ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
16/08/2024 නිබ්බාන භාවනාවේ දී, සුභ + නිත්‍ය මගින් සුඛ යන්නෙහි, සුභ යන්න චිත්ත විපල්ලාසය ලෙස ද, නිත්‍ය යන්න දිට්ඨි විපල්ලාසය ලෙස ද, සුඛ යන්න සඤ්ඤා විපල්ලාසය ලෙස ද යෙදීම කර විමසා බලන ලදී. එහි දී අත්තා සංකල්පය තුළ භූමිගතව ඇත්තේ, සුභ යන චිත්ත විපල්ලාසය වේ, යනුවෙන් ඉගෙන ගත්තා. කුමක් නිසා එසේ පවසයි ද? විඤ්ඤාණ ධාරාව මගින් ගෙන යන්නේ සුඹුල මෙන් වූ රූප අගයෝ ම වන නිසා ය. වේදනා, සඤ්ඤා වැනි ධර්මතාවයෝ, එම සුඹුල වටේ ඔතන හොටු මෙන් ය.
අත්තා යන සංකල්පය තුළ සුඛ යන්න තැන්පතු වීම, මෝහයේ සුඛ යන්න තැන්පතු වීමට වඩා වැඩි බව 09/05/2025 දෝස භාවනාවේ දී සාකච්ඡා කළා. අත්තා යන සංකල්පය තුළ භූමිගතව ඇත්තේ, සුභ යන චිත්ත විපල්ලාසය නම්, සුඛය තැන්පතු වීමට උදව් උපකාර කර ඇත්තේ ද එය ම බව වැටහේ.
27/09/2024 ජීවිත ඉන්ද්‍රිය භාවනාවේ දී දෙන ලද සටහන විමසා බැලුවා.
එහි a නිත්‍ය දිට්ඨි සහ b සුභ යන චිත්ත විපල්ලාසය යන අගයන් දෙක, ජීවිත ඉන්ද්‍රියේ ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රමාණවත් වන්නේ නම් පමණක්, එහි හැකියාව වටහා ගැනීම සඳහා පමණක්, විඤ්ඤාණ සිට පැමිණෙන පදුට්ඨමනසඞ්කප්ප අගයෝ විමසීම කරනු ලබයි, යනුවෙන් ඉගෙන ගත්තා. අත්තා යන සංකල්පය තුළ සුඛය තැන්පතු වීම සඳහා කුමක් බලපෑවේ ද යන්න සිතන්නේ, එය විඤ්ඤාණ ආහාරයේ බොහෝ කල් වාසය කිරීම නිසා පදුට්ඨමනසඞ්කප්පය හරහා සුභ යන චිත්ත විපල්ලාසය එකතුවෙන් ජීවිත ඉන්ද්‍රිය පෝෂණය කරමින් ජීවිත ඉන්ද්‍රිය හරහා ම පරාමාසගත වූ ධර්මයෝ මගින් සිදු වේ. මෙහි දී බොහෝ කල් සුභ යැයි ගෙන ඇති බව වැටහේ. එය එසේ ය. එසේ නම් විඤ්ඤාණ ආහාරයේ බොහෝ කල් වාසය කිරීම සඳහා උදව් උපකාර කර ඇත්තේ ද, අනෙක් ආහාර තුනෙහි එකතුව බව මනා කොට වැටහේ.
මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මය සිහි කරන්නේ, සඤ්ඤාව දුක වශයෙන් දකින්නේ, සඤ්ඤාව රූප පැත්තට හෝ චේතනා පැත්තට හෝ වේදනා පැත්තට නොයයි. මෙහි සුඛ සඤ්ඤා විපල්ලාසය නොරැඳේ. එසේ වන්නේ නම් සුභ යන චිත්ත විපල්ලාසය ඉවත් වීම සමඟ කිසිදු තැනක සිත නොපිහිටයි යනුවෙන් 16/08/2024 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත්තා. එසේ නම් සුභ යන චිත්ත විපල්ලාසය ඉවත් වීම වන්නේ නම්, විඤ්ඤාණ ආහාරයෙහි වාසය කිරීම කළ නොහැකි වන්නේ, එයින් ම නිර්වාණය සඳහා පදනම සෑදේ.
