ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
යමෙක් අනිච්චානුපස්සනාව භාවනාව කරන්නේ නම්, එනම් උපාදාන ස්කන්ධයන්ගේ සමුදය අස්ථංගමය වඩන්නේ, සියලු කාමරාගය ගෙවයි, සියලු රූපරාගය ගෙවයි, සියලු භවරාගය ගෙවයි, සියලු අවිද්‍යාව ගෙවයි, සියලු අස්මිමානය ගෙවයි, නසයි යනුවෙන් අනිච්ච සඤ්ඤා සූත්‍රයේ දක්වයි.
කෙසේ වඩන ලද අනිච්ච සඤ්ඤාව අස්මිති ඡන්දය ඉවත් කරයි ද? පළමුව අස්මිතිය ඇති වීමට තුඩු දෙන දහමුන් විමසා බලමු. අතීතයේ වැඩි ම කාලයක් විඤ්ඤාණය පිහිටීමට හැකි වූ, නෙවසඤ්ඤානාසඤ්ඤායතන වැනි තලවල සිටි, චිත්තක්ෂණයෙහි ජීවත් වූ අවස්ථාවන් සිහි කර, මතු කර, නාමරූප ධර්මයන් විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් සිදු වන බව 25/04/2025 මෝහය භාවනාවේ දී ඉගෙන ගත්තා. මෙය අස්මිති ඡන්දයාගේ හටගැනීමට ප්‍රමාණවත් ය. එනමුදු ඉදිරියට ගෙන යාම නොවන්නේ නම්, එය ගිලිහී යෑම විය හැකි ය.
1. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන රූප දහමුන්ගේ දුර්වලකම නිසා ඨිතිපරිත්තතාය මනා කොට කරගත නොහැකි වීම වන්නේ ඉතා අසරණ ස්වභාවයට පත් වේ, යන්න 23/05/2025 මෝහය 2 භාවනාවේ දී සාකච්ඡා කළා. මෙයට උදාහරණ වශයෙන් සම්බෝලයක් සෑදීම සඳහා ලැබී ඇති පොල් නරක නම් අසරණ ස්වභාවයට පත් වේ, යන්න වැටහේ. මෙය ජරා ධර්මය නිසා, කාම ලෝකයේ ඇති රූප දහමුන්ගේ දුර්වලකම ලෙස වැටහේ.
2. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යන අයෙකුට කෙසේ යෙදේ ද යන්න, විමසීමේ දී, එය කබල් මේසය ඉවත් කිරීම සහ polish කරන ලද මේසය ඉවත් කිරීම වශයෙන් සිතා බලන ලදී. මෙම භාවනාවේ දී polish කරන ලද මේසය ඉවත් නොකළ අවස්ථාවක් සිතා බලන්න යැයි බුදුපියා පැවසුවා.
යම් පහළ ධ්‍යාන තලයක, එනම් එකේ සිට හත දක්වා වන ධ්‍යාන තලයක වාසය සුදුසු යැයි හැඟෙන අවස්ථා ඇත. එනමුදු එය ධ්‍යාන තලවල ජරා ධර්මය නොවැටහීම නිසා සිදුවන්නක් බව පෙනේ. 1 සහ 2 යන අවස්ථා දෙකෙහි ම ඇතුළත්ව ඇත්තේ නොදන්නාකමකි. එම නොදන්නාකම එනම් ජරා ධර්මය නොවැටහීම පහ කළ හැක්කේ නම්, අස්මිති ඡන්දය පහ කළ හැකි ය. මෙය සඳහා සතර සතිපට්ඨානයෝ හොඳින් වැඩීම අනිච්ච සඤ්ඤා සූත්‍රය මගින් කළ හැකි ය.
මෙහි දී සඤ්ඤාව මගින් සිදු කරන කාර්යය මනා කොට පැවැත්වීම සඳහා සඤ්ඤාවේ අනිත්‍යභාවය හොඳින් වැඩීම කළ යුතු ය. එසේ නම් 13/06/2025 නිබ්බාන භාවනාවේ දී මෙන් area 1 සහ area 6 වල දුක ස්වභාවය නොගිලිහෙන ප්‍රමාණයට සඤ්ඤාවේ අනිත්‍යභාවය වඩා තිබිය යුතු ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාවේ දී සඤ්ඤාවේ සමුදය අස්ථංගමය බැලීමේ දී සෝකය 1 සහ 2 නිසා වන සඤ්ඤා ද ඇතුළත්ව මෙනෙහි කළ යුතු අතර, ඒ සඳහා area 1 වල දුක ඇති බව චිත්ත ඉද්ධිපාදය මගින් පෙන්වා දීම වැදගත් බව වැටහේ.
2. භාවනාවට පෙර ම 13/06/2025 නිබ්බාන භාවනාවේ දී මෙන් area 1 සහ area 6 වල දුක ස්වභාවය ඇති බව චිත්ත ඉද්ධිපාදය මගින් පෙන්වා දීම දක්වා මෙනෙහි කර, ඉන් අනතුරුව සඤ්ඤාවේ සමුදය අස්ථංගමය බලමී යැයි සිතා ගත්තේ ය. භාවනාවේ පළවෙනි කොටස සිහි කරන විට, ඇස් දෙක පුදුමාකාර විදිහට සුඛ වීමත් විවෘත වීමත් වී cool වී අනාශ්‍රව විය.
3. සම්බෝලයක් සෑදීම සඳහා ලැබී ඇති පොල් නරක නම් අසරණ ස්වභාවයට පත් වේ යන්න මනුෂ්‍ය ලෝකයේ ඉපදීම සඳහා යොදා බලන්නේ, එහි දී දෙමාපියන්ගේ ගතිගුණ, මුදල් ආදියෙහි ඇති නැතිකම් බැලීම වැනි දෙයක් සිතිය හැකි ය. Polish කරන ලද මේසය ඉවත් නොකළ අවස්ථාවක් සිතා බලන අවස්ථාවේ දී ඉපදීමට යන එම ධ්‍යාන තලයට තථාගතයන් වහන්සේ වඩින්නේ ද, එහි රහතන් වහන්සේලා ඇති ද, ආදී වශයෙන් බැලීම වැනි දෙයක් සිතිය හැකි ය.
4. සඤ්ඤාව මගින් සිදු කරන කාර්යය මනා කොට පැවැත්වීම සඳහා සඤ්ඤාවේ අනිත්‍යභාවය හොඳින් වැඩීම 13/06/2025 නිබ්බාන භාවනාවේ දී මෙන් area 1 සහ area 6 වල දුක ස්වභාවය නොගිලිහෙන ප්‍රමාණයට සඤ්ඤාවේ අනිත්‍යභාවය වැඩීම සිදු කරන්නේ, පෙර නොවූ අයුරින් මුළු මුහුණ ම සුඛ වීම ද විශාල වීම ද, සිදු වේ.
5. සඤ්ඤාවේ අනිත්‍යභාවය හොඳින් වැඩීම 13/06/2025 නිබ්බාන භාවනාවේ දී මෙන් area 1 සහ area 6 වල දුක ස්වභාවය නොගිලිහෙන ප්‍රමාණයට සඤ්ඤාවේ අනිත්‍යභාවය වැඩීම සිදු කරන්නේ, ඉන් අනතුරුව සඤ්ඤාවේ සමුදය අස්ථංගමය වඩන්නේ ආකිඤ්චඤ්ඤායතනය පෙනීමත්, අස්ථංගමය වඩන විට ඉන් ඉවත් වීම, ඈත් වීම, මනා කොට පෙනිණ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.