ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
27/06/2025 අස්මිති මාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් පරාමාස සහ මනොසඤ්‌චෙතනා අතර කිසිදු දිට්ඨියක් නැති ලෙස හැඟීම ඇති වන්නේ, ආකිඤ්චඤ්ඤායතනය අත්තා කර ගැනීම නොවනවිට දී බව වැටහුණා.
මෙහි දී, 23/03/2015 විමුත්ති ඤාණදස්සන භාවනාවේ ධර්ම කරුණක් සමඟ සම්බන්ධ විය.
එනම්, එහි පරිදේවයේ සිට ව්‍යාධිය දක්වා ධාරාව පැමිණ, ඉන් අනතුරුව සෝකය හරහා ජරාවට පැමිණෙන පථය, line 9 වල බලපෑම අධිකව පැමිණෙන අවස්ථාව විමසන්න. මෙම අවස්ථාව 14/03/2025 නිබ්බාන භාවනාවේ තුන් වෙනියට එකතු කරන ලදී. එය සමඟ විමසන්නේ, ජරාව තුළ පවතිනවා යන අදහස ව්‍යාධිය හොඳින් දන්නේ නම් නොපවතින බව වැටහිණ.
මෙහි දී පරාමාසය තුළ ලෙඩ රෝග, අතීතයේ කරගත් දේවල්, අතීත කර්මය ආදී වශයෙන් තැන්පත් වී ඇති යැයි සිතන්නේ, එම අවබෝධය සහිතව ජරාව හොඳින් වටහා ගන්නේ, පරාමාසය ඇති තැන විශාල star එකක් නැවතත් ඇති විය. මෙහි දී අත්තවාද උපාදානය ඉවත් කිරීම සිදු වන්නේ නම්, ආශ්‍රවයන් නැසීම කරනු ලබයි.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. අත්තවාද උපාදානය ඉවත් කිරීම, මෙම භාවනාව මගින් කෙසේ සිදු වන්නේ ද යන්න සිහි කළා. 50% පථය ඉවත් විය යුතු ය. එනම් නන්දිය බැස ගොස් 50% පාර දිගේ නොයා යුතු අතර විඤ්ඤාණයේ සිට කිසිදු දහමක් භය අගති කරා ගමන් නොකළ යුතු ය. එය area 2 සහ විඤ්ඤාණය සලකුණු කරන ප්‍රදේශය, යන ප්‍රදේශ දෙක ම දුක බව දැකීම මගින් සිදු වේ.
2. මේ භාවනාව කරන්නේ, පරාමාසය අකුසල් පොදියක් ලෙස දකින්නේ, මනස විවෘත වන්නේ ය.
3. මේ භාවනාව කරන්නේ, විශ්වයේ කිසි ම තැනක නොපිහිටන සිතක් ඇති වන්නේ ය. එනම් ප්‍රීතිය දැනෙන්නේ ප්‍රීතියෙහි සිත නොපිහිටයි. සුඛය දැනෙන්නේ සුඛයෙහි සිත නොපිහිටයි. ආකිඤ්චඤ්ඤායතනය පෙනෙන්නේ ආකිඤ්චඤ්ඤායතනයේ සිත නොපිහිටයි. විශාල වූ ද ශාන්ත වූ ද මනසින් යුතුව සිටීම සිදු වේ. බුදුපියවරුන්ට කෘතඥතාවය පළ කළා මෙම ධර්මය දීම ගැන.
4. ජරාව තුළ පවතිනවා යන අදහස, ව්‍යාධිය හොඳින් දන්නේ නම් නොපවතින බව වැටහිණ යන්න තවදුරටත් විමසන්නේ, එසේ නම් පරාමාසය හොඳින් දත යුතු ය. පරාමාසය තුළ පවතිනවා යන අදහස නොපැවැතිය යුතු බව දත යුතු ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 19/07/2025