මෙහි බැස ගැනීම සඳහා සතර ඉද්ධිපාදයෝ භාවිතා කළ යුතු ය. ඒ සඳහා සතර ඉද්ධිපාදයෝ 07/02/2025 සහ 14/02/2025 නිබ්බාන භාවනාවන් පරිදි හොඳින් වඩා තිබිය යුතු ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව බලා භාවනාව කරන්නේ, පළවෙනි ඡේදය මෙනෙහි කරන්නේ ආනෙඤ්ජ සප්පාය සටහනේ සුභ යැයි පරාමාස සිට ඉදංසච්චය දක්වා ඇදීම සිහි විය. එය සමඟ අනාශ්‍රව විය. එය මුළු භාවනාව තුළ ම පැවතියේ ය. ඉතිරි කොටස් සිහි කිරීම ඉතා අපහසු ය. අත්තා යන සංකල්පය තුළ, සුඛය තැන්පතු වීම කෙසේ දැයි දන්නා බව, මෙයට හේතු සහ ප්‍රත්‍ය විය. භාවනාවට අනතුරුව repair කිරීම ද ඉතා අපහසු ය. සිත ඉතා ම slow වී ඇති නිසා ය.
2. ආනෙඤ්ජ සප්පාය සටහනේ සුභ යැයි පරාමාස සිට ඉදංසච්ච දක්වා ඇදීම සිහි නොකර මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මය සිහි කරන්නේ, වේදනා පැත්තට නොයයි යන්න දක්වා සිහි කර, අත්තා යන්නෙහි සුඛ යන්න තැන්පතු වීම, මෝහයේ සුඛ යන්න තැන්පතු වීමට වඩා වැඩි බවත්, වේදනා ධර්මයන්- දුක ඉක්මවා මෝහය- සුඛ පැමිණීම යන්න, සිහි කරන්නේ අනාශ්‍රව විය.
3. මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මය සිහි කළා. සඤ්ඤාව දුක වශයෙන් දකින්නේ, සඤ්ඤාව දෙපැත්තට නොයයි. රූප පැත්තට හෝ චේතනා පැත්තට නොයයි. මෙය දකින්නේ විඤ්ඤාණ ධාරාව slow වන්නේ ය. මෙවිට තුන් වෙනි පැත්තට නොයයි. එනම් වේදනා පැත්තට නොයයි. වේදනා හැඟීම් වලින් තොර වේ. මෙහි කුමක් නිසා වේදනා පැත්තට නොයයි ද, යන්න විමසා බැලුවා. රූප පැත්තට නොයයි නම් 10% පාර දිගේ, වේදනාව කරා ගමන් නොකරයි. චේතනා පැත්තට නොයයි නම් දිට්ඨි අනුසය පාර දිගේ, එනම් 40% පාර දිගේ වේදනාව කරා ගමන් නොකරයි. තව ද චේතනා පැත්තට නොයයි නම්, එමගින් ඇති වන මෝහය මගින් සඤ්ඤාව සුඛ යැයි පැවසීමට කාමරාග අනුසය උත්සුක නොවන අතර, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම වළකී. සංකප්ප පාර එනම් 50% පාර දිගේ, වේදනාව කරා ගමන් නොකරයි. මෙහි දී විඤ්ඤාණ ධාරාව slow වීම වැදගත් කරුණක් වන අතර, සඤ්ඤාව දුක වශයෙන් දැකීම නිසා කාම ආශ්‍රව නොවීම, එනම් පසු සඤ්ඤා ඉස්මතු නොවීම මගින් සුඛ සඤ්ඤා විපල්ලාසය නොරැඳේ.
4. දී ඇති සටහන සමග විමසන්නේ,
අත්තා යන සංකල්පය තුළ සුඛය තැන්පතු වීම සඳහා කුමක් බලපෑවේ ද යන්න දැන් හොඳින් වැටහේ. වේදනාවේ සිට චේතනාව දක්වා පැමිණෙන්නා වූ සුඛ සඤ්ඤා විපල්ලාසය සහ ජීවිත ඉන්ද්‍රිය හරහා ම පරාමාසගත වූ, සුඛ වූ ධර්මතාවයෝ යන දෙදෙන මගින්, එය සිදු විය.
5. අත්තා යන සංකල්පය තුළ, සුඛ යන්න තැන්පතු වීම මෝහයේ සුඛ යන්න තැන්පතු වීමට වඩා වැඩි නම්, බොහෝ කාලයක් සංසාරයේ අපි ගිය නිසා, “අවිජ්ජා හයං මහාමොහො, යෙ නිදං සංසිතං චිරං” යන අර්ථය ඇතිව, සුභ යන චිත්ත විපල්ලාසය එකතුවෙන්, ජීවිත ඉන්ද්‍රිය පෝෂණය කර ඇත්තේ යන්න, බොහෝ කල් සුභ යැයි ගෙන ඇති බව වටහා ගැනීමට උදව් විය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.