Date: 08/08/2025 Name: නිබ්බාන

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

01/08/2025 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඉදංසච්චය හරහා සුභ යැයි පරාමාසගත වීම ඇතුළත් වන අතර, විඤ්ඤාණ ආහාරයෙහි බොහෝ කල් වාසය කිරීම නිසා ජීවිත ඉන්ද්‍රිය හරහා ම පරාමාසගත වූ ධර්මතාවයන්ගේ බලපෑම එකතු වන්නේ, පරාමාසය තුළ සුඛ යන වැරදි වැටහීම ඇති වීමත්, එහි තැන්පත් වීමත්, යන දෙයාකාර ධර්මයන් ඇති වේ. මෙසේ පරාමාසය තුළ සුඛ යැයි සැකසීමෙන් වන බලපෑම අධික ය. මෙසේ පරාමාසය ඇවිස්සේ.

මෙම ධර්ම කොටස විමසන්නේ වර්ණ දෙකක් එකතු වී, තවත් වර්ණයක් සෑදෙන්නාක් මෙන් පරාමාසය තුළ ඇති වුණා වූ මෙම අලුත් වර්ණය, සුඛ ලෙස ගනී යැයි වටහා ගන්නේ, දීර්ඝ සංසාරයේ බොහෝ කාලයක් සුඛ යැයි වටහාගෙන ඇත්තේ මෙම එකතුව යැයි වැටහේ. එනම් සුභ + නිත්‍ය මගින් සැකසුණා වූ දෙයක් ම, සුඛ යැයි වටහාගෙන ඇත. මෙසේ සකස් කරන ලද දෙයකට සුඛ යැයි පවසන්නේ, උතුම් චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා ය. ඇත්තේ දුකකි.

මෙම වර්ණයන්ගේ විවිධාකාර බවක් ඇත. එය සකස් වන ආකාරය විමසීමෙන් වැටහේ.

ද්වේෂය ඇත්තේ නම්, ධර්ම කරුණක් නිසා හෝ තව අයෙකුට ගරහන්නේ, පරුෂා වචන පිට කරන්නේ, විඤ්ඤාණ ආහාරයෙහි බොහෝ කල් වාසය කිරීම නිසා, එසේ පුරුදු ඇති නිසා, ධර්ම කරුණ නිසා තමාට පෙර ඇති වූ සුඛය ද, සුභ + නිත්‍ය මගින් සැකසුණ බව නොදන්නේ, පරාමාසය ඇවිස්සේ.

මෙය ලෝභය සමඟ විමසන්නේ, ගිද්ධිලෝභය ලකුණු කරනු ලබන දිශාවේ සිට වේදනා හරහා සුඛ චිත්ත විපල්ලාසයෙන්, පරාමාසය ඇවිස්සීම විමසා බලන්නේ නම් වැටහේ.

මෙය මෝහය සමඟ විමසන විට, ජීවිත ඉන්ද්‍රිය හරහා ම පරාමාසගත වූ ධර්මතාවයන්ගේ බලපෑම, පරාමාස චේතනා රේඛාව හරහා පරාවර්තනය වන්නේ, සඤ්ඤාව නිසා ඇති වන ධර්මතාවයන්, මිරිඟුවක් මෙන් මනා කොට පරාමාසයට වම් පැත්තෙන් ඇතුල් වීම යොදා විමසන්න. එහි අවිද්‍යාව ප්‍රධාන ය.

කෙසේ ඇති වූ අවිද්‍යාව ද? විඤ්ඤාණ ආහාරයෙහි බොහෝ කල් වාසය කිරීම නිසා ඇති වූ අවිද්‍යාව ය. බොහෝ කාලයක් සංසාරයේ අපි ගිය නිසා “අවිජ්ජා හයං මහාමොහො, යෙ නිදං සංසිතං චිරං” යන අර්ථය ඇතිව, සුභ යන චිත්ත විපල්ලාසය එකතුවෙන් ජීවිත ඉන්ද්‍රිය පෝෂණය කර ඇත්තේ, බොහෝ කල් සුභ යැයි ගෙන ඇත. මෙම අවිද්‍යාව, මෙසේ ඔඩු දුවා ඇත්තේ, මෝහ ධර්මය ඉස්මතු වී, මෙසේ මිරිඟුවක් ජනනය වී ඇත.(*1)

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. ද්වේෂය ඇත්තේ නම්, ධර්ම කරුණක් නිසා හෝ තව අයෙකුට ගරහන්නේ, පරුෂා වචන පිට කරන්නේ, යන්න සිහි කරන්නේ, සැරියුත් තෙරණුවෝ යමෙක් පරුෂා වචන කියද්දී, සම්මා දිට්ඨියට යෑම ද හොඳින් වැටහේ. පෙර ඇති වූ සුඛය ද, සුභ + නිත්‍ය මගින් සැකසුණ බව නොදැන, එසේ කියන බව වටහාගෙන, සමුදය අස්තංගමය සහිතව, සම්මා දිට්ඨියේ වාසය කරනු ලබයි.

2. මෝහය සමඟ විමසන අවස්ථාවේ දී, විඤ්ඤාණ ආහාරයෙහි බොහෝ කල් වාසය කිරීම නිසා ඇති වූ අවිද්‍යාව වැටහෙන්නේ, තථාගතයන් වහන්සේ අනිත්‍යභාවය වැටහීමෙන් නිර්වාණයට ද පැමිණියේ, යැයි සූත්‍ර දේශනාවල පෙන්වීම ද වැටහේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 16/08/2025

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඉතින් මෙතනට තව ටිකක් එකතු කරනවා නම්, අවිද්‍යාව හරියට couple එකක් වගේ. මෙහෙම තමයි ජීවත් විය යුත්තේ. Couple එක සුභ සහ නිත්‍ය.