Date: 01/08/2025 Name: නිබ්බාන

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

25/07/2025 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි විඤ්ඤාණ ආහාරයෙහි බොහෝ කල් වාසය කිරීම නිසා පදුට්ඨමනසඞ්කප්පය හරහා සුභ යන චිත්ත විපල්ලාසය එකතුවෙන්, ජීවිත ඉන්ද්‍රිය පෝෂණය කරමින්, ජීවිත ඉන්ද්‍රිය හරහා ම පරාමාසගත වීම සිදු නොවන්නේ නම්, එහි ගම්‍යතාවයක් ගාම්භීරතාවයක් විඤ්ඤාණයට ඒත්තු නොයයි, යනුවෙන් විමසා ඇත.

මෙම කාරණය තවදුරටත් විමසන්නේ, එය 08/11/2024 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත් කරුණු සමඟ සම්බන්ධ විය. දී ඇති සටහන 1 බලන්න.

MM_01_08_2025_D1.jpg

එහි සඤ්ඤාව නිසා ඇති වන ධර්මතාවයන් පරාමාසගත වීම ලකුණු කර ඇත. කුමන ධර්මතාවයෝ ද? විඤ්ඤාණ ධාරාව මගින් පරාමාසයෙන් දකුණු පැත්තේ සිට පරාමාසය ඇවිස්සීමට තුඩු දෙන ඕනෑ ම ධර්මයක් ගත හැකි ය. මෙහි සියුම් අවස්ථාව යොදා විමසා බලමු. එනම් පරාමාස සහ මනොසඤ්‌චෙතනා අතර කිසිදු දිට්ඨියක් නැති ලෙස හැඟෙන අවස්ථාවේ දී, විඤ්ඤාණ ධාරාව තුළ යමක් ඇත, යන සඤ්ඤා අගයෝ පරාමාසයටත් චේතනාවටත් වෙන වෙන ම විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් පැමිණෙන දහමුන් විමසන්න.

එයට ඉදංසච්චය හරහා සුභ යැයි පරාමාසගත වීම ඇතුළත් වන අතර, විඤ්ඤාණ ආහාරයෙහි බොහෝ කල් වාසය කිරීම නිසා ජීවිත ඉන්ද්‍රිය හරහා ම පරාමාසගත වූ ධර්මතාවයන්ගේ බලපෑම එකතු වන්නේ, පරාමාසය තුළ සුඛ යන වැරදි වැටහීම, ඇති වීමත් එහි තැන්පත් වීමත් යන දෙයාකාර ධර්මයන් ඇති වේ. මෙසේ පරාමාසය තුළ සුඛ යැයි සැකසීමෙන්(*1) වන බලපෑම අධික ය. එය එසේ ය. මෙසේ පරාමාසය ඇවිස්සේ. මෙය පරාමාස චේතනා රේඛාව හරහා පරාවර්තනය වන්නේ, සඤ්ඤාව නිසා ඇති වන ධර්මතාවයන් මිරිඟුවක් මෙන් මනා කොට පරාමාසයට වම් පැත්තෙන් ඇතුල් වීම වැටහේ. දී ඇති සටහන 2 බලන්න.

MM_01_08_2025_D2.jpg

මෙහි නැවතීම කෙසේ ද? මණ්ඩලාධිපති බුදුපියාගේ උතුම් දහම භාවිතයෙනි. මණ්ඩලාධිපති බුදුපියාගේ දහම භාවිතයෙන් සුභ චිත්ත විපල්ලාසය ඉවත් වූ පසු, සුඛ චිත්ත විපල්ලාසය ඉවත් කිරීමට සතිය තිබීම පමණක් සෑහේ, යනුවෙන් අපි ඉගෙනගෙන ඇත. කුමන සතියක් ද? ව්‍යාධිය හොඳින් දන්නේ නම්, ජරාව තුළ පවතිනවා යන අදහස නොපවතී, යන සතිය මෙයට ප්‍රමාණවත් ය. කුමක් නිසා ද? එය ආශ්චර්යභාවයෙන් අතුල නිසා ය. සෑම සත්වයන් ම ව්‍යාධිය උරුම කර ගෙන ඇති බව දන්නා බව, එහි ඇතුළත් වන නිසා ය. රූප ලෝක, අරූප ලෝක වශයෙන් විමසන්නේ මෙය වැටහේ.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. දී ඇති සටහන 1ට අවධානය යොමු වුණා. මෙය අවසානයට ලියා ඇති ධර්ම කොටස සමඟ සිහි කරන්නේ, එනම් ව්‍යාධිය හොඳින් දන්නේ නම් ජරාව තුළ පවතිනවා යන අදහස නොපවතී, යන සතිය මෙයට ප්‍රමාණවත් ය, යන්න සමඟ සිහි කරන්නේ, සුභ චිත්ත විපල්ලාසය උරුම කර ගනී නම්, ව්‍යාධිය ඇති වේ. එහි ප්‍රිය දෙයින් වෙන් වුණා, යන අදහස ඇත. එය ජරා වේදනා අසම්පජාන රේඛාව කැරකවීමට ප්‍රමාණවත් වන්නේ, සුඛ චිත්ත විපල්ලාසය ඉවත් වීම නොවේ, යැයි වැටහිණ.

2. මෙම භාවනාව කරන්නේ, නිර්වාණයට සුදුසු මනසක් එය තුළින් ම සෑදේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 16/08/2025

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) generate inside it

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකට තව ටිකක් එකතු කරනවා නම් තුන් වෙනි කාරණය හැටියට,

3. “නිබ්බානං රතනංති කරිත්වා අච්ඡරියභාවෙන අතුලං.” නිර්වාණය යනු සියලු තණ්හාවන්ගේ නැති වීමයි. ඉහත එකතු කරන ලද පළවෙනි කාරණාව සමඟ විමසන්නේ, සුභ චිත්ත විපල්ලාසය උරුම කර ගනී නම්, ව්‍යාධිය ඇති වේ. ජරා වේදනා අසම්පජාන රේඛාව කැරකවීමට ප්‍රමාණවත් වන්නේ, තණ්හාව ඇති වේ. එය නොවන්නේ නම් තණ්හාව ඉවත් වන්නේ, නිර්වාණය රතනයක් ලෙස මතු වේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.