Date: 13/06/2025 Name: නිබ්බාන

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

30/05/2025 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි අවසානයට සඳහන් කළ, ධර්ම කොටසට සිත යොමු කළා. එනම් සුභ යන චිත්ත විපල්ලාසය ඉවත් වීම වන්නේ නම්, විඤ්ඤාණ ආහාරයෙහි වාසය කිරීම කළ නොහැකි වන්නේ, එයින් ම නිර්වාණය සඳහා පදනම සෑදේ. මෙහි බැස ගැනීම සඳහා සතර ඉද්ධිපාදයෝ භාවිතා කළ යුතු ය. ඒ සඳහා සතර ඉද්ධිපාදයෝ 07/02/2025 සහ 14/02/2025 නිබ්බාන භාවනාවන් පරිදි හොඳින් වඩා තිබිය යුතු ය. මෙය සටහනක ලකුණු කරගත හැකි ය. දී ඇති සටහන බලන්න.

MM_13_06_2025.jpg

14/02/2025 නිබ්බාන භාවනාවේ කරුණු පළමුව මෙනෙහි කරන්නේ, තපස්සි බුදුපියා පෙන් වූ, අත්තා සිට නිත්‍ය පාලමට සිත යොමු විය. Area 1 වල දුක ඇති බව චිත්ත ඉද්ධිපාදය මගින් පෙන්වා දීම උරුම කරගත් නිසා වැඩියෙන් දැනේ යැයි ඉගෙන ගත්තා. මේ නිසා සුභ යන්න නොගනී නම්, area 1 වල belt එක කැරකවීම නොවේ. මෙය area 6 වලට බලපායි. එහි මෝහ ධර්මයන් වැනසීමට පෙරත් දැනුත් මෙය තුඩු දේ. කෙසේ ද?

ඡන්ද සමාධිය සංස්කාර ඉවත් කිරීම නිසා, මෝහයට වූ හානිය එකකි. දුක සංකල්පයේ පිහිටීම නිසා, සුඛ යැයි කීමට අපහසු වීම තව එකකි. විරිය මගින් රූප, tv වැනි දේ භාවිතා නොකළ යුතු යැයි කීම තව එකකි. මෙසේ area 1 වල දුක සහ area 6 වල දුක යන දෙයාකාර ධර්මයන් පවතී නම්, අත්තා සිට නිත්‍ය පාලම පැවැත්විය නොහැක. කුමක් නිසා ද?

Area 1 වල දුක නිසා, සුඛ යන සඤ්ඤා විපල්ලාසය නොපවතී. Area 6 වල දුක නිසා, එය එසේ යැයි ස්ථිරව පිහිටයි. එනම් සුඛ සඤ්ඤාවක් නොව, දුක සඤ්ඤාවක් ඇති බව ම පවසයි. මෙසේ අත්තා කර ගැනීමට දෙයක් නොමැතිකම නිසා ම, අත්තා සිට නිත්‍ය පාලම නොපවතී. මෙය ආහාර හිඟයක් පවතිනවා යන්න මෙනි.

07/02/2025 නිබ්බාන භාවනාවට අනුව, ඡන්ද ඉද්ධිපාදය ක්‍රියාකාරී වන අවස්ථාව, දිර දිරා යන රූපයට පුන පුනා ඇඟිල්ල දිගු කර පෙන්නා දෙන්නාක් මෙන්, පෙර සාකච්ඡා කර ඇත. Area 2 වල ලකුණු කරන දිර දිරා යන රූපය අත්තා කරගත්තේ නම්, අත්තා තුළ දුක අඩංගු ය. දිර දිරා යන රූපයට මාන වූයේ නම්, මානය තුළ ද දුක අඩංගු ය. එමගින් දිර දිරා යන රූපය නිත්‍ය යැයි ගත්තේ ද, එය තුළ ද දුක අඩංගු ය. මෙසේ area 2 වල ඇති දුක්ඛ ධර්මතාවයෝ, විඤ්ඤාණය සලකුණු කර ඇති ප්‍රදේශයට සම්බන්ධ වන්නේ ය.

මෙසේ area 2 සහ විඤ්ඤාණය සලකුණු කරන ප්‍රදේශය, යන ප්‍රදේශ දෙක ම, දුක බව පෙන්වා දේ. කෙසේ නම් සුභ යන චිත්ත විපල්ලාසය මෙමගින් ඉවත් වේ ද? එය කාමය හා සම්බන්ධ ය. චේතනාවේ අර්ථ දැක්වීම සිහි කරන්නේ මෙය වැටහේ. “කාමේසු සංයුක්තො විහරති භාවිතො අජ්‌ඣොසන්‌නා අයං චේතනා.”

Area 2 වල දුක ඇති නම්, 50% පාර දිගේ චේතනාවට පැමිණීම අපහසු වේ. එසේ නම් අත්තා යන්න පැවැත්වීම කළ නොහැකි වේ. එනමුදු 40% පාර දිගේ වේදනාවට පැමිණීමක් තිබිය හැකි ය. එය වැළැක්වීම කෙසේ ද?

විඤ්ඤාණයේ සිට mode සංස්කාර හරහා භය අගති වීම විමසන්න. විඤ්ඤාණය සලකුණු කරන ප්‍රදේශය දුක නම්, mode සංස්කාර කළ නොහැකි වන්නේ, භය අගතිය හරහා වේදනාවට පැමිණීම අපහසු වන්නේ ය. මෙසේ දෙයාකාර ධර්මයන් මගින් ම චේතනාවට පැමිණීම අපහසු වන්නේ, අපර චේතනාවලින් සිදු වන ක්‍රියාවලිය නවතාලයි. මෙසේ 07/02/2025 සහ 14/02/2025 නිබ්බාන භාවනා වලින් විඤ්ඤාණ ආහාරයේ වාසය කිරීම කළ නොහැකි බව වටහා ගත යුතු ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. විඤ්ඤාණය සලකුණු කරන ප්‍රදේශය දුක නම්, mode සංස්කාර කළ නොහැකි වන්නේ ය යන්න, ගෙදරකින් හොරෙන් කෑම කන්නට පුරුදු වී ඇති සතෙකු පසුව ගුටි කන්නට සිදු වී ඇත්තේ, නිතර කරන්නා වූ mode සංස්කාර දැන් කිරීමට නොහැකි වීම මෙනි.

2. මෙම භාවනාව කරන්නේ සිත විශාල වීම ද සිත නතරවීම ද වරින් වර සිදු වන අතර මනස ඉතා ම පිරිසුදු ය.

3. තපස්සි බුදුපියා පෙන් වූ අත්තා සිට නිත්‍ය පාලම, දිර දිරා යන රූපය සමඟ සම්බන්ධ කර විමසන විට, ඵල චිත්තය නැංවෙන අතර විශ්වය පෙනේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.