ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
11/07/2025 සම්මාවිමුත්ති භාවනාව නැවතත් කරගෙන ගියා. එහි එකතු කරන ලද හතර වෙනි කාරණාවට මනස යොමු විය. එනම් පරාමාසයටත් චේතනාවටත් වෙන වෙන ම විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් අගයන් පැමිණියා යැයි, මාන නොවිය යුතු ය. එසේ නොවන්නේ නම්, මිච්ඡා දිට්ඨිය ඇති වේ.
21/02/2025 නිබ්බාන භාවනාව සමඟ විමසා බලන්නේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් අගයන් පැමිණීම සිදු වූ පමණට, එය බාරගැනීම ජරාව තුළ පවතිනවා යන අදහස ව්‍යාධිය හොඳින් දන්නේ නම් නොපවතින බව යන සතිය ඇත්තේ නම්, විභන්තචිත්තා පථය ඇති වීම සිදු නොවන්නේ, මිච්ඡා දිට්ඨිය ඇති නොවේ. එනම් පියෙහි විප්පයොගොපි දුක්ඛො, ජාති වේදනා චේතනා, අත්තා සිට නිත්‍ය, මෝහ අගති ගමන, කාමරාග අනුසය හරහා සඤ්ඤාව. මෙසේ පියෙහි විප්පයොගයෙන් පටන්ගෙන සුඛ සඤ්ඤාව දක්වා, මෝහය නිසා ගමන් කරන බව පෙනේ.

ජරාව අභිනන්දනා නොකළ යුතු ය. එසේ කළොත්, ඉහත පථය මගින් සඤ්ඤාව සුඛ යැයි කියන්නේ ය. එසේ පවසන්නේ නම් අත්තා 1 සහ අත්තා 2 එකතු වන්නාක් මෙන්, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් පැමිණෙන අගයන් සමඟ එකතු වන්නේ ය. මෙය වැළකීම කෙසේ ද? ඉද්ධිපාද හතර ම ක්‍රියාත්මක වීම මගිනි.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් අගයන් පැමිණීම විමසන්නේ, එසේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් එන අගයන්, මෝහය දක්වා පැමිණීම ද, සිදු වන බව වටහා ගත යුතු ය. එය carrom ඉත්තන්ට ගැසීම මෙනි. එහි විහිදීම පහළ මෝහය දක්වාත්, විද්‍යාමාන වේ. එසේ නම් මෝහය ඇති area 6 සහ ජරාව ඇති area 2, කාම තණ්හාව මගින් බන්ධනය නොකිරීමට වග බලා ගත යුතු ය. විඤ්ඤාණ ධාරාවේ ස්වභාවය මෙසේ වටහා ගත යුතු ය. එය බූවල්ලා මෙනි. හැමතැන ම අඩු දිගු කර ඇත.
2. මෙහි දී ඉදංසච්ච, පරාමාස, ව්‍යාධි, ජරා පථය විමසිය යුතු අතර, එහි ඉදංසච්චය ළඟ චතුරාර්ය සත්‍යය තබා, ජරාව තුළ පවතිනවා යන අදහස, නොපවතින බව වටහා ගත යුතු ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 02/08/2025
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට මේකට තව කාරණාවක් එකතු කරනවා නම්,
3. Area 1 සහ area 6 වල දුක ස්වභාවය හොඳින් වැඩීම කර, ඉන් අනතුරුව සඤ්ඤාවේ අනිත්‍යභාවය වැඩීම අනිච්චසඤ්ඤා සූත්‍රය මගින් සිදු කරන්නේ, එහි සමුදය දහම් කොටස විමසනවිට ආකිඤ්චඤ්ඤායතනය පෙනීම වන්නේ ද, ඉන් අනතුරුව area 2 වල ලකුණු කරන දිරදිරා යන රූපය අත්තා කරගත්තේ නම්, අත්තා තුළ දුක අඩංගු ය. දිරදිරා යන රූපයට මාන වූයේ නම්, මානය තුළ ද දුක අඩංගු ය. එමගින් දිරදිරා යන රූපය නිත්‍ය යැයි ගත්තේ ද, එය තුළ ද, දුක අඩංගු ය. මෙසේ area 2 වල ඇති දුක්ඛ ධර්මතාවයෝ, විඤ්ඤාණය සලකුණු කර ඇති ප්‍රදේශයට සම්බන්ධ කර, එහි දී ඇති වන මානසික ස්වභාවය සහිත සඤ්ඤාවේ අනිත්‍යභාවය වැඩීම සිදු කරනවිට, deep space ඇදී යාමක් වන්නේ ද, මම දක්ෂ යැයි නොගත යුතු ය. එයත් දිරදිරා යන රූපය අත්තා කරගැනීමක් ලෙස සිතිය යුතු ය. මෙසේ පරාමාසයටත් චේතනාවටත් වෙන වෙන ම විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් අගයන් පැමිණියා යැයි මාන නොවිය යුතු ය, යන්න වටහා ගත යුතු ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.