Date: 27/06/2025 Name: අස්මිති මාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

කෙසේ වඩන ලද අනිච්ච සඤ්ඤාව අස්මිති මානය ඉවත් කරයි ද? එය සඳහා සඤ්ඤාවේ අනිත්‍යභාවය 13/06/2025 නිබ්බාන භාවනාවේ දී මෙන්, area 1 සහ area 6 වල දුක ස්වභාවය නොගිලිහෙන ප්‍රමාණයට සඤ්ඤාවේ අනිත්‍යභාවය වඩා, ඉන් අනතුරුව එහි දක්ෂතාවය ඇත්තේ, ආකිඤ්චඤ්ඤායතනය වැනි තලයන් පෙනෙන්නේ, එහි නාභිනන්දති ලෙස අස්තංගමය භාවිතා කරනවිට, එයින් ඉවත් වීම, ඈත් වීම, මනා කොට පෙනෙනවිට දීත්, මෙහි ද සක්කායක් ඇති බව වැටහිය යුතු ය. එය කුමක් ද? මම දක්ෂ යැයි හැඟීම ඇති නිසා ය.

අස්මිති මානයාගේ අර්ථ දැක්වීම සිහි කරන්නේ, මෙම අර්ථය මනා කොට වැටහේ.

a. දැන් පවතින විද්‍යාමාන වූ කය නිසා පවතින්නා වූ සක්කාය දිට්ඨිය ලෙසට, බෝලයක් සමඟ සෙල්ලම් කිරීම මෙන් ආකිඤ්චඤ්ඤායතනය මතු වීම සහ අස්තංගමය බලනවිට ඉන් ඈත් වීම යන දෙයාකාර ධර්මයන් උදෙසා යෙදිය යුතු ය.

b. බාහිර පුද්ගලයකුගෙන් අසා දැන ගැනීම නිසා හෝ තමා විසින් දැක ඇති නිසා හෝ ඇති වන්නා වූ අස්මිති ඡන්දය. මෙම අවස්ථාවේ දී තමාට ලබාගත හැකි යැයි යම් සිතීමක් ඇද්ද, එය පහ වීම 07/02/2025 නිබ්බාන භාවනාවට අනුව, area 2 වල ලකුණු කරන දිරදිරා යන රූපය අත්තා කරගත්තේ නම්, අත්තා තුළ දුක අඩංගු ය. දිරදිරා යන රූපයට මාන වූයේ නම්, මානය තුළ දුක අඩංගු ය, ලෙස මෙනෙහි කළ යුතු ය. මෙහි දී පරිස්සම් විය යුතු අතර ඉහත අස්මිති ඡන්දය ඉවත් කරනවිට ආකිඤ්චඤ්ඤායතනය වැනි අරූප ධ්‍යාන තලයන්ගෙන් ඈත් වීම සිදු වූ ආකාරයට, ජරාව නිසා අට වන ධ්‍යාන තලයෙන් ඉවත් වීම ද, දැනේ. මෙසේ deep space ඇදී යාමක් වන්නේ ද, එය තවත් සක්කායක් බව වැටහිය යුතු ය. එය කෙසේ ද? කිසිවක් නැති නමුදු, යමක් ඇත යන සඤ්ඤාවෝ විඤ්ඤාණ ධාරාවෙන් ගිලිහී ගොස් නැත. ඒ නිසා ය.

06/06/2025 විමංසා ඉද්ධිපාද භාවනාවේ දුන් සටහන සමඟ විමසන්නේ, පරාමාස සහ මනොසඤ්‌චෙතනා අතර කිසිදු දිට්ඨියක් නැති ලෙස හැඟීම් ඇති විය හැකි ය. එනමුදු විඤ්ඤාණ ධාරාව තුළ යමක් ඇත, යන සඤ්ඤා අගයෝ පරාමාසයටත් චේතනාවටත් වෙන වෙන ම විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වීමක් තිබිය හැකි ය. දී ඇති සටහන බලන්න.

MM_27_06_2025.jpg

ඉහත සටහනේ ඇතුල් වන අගයන් දෙකෙහි ම ඇත්තේ, සුභ යන අර්ථය නොවැටහෙන ප්‍රමාණයට තුනී වූ සඤ්ඤා මනසිකාරයෝ ම ය. එය එසේ ය. මෙය ඉවත් වන්නේ කෙසේ ද? සම්මා විමුක්තිය මගිනි. මෙහි දී ආශ්‍රව නැසීම කරනු ලබයි.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව කර repair කරන්නේ, පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ ය, යන්න මෙනෙහි කරනවිට, දී ඇති සටහන සිහි වන්නේ, පරාමාසය ඇති තැන විශාල star එකක් මතු විය. එය මුළාව වැටහීම නිසා ය.

2. මෙහි දී ජරා ස්වභාවය මනා කොට සිහි කළ යුතු අතර, විභන්තචිත්තා පථය ඇති නොවීමට තරම් එය ප්‍රබල විය යුතු ය. Area 2 වල ලකුණු කරන දිරදිරා යන රූපය අත්තා කරගත්තේ නම්, අත්තා තුළ දුක අඩංගු ය. දිරදිරා යන රූපයට මාන වූයේ නම්, මානය තුළ ද දුක අඩංගු ය යන්න සිහි කරන්නේ, මෙහි දී ප්‍රඥා ඇස ඇරීම සමඟ අට වන ධ්‍යාන තලයෙන් ඉවත් වීම දැනේ. එම ඇස repair කරනවිට දීත් පැවතිය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 05/07/2025