ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
30/05/2025 නිබ්බාන භාවනාව කර ඉන් අනතුරුව repair භාවනාව කරන්නේ, ඉද්ධිපාද කොටසේ දී, විමංසා ඉද්ධිපාදය පදුට්ඨමනසඞ්කප්පයේ ආස්වාදය ඉවත් කරයි යන්න සිහි කරන්නේ, මෙහි ආස්වාදය සුභ යන චිත්ත විපල්ලාසය නිසා ම ඇති වන නිත්‍ය සඤ්ඤා මගින් විඤ්ඤාණ ආහාරයේ තැන්පත් වන සුඛ යන සඤ්ඤා විපල්ලාසය බව වැටහිණ. දී ඇති සටහන බලන්න.
එහි 1 සුභ යන චිත්ත විපල්ලාසය, 2 පදුට්ඨමනසඞ්කප්පය සමඟ එකතු වී පරාමාසගත වී, 3 අත්තා යන සංකල්පය තුළ දෙයාකාර ධර්මයන් මගින් එනම්, වේදනාවේ සිට චේතනාව දක්වා පැමිණෙන්නා වූ සුඛ සඤ්ඤා විපල්ලාසය සහ ජීවිත ඉන්ද්‍රිය හරහා ම පරාමාසගත වූ සුඛ වූ ධර්මතාවයෝ යන දෙදෙන මගින්, සුඛය තැන්පත් වීම ලකුණු කර ඇත. එමගින් ඇති වන්නා වූ නිත්‍ය සඤ්ඤාව 4 වෙනියට ලකුණු කර ඇත. එමගින් විඤ්ඤාණ ආහාරයේ සුඛ යන සඤ්ඤා විපල්ලාසය තැන්පත් වේ.
එසේ නම් 15/05/2015 ආශ්චර්ය අද්භූත ධර්ම භාවනාවේ ඉද්ධි පථය භාවිතා කරන්නේ, වීමංසා ඉද්ධිපාදය කෙසේ මෙම ආශ්වාදය ඉවත් කිරීමට තරම් පෝෂණය වන්නේ ද? තපස්සි බුදුපියාගේ දහම විමසා බලන්නේ, අනෙක් ඉද්ධිපාද මගින් සංස්කාර සහ අරූප ධ්‍යාන පවා ඉවත් කර ඇත්තේ, කුමන ආකාරයකට හෝ අත්තා සිට නිත්‍ය පාලම නොසෑදීමට තරම් පෝෂණය වී තිබිය යුතු ය. එනම් මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් දහම භාවිතා කර, සුඛ යන සඤ්ඤා විපල්ලාසය නොරැඳෙන තත්වයට මනස පත්ව තිබිය යුතු ම ය.
එසේ නොවන්නේ නම් අත්තා තුළ සුඛ යන්න තැන්පතු වීමක්, ඉස්මතු වීමක්, සිදු වන්නේ, නිර්වාණය නොවේ. මෙසේ සිතන්නේ චිත්ත ඉද්ධිපාදය මගින් සියලු සෝක දහමුන් ඉවත් කර තිබිය යුතු යැයි වැටහේ. එය එසේ ය.
