ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
18/07/2025 සම්මාවිමුත්ති 2 භාවනාව නැවතත් කරගෙන ගියා. එහි එකතු කරන ලද දෙවෙනි කාරණය නැවතත් විමසා බැලුවා. ඉදංසච්චයේ සිට පරාමාස ව්‍යාධි ජරා දක්වා පැමිණීමක් පරාමාසය ඇවිස්සීම නිසා සිදු වන්නේ නම්, එහි සඳහන් පියෙහි විප්පයොගොපි දුක්ඛො, ජාති වේදනා චේතනා, අත්තා සිට නිත්‍ය, මෝහ අගති ගමන, කාමරාග අනුසය හරහා සඤ්ඤාව ඇති වන්නේ, සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ, අත්තා 1 සහ අත්තා 2 එකතු වන්නාක් මෙන්, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් පැමිණෙන අගයන් සමඟ එකතු වන්නේ ය.
මෙහි ඉදංසච්චයේ සිට පැමිණීමට අත්තවාද උපාදානය විසින් යමක් එකතු කළ යුතු ය. එය කුමක් ද? නිත්‍ය යන්න එකතු විය යුතු ම ය. එය අත්තා සිට නිත්‍ය යන තපස්සි බුදුපියාගේ දහම මගින් විමසන්නේ නම් වැටහේ. එනමුදු 30/05/2025 නිබ්බාන භාවනාවේ සාකච්ඡා කළ අයුරින් විඤ්ඤාණ ආහාරයෙහි බොහෝ කල් වාසය කිරීම නිසා පදුට්ඨමනසඞ්කප්පය හරහා සුභ යන චිත්ත විපල්ලාසය එකතුවෙන්, ජීවිත ඉන්ද්‍රිය පෝෂණය කරමින්, ජීවිත ඉන්ද්‍රිය හරහා ම පරාමාසගත වීම සිදු නොවන්නේ නම්, එහි ගම්‍යතාවයක් (momentum) ගාම්භීරතාවයක් විඤ්ඤාණයට ඒත්තු නොයයි.
මෙසේ යම් නිත්‍යභාවයක්, පරාමාසයටත් ඉදංසච්චයටත් යන දෙකට ම ඇතුල් වීම වන්නේ, ඉපදීම නවතාගත නොහැකි ය. මෙසේ නිත්‍යභාවය හේතු කොට ගෙන ම, ඉදංසච්චයේ සිට පරාමාසයට සුභ යැයි ඇදීම සමඟ, පරාමාසයේ ඇවිස්සීම සිදු වේ. බූවල්ලා මෙන් ජීවත් වන විඤ්ඤාණ ධාරාව මේ වනවිට මෝහය දක්වා පැමිණ ඇති බව අමතක නොකළ යුතු ය.
මෙසේ කාරණා තුනක් align වීම නිසා, ඉපදීම වළකාගත නොහැකි වේ. එනම් පරාමාස ඉදංසච්ච සහ මෝහ යන තුන් ධර්මයන්හි නිත්‍යභාවය ගැබ් ගැනීම නිසා ඉපදීම වළකා ගත නොහැකි වේ.
සතර ඉද්ධිපාදයෝ හොඳින් ප්‍රගුණ කිරීම මෙය වැළැක්වීම සඳහා අවශ්‍ය වන අතර විමංසා ඉද්ධිපාදය ප්‍රබල වන්නේ, මෙම පරාමාස ඇවිස්සීම නවති. මෙසේ නිර්වාණය වේ.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. භයභෙරව සටහන්වල හතර වෙනි පිටුවේ දක්වන ධර්මයට සිත යොමු විය.
එහි දෙවෙනි රවුමේ දී, විඤ්ඤාණය තුළ යම් අගයක් වී ද, එය නාමකායේ පටිඝසම්‌ඵස්‌සය සමඟ සසඳයි. විඤ්ඤාණයේ තිබූ අගය, පෙර අගය මෙන් සිතිය යුතු ය. නාමකාය මගින් දෙන අගය, රූපයේ ඇති අගය ලෙස සිතිය යුතු ය. මෙම අගයන් දෙක සසඳන්නේ විඤ්ඤාණ ධාරාව ගලන්නේ නම්, නිත්‍ය සඤ්ඤාව ඇති වේ යනුවෙන් ඉගෙනගෙන ඇත. එසේ නම් ඉදංසච්චයේ සිට පරාමාසයට සුභ යැයි ඇදීම, නිත්‍යභාවය පරාමාසයට පැමිණීම සමඟ සිදු වන බව වැටහේ.(*1)
2. මෙම භාවනාව හොඳින් කරන්නේ, පරාමාසය ඇති තැන star එකක් මතුවන්නේ එය මුළු diagram එක ම මැකී, සුදු වර්ණ ස්වභාවයක් ඉතා ශාන්තව ඇති වන්නේ, එහි දී ද සිතේ ඇති වන අරමුණු ලෙස සිතා, එයට දිට්ඨි සහගත නොවීමට තරම් දක්ෂව විරිය ඉද්ධිපාදය භාවිතා කළ යුතු අතර, එය එසේ විමංසාවට කාවැදීම සිදු වන්නේ නම්, එසේ ප්‍රබල වූ විමංසා ඉද්ධිපාදය මගින් නිර්වාණය සාක්ෂාත් කරගත හැකි ය.
3. 23/06/2023 නිබ්බාන භාවනාවේ සඳහන්, ලැගලා සිටියා යැයි විඤ්ඤාණස්ථිතියක් නොවිය යුතු ය. අස්මිති මානය අස්මිති ඡන්දය ඉවත් කළ යුතු ය. මෙහි දී ඉහත එකතු කරන ලද දෙවෙනි කාරණය මෙන්, මුළු diagram එක ම මැකී, සුදු වර්ණ ස්වභාවයක් ඉතා ශාන්තව, පසුගිය දිනවල සිතේ ඇති වුණා යැයි, එහි ලැග ගැනීමක්, බැස ගැනීමක් නොවිය යුතු ය. නැතිනම් මට මෙසේ හැකියාවන් ඇති යැයි, අස්මිති මානය ඇති වේ.
4. ඉහත එකතු කරන ලද තුන් වෙනි කාරණය සිහි කරන්නේ, අනාශ්‍රව චිත්තය ඇති වේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 02/08/2025
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතෙන්ට කියන්න පුළුවන්, ඉදංසච්චයේ සිට පරාමාසයට සුභ යැයි ඇදීම රවුම 2 පියවර 3 ලෙස ගැනීම වඩා සුදුසු යැයි බුදුපියා පැවසුවා.