේ, එය කබල් මේසය ඉවත් කිරීම සහ polish කරන ලද මේසය ඉවත් කිරීම වශයෙන්, සිතා බලන්න යැයි බුදුපියා පැවසුවා.
Polish කරන ලද මේසය ඉවත් කිරීම සඳහා අන් අය එනම්, වේදනා, සඤ්ඤා, චේතනා යන අය උදව් කරන්නේ ය. කබල් මේසය ඉවත් කිරීමට එම අය උනන්දු නොවේ. කුමක් නිසා ද? අපි එය ඉවත් කර ඇති මෙන් හැඟීම ඇත. එය කබල් ය, වැඩක් නැත, ලෙස සඤ්ඤා පෙර ම ඇති වී ඇත. මෙහි දී බුදුපියවරුන්ගෙන් මම පෙර අසා ඇති දෙයක් සිහි විය. අරූප ධ්‍යාන තලවල අයට බණ නොකියන්නේ දැයි අසන්නේ, එම අයට රූපයෙන් ඉවත් වන්න යැයි පවසනවිට, එම අය අපි එයින් ඉවත් වී ඇති බව පවසන බව, බුදුපියා පැවසුවා. කබල් මේසය තවමත් ඉවත් කර නොමැති බව, පිළිනොගනී. මතුවෙන්නා වූ ප්‍රිය යැයි හැඟෙන සඤ්ඤා ඉවත් කර ඇති නමුත්, අළු යට ගිනි මෙන් පවතින අනුසය දහම් සහිත රූප සඤ්ඤා තවමත් පවතී. එනම් වැරදුණහොත් එයත් කමක් නැත. කෙසේ හෝ ජීවත් වීම, සුඛ යන්න අත්තා යන්නෙහි තැන්පතු වී ඇත. මේ නිසා කබල් මේසය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අපහසු වන්නේ, සත්වයෝ සසරේ සැරිසරයි.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. ප්‍රඥාය ප්‍රජානතෝ යන්නෙහි වටිනාකම වැටහේ. මෙම භාවනාවේ පළවන ඡේදය කියවනවිට ම අනාශ්‍රව වන්නේ ය.
2. කබල් මේසය සම්පූර්ණයෙන් ඉවත් කිරීම සිදු කර නැති යැයි සිතන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියා කිසිවක් ඉවත් කර නැති යැයි වැටහේ. මෙසේ විශ්වය ගැන සිතන්නේ සබ්බලොකෙ අනභිරත සඤ්ඤාව සිහි විය. අධිෂ්ඨාන, අභිනිවේස, අනුසය. මෙහි සිතට ස්ථාන වන කබල් මේසය සම්පූර්ණයෙන් ඉවත් කර නැත. එසේ නම් සබ්බලොකෙ අනභිරත සඤ්ඤාව කොතරම් බලගතු දැයි වැටහිණ. මෙසේ මුළු විශ්වය කෙරෙහි ම එය පැවැත්විය යුතු ය.
3. ඉහත දෙවන කරුණ තවදුරටත් විමසන්නේ, යමෙක් දෙතිස් කුණපය මෙනෙහි කර, ප්‍රථම ධ්‍යානයට යන්නේ එහි ප්‍රීතිය ඇත්තේ එය හොඳ නිසා එහි බැස ගැනීම විය. මෙහි දී දෙතිස් කුණපය අතහැර නැත. අලුතට ලැබුණා වූ හොඳ දෙයෙහි බැස ගැනීමක් පමණි. මෙසේ විමසන්නේ, තෙවන ධ්‍යානයට යන්නේ එහි සුඛය ඇත්තේ එය හොඳ නිසා එහි බැස ගැනීම විය. මෙහි දී යම් ආකාරයකට අත්තා යන්න සුඛ සහගත වීම ඇත්තේ, මනොසඤ්‌චෙතනා ආහාරය ද හොඳින් වැටහේ. එහි අත්තා යන්නට අවශ්‍ය වූ සුඛය ඇත. මෙහි දී ප්‍රීතිය අතහැර නැත. අලුතට ලැබුණා වූ හොඳ දෙයෙහි බැස ගැනීමක් පමණි. මෙසේ විමසන්නේ, හතර වෙනි ධ්‍යානයට යන්නේ එහි උපෙක්ඛාව ඇත්තේ විශාලතම වූ විඤ්ඤාණ ආහාරය, නොකඩවා වෙනසක් නැතුව භුක්ති විඳීමට හැකියාව ඇති නිසා හොඳ දෙයෙහි බැස ගැනීමක් පමණි. මෙහි දී සුඛය අතහැර නැත. මෙසේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා සිහි කරන්න.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 07/06/2025
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඒකට තව කාරණා දෙකක් එකතු කරන්න පුළුවන්.
4. මෙහි පළවන ඡේදය මගින් සුඛ යැයි පැවසීම පෙන්වා දෙනු ලබයි. දෙවන ඡේදය මගින් හොඳම සුඛය සොයන බව පෙන්වා දෙනු ලබයි. තුන් වෙනි ඡේදය මගින් ජරා ධර්මය නිසා කාම ලෝකයේ එම සුඛය මනා කොට ලබා ගත නොහැකි වීම පෙන්වා දෙනු ලබයි. හතරවන ඡේදය මගින් ධ්‍යාන තලවල ජරා ධර්මය නොවැටහීම නිසා නිර්වාණ සුඛය ලබා ගත නොහැකිවීම පෙන්වා දෙනු ලබයි.
5. "සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා, පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා, අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති". මෙහි පහානා යන පාලි වචනය විමසන්නේ, එය abandoning ලෙස English වලින් දක්වයි. Abandon යනු cease to support. මෙය ගමනක් යන අතරතුර එක් දර්ශනයක් පසු කර ඔබට රැඳී සිටීමට අවශ්‍ය ස්ථානයට ළඟා වීමක් ලෙස සැලකිය යුතු ය, යනුවෙන් බුදුපියා පැහැදිලි කළා. පහානා යන්න 5 ආකාර වේ. එහි එකක් වික්ඛම්භන පහානා - නීවරණ 5 තාවකාලිකව අත්හිටීම. තව එකක් පටිපස්සද්ධි පහානා පස්සද්ධිය නිසා යම් දහමක් ප්‍රහාණය කිරීම යනුවෙන් සිතන්නේ එකතු කරන ලද තුන් වෙනි කාරණය හොඳින් වැටහේ.
එතකොට ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.