මේ සඳහා ඉද්ධි පථයේ තුන් වෙනියට භාවිතා කරන විරිය මගින්, අරූප ධ්‍යාන ඉවත් කරන්නේ ඉන් අනතුරුව, ජීවිත ඉන්ද්‍රිය හරහා නිත්‍ය යැයි කිසිවක් පරාමාසගත නොවීමට තරම් විමංසාව ප්‍රබල විය යුතු ම ය. මෙසේ වන්නේ විඤ්ඤාණ ආහාරය තනි වන්නේ ය, Isolate. සුඛ සඤ්ඤා විපල්ලාසය ඉන් අනතුරුව ඉවත් වේ. එනම් ආහාර කිසිවක් නොලැබෙනවිට යමෙක් වියලී යා ද, එසේ ම එය නිවී යන්නේ ය. උදාහරණ වශයෙන්, ගිනි ගොඩකට දර සපයන්නේ නැතිනම් එය වියලී යා ද, නිවී යා ද, මෙය එසේ වටහා ගත යුතු ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. 09/05/2025 දෝස භාවනාවේ, තණ්හා අගය වැඩි නම් සරසපරිත්තතාය ධර්මයෝ මෝහය ඉක්මවා පැමිණේ යන්න ද හොඳින් වැටහේ. එනම් තණ්හා අගය වැඩි නම්, සුඛ සඤ්ඤා විපල්ලාසය හරහා සරසපරිත්තතාය ධර්මයෝ ගලයි.(*1)
2. සුඛ යන සඤ්ඤා විපල්ලාසය නොරැඳෙන තත්වයට මනස පත්ව තිබිය යුතු ම ය, යන්න විමසන්නේ, මෙහි දී වම් පැත්තේ ලකුණු කරන ලද ඡන්දය මගින්, කරන ක්‍රියාවලිය ද, මනා කොට වැටහේ. එහි නන්දිය බැස යන්නේ එය 50% පථය ඉවත් වීමට තුඩු දේ. එසේ නම් මෙහි සුඛ යන සඤ්ඤා විපල්ලාසය නොරැඳීම සිදු වීම, සෝකය 2 පථය මගින් ඇති වන, රජෙකු මෙන් පෙර විඳිනා ලද සුඛයන් නැවතීම ලෙස සිතන්නේ, ඉතා ම ශාන්ත චිත්තයක් ඇති විය.
3. සුඛ යන සඤ්ඤා විපල්ලාසය ඉවත් වන්නේ, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව නැතිනම් ය. ආශ්‍රවයට තුඩු දෙන ස්පර්ශය සොයා නොගිය යුතු ය. එනම් සෝක 2 නන්දි ඉවත් වීම 50% පථය ඉවත් වීම විය යුතු ය. මෙම භාවනාව මෙසේ සිහි කරන්නේ, මුහුණ cool වන්නේ ය.(*2)
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 21/06/2025
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඒ කියන්නෙ ඔය අත්තා යන සංකල්පය තුළ සුඛ යන්න තැන්පතු වීමෙහි උඩ කොටස, එනම් වේදනා සිට චේතනා දක්වා කොටස භාවිතා කරනවා.
(*2) ඉතින් මෙතනට කෙනෙකුට බලන්න පුළුවන් ඔය විරිය මගින් කරන ක්‍රියාවලිය. ඒක අපි 23/06/2023 නිබ්බාන භාවනාවේ එකතු කරපු කාරණාවලින් දෙවැනි කාරණාවේ පෙන්නලා දීලා තියෙනවා. සිතේ ඇති වුණ අරමුණ කෙරෙහි දිට්ඨි සහගත නොවී විරිය බලය භාවිතා කර ඉවත් කිරීම කියන එක. ඉතින් ඒකෙ තියෙනවා, ඉතින් නන්දිය අයින් කළා නම් ඡන්දයෙන් ඇවිල්ලා, එතකොට 50% පාර කැපිලා එතකොට සුඛ සංඥා විපල්ලාසය අයින් වෙලා. එතකොට ඔතන දී ඔය දිට්ඨි සහගත නොවේ කියන්නේ, දිට්ඨිය කියන එක පරාමාසයයි චේතනාවයි අතර, එතකොට එතන දිට්ඨි තියෙන්න පුළුවන් මෙතන ලැගලා හිටියා, විඤ්ඤාණ ස්ථිතියක් ලැගලා හිටියා කියලා නොවිය යුතුයි. ඒකෙ පෙන්නනවා මෙය විමංසාවට කාවැදීම අනුෂ්ඨිත වූ විරිය ඉද්ධිපාදය නිසා ම සිදු විය කියලා. අන්න ඒ කෑල්ල භාවිතා කරනවා නම්, ඉතින් භාවනාව ගොඩක් හොඳයි.