ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
20/03/2015 සම්මාඤාණ භාවනාවේ දී සති ඉන්ද්‍රිය හොඳින් පවත්වා ගත යුතු යැයි පවසා ඇත. කෙසේ ද? 04/07/2025 නිබ්බාන භාවනාව භාවිතයේ දී ඇති වුණු සතිය, එනම් ජරාව තුළ පවතිනවා යන අදහස, ව්‍යාධිය හොඳින් දන්නේ නම් නොපවතින බව, සති ඉන්ද්‍රියට කාවැදීම සිදු විය යුතු අතර, මෙසේ සතිමත් වන්නේ නම් සම්මා දිට්ඨිය තුළ සම්මා සතිය ඇත. එවැනි සම්මා දිට්ඨියක සම්මා ප්‍රඥා ඇත. එවැනි සම්මා ප්‍රඥා නිසා සම්මා ඥාන ඇත. එයින් ඇති වූ සම්මා විමුක්තිය ඇත, යනුවෙන් වැටහේ.
මෙය සමඟ පරාමාසය ළඟ පෙනෙන තරුවේ අර්ථය වැටහේ. මෙය සබ්බාසව භාවනාවල දී ඉගෙන ගත් තරුව මෙන් ය. වෙනස මෙය විශාලව පැතිරීමයි. මෙය හොඳින් වටහා ගැනීමට සබ්බාසව සූත්‍ර සටහන් තුනේ, 6, 8, 9 පිටු හොඳින් විමසා බලන්න. එහි හය වෙනි පිටුවෙහි දිට්ඨිය බිඳේ නම්, මිච්ඡා දිට්ඨියට පහර වදී යැයි පවසා ඇත. එනම් චේතනා සහ පරාමාස අතර කිසිදු දිට්ඨියක් නොමැති ලෙස 27/06/2025 අස්මිති මාන භාවනාවේ දී මෙන් වැටහෙන්නේ, එනමුදු විඤ්ඤාණ ධාරාව තුළ යමක් ඇත යන සඤ්ඤා අගයෝ පරාමාසයටත් චේතනාවටත් වෙන වෙන ම විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වීමක් තිබිය හැකි අවස්ථාවේ දී පවා, එය නොගනී නම්, මිච්ඡා දිට්ඨියක් නොවේ. එසේ නම් අහංකාරයට පහර වදී. එය කෙසේ ද?
Area 2 විමසන්න. එහි දුක ඇති නම්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම නොමැති වන්නේ, කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව වීම ද වැළකේ. Bell shaped curve එකේ B point එක, ජරාව නිසා සෑදිය නොහැක. අවිද්‍යා ආශ්‍රවය තුළ කැරකවීම නිසා ඇති වන ආස්වාදය නොරඳයි. අහංකාරය සහ මමංකාරය එකට සිටීම නැතිවේ. මමංකාරය සහ අහංකාරය එක්ව අත්තා සෑදිණ. දෙකෙළවර චේතනා සහ පරාමාස කෙරෙහි විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන දහමුන් මේ නිසා ම ගිලිහී යයි. කුමක් නිසා ද? ඉද්ධිපාද හතර ම ක්‍රියාත්මක නිසා ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ මනස ඍජු වීම ද,(*1) serious වීම ද, සිදු වේ. එහි කිසිවක් නොඅල්ලයි.
2. Repair කරන්නේ, සුභ + නිත්‍ය මගින් සුඛ යන්න මෙනෙහි කරන්නේ, දිට්ඨිය බිඳී ඇත යනුවෙන් සිහි වන්නේ, පරාමාසය ඇති තැන විශාල star එකක් නැවතත් ඇති විය.
3. මෙම භාවනාව හොඳින් බලා, ඉන් අනතුරුව භාවනාව පටන් ගන්නේ, විඤ්ඤාණ ධාරාව තුළ යමක් ඇත යන සඤ්ඤා අගයෝ පරාමාසයටත් චේතනාවටත් වෙන වෙන ම විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වීමක් තිබිය හැකි අවස්ථාවේ දී පවා, එය නොගනී නම්, මිච්ඡා දිට්ඨියක් නොවේ යන්න සිහි කරන්නේ, පුදුමාකාර විදිහට අනාශ්‍රව වීම වන අතර, එහි විමුක්ති චිත්තය නොගිලිහී පවතී. මෙය අශ්චර්ය අද්භූත ධර්මයකි. මෙම භාවනාව මගින් 100ක් නිවන් දකින්නේ ය.
4. පරාමාසයටත් චේතනාවටත් වෙන වෙන ම විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් අගයන් පැමිණියා යැයි, මාන නොවිය යුතු ය. එසේ නොවන්නේ නම්, මිච්ඡා දිට්ඨිය ඇති වේ.
5. ජරාව තුළ පවතිනවා යන අදහස ව්‍යාධිය හොඳින් දන්නේ නම් නොපවතින බව. මේ සඳහා පරාමාසය නොපවතින බව දත යුතු ය. එනම් වරදවා වටහා ගැනීම යන්න නොපවතින බව දත යුතු ය. එසේ නම් ඉදංසච්චය ළඟ, චතුරාර්ය සත්‍ය තැබීම, කොතරම් වටින්නේ ද යන්න වැටහේ. එමගින් නොපවතින බව පෙන්වා දේ.
6. අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම නොමැති වන්නේ, කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව වීම ද වැළකේ යන්න විමසන්නේ, මෙය මගින් මමංකාරය ඉවත් වේ. එය සමඟ අහංකාරය ඉවත් වේ. කුමක් නිසා ද? තණ්හා පපඤ්චය නොමැති වීම, මමංකාරය ඉවත් වීමට තුඩු දෙන අතර, දිට්ඨි පපඤ්චය ඉවත් වීම, අහංකාරය ඉවත් වීමට බලපායි. මෙසේ විමසන්නේ, ශාන්ත සුවිමුත්ත චිත්තය ඇති වේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 19/07/2025
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) Straight
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේකට තව කාරණාවක් එකතු කරන්නට පුළුවන්,
විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන දහමුන් මේ නිසා ම ගිලිහී යයි යන්න, තවදුරටත් විමසන්නේ අත්තා යන්න සෑදීමක් නැතිනම්, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ නොසාදයි යැයි වැටහිණ. යමෙකුට යමක් දෙන්නේ එම පුද්ගලයා නොගනී නම්, දෙන පුද්ගලයා උත්සාහ නොකරන්නේ යම් සේ ද, මෙය එසේ ය.
ඒක තමයි අලුතෙන් එකතු කරන්නට තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්