ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
25/07/2025 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. මෙසේ කාරණා තුනක් align වීම නිසා, ඉපදීම වළකාගත නොහැකි වේ. එනම් පරාමාස ඉදංසච්ච සහ මෝහ යන තුන් ධර්මයන්හි නිත්‍යභාවය ගැබ් ගැනීම නිසා ඉපදීම වළකා ගත නොහැකි වේ, යන ධර්මතාවය නිර්වාණය නොවීම සඳහා වන, පශ්චාත් කොන්දේසිය (postcondition for no nibbana) ලෙස වැටහුණා.
එහි සඳහන්, මෙසේ යම් නිත්‍යභාවයක්, පරාමාසයටත් ඉදංසච්චයටත් යන දෙකට ම ඇතුල් වීම වන්නේ, ඉපදීම නවතාගත නොහැකි ය, යන ධර්මතාවය නිර්වාණය නොවීම සඳහා, පූර්ව කොන්දේසිය (precondition for no nibbana) ලෙස වැටහුණා.
නිර්වාණය නොවීම සඳහා වන, පශ්චාත් කොන්දේසිය පළමුව විමසා බලමු. 27/09/2024 ජීවිත ඉන්ද්‍රිය භාවනාවේ, a නිත්‍ය දිට්ඨි සහ b සුභ යන චිත්ත විපල්ලාසය යන අගයන් දෙක, ජීවිත ඉන්ද්‍රියේ ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රමාණවත් වන්නේ නම් පමණක්, එහි හැකියාව වටහා ගැනීම සඳහා පමණක්, විඤ්ඤාණ සිට පැමිණෙන පදුට්ඨමනසඞ්කප්ප අගයෝ විමසීම කරනු ලබයි, යනුවෙන් ඉගෙන ගත්තා. දී ඇති සටහන බලන්න.
මෙහි ඉදංසච්චයට ද නිත්‍ය ඇතුල් වී ඇති අතර, පහළ මෝහයේ සිට දුර්වල නොවී පවතින සුඛ සඤ්ඤාව line 6 හරහා ගැලීම සිදු වන නිසා, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම සිහි කරන්න. කාම ආශ්‍රව යනු, සුඛ යන්නෙහි පසු සඤ්ඤාව වේ. එසේ නම් පරාමාසය තුළ සුඛ යන්න සැකසීමෙන් වන බලපෑම අධිකව ඇත්තේ, සුඛ වූ යමක් ඇති යැයි යන අදහසක් විඤ්ඤාණය තුළ තැන්පතු වීමක්, ඉස්මතු වීමක්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම සමඟ, ජාති වේදනා චේතනා, පථය මගින් ඇති වේ.
මෙසේ සුඛ යැයි යමක් ඇති යැයි යන අදහසක් විඤ්ඤාණය තුළ ඔඩු දුවා ඇති නිසා, මෙසේ කාරණා තුනක්, එනම් පරාමාස ඉදංසච්ච සහ මෝහ යන තුන් ධර්මයන්හි නිත්‍යභාවය ගැබ් ගැනීම නිසා, ඉපදීම වළකා ගත නොහැකි වේ යැයි පවසයි. මේ නිසා පරාමාස සිට ජීවිත ඉන්ද්‍රිය රේඛාවේ, ජීවිත ඉන්ද්‍රිය දිසාවට නිත්‍ය දිට්ඨිය ලකුණු කිරීම සිදු කරනු ලබයි. මෙය ජීවිත ඉන්ද්‍රිය අඩපණ වූ අවස්ථාවක් නොවිය හැකි අතර, මෙමගින් ධ්‍යාන තලවල පවා ඉපදීම විය හැකි ය. එනමුදු එය ජීවිත ඉන්ද්‍රිය අඩපණ වූ අවස්ථාවට ද යොදා විමසිය හැකි ය. කෙසේ ද? භාවනාව හොඳ වූ පසු, ඉදිරියට නොගොස් ඇති වූ සමාධි ස්වභාවය හෝ හොඳ යැයි ගන්නේ, එමගින් ථීනමිද්ධය හටගන්නා බැවිණි.
නිර්වාණය නොවීම සඳහා වන පූර්ව කොන්දේසි (precondition for no nibbana) අවස්ථාව විමසා බලමු. එනම් නිත්‍යභාවයක්, පරාමාසයටත් ඉදංසච්චයටත් යන දෙකට ම ඇතුල් වීම වන්නේ, ඉපදීම නවතාගත නොහැකි ය, යන අවස්ථාව විමසන්නේ, එහි බැස ගැනීමට කුමක් පැවැතිය යුතු ද, යන්න විමසුවා.
මෙය 27/09/2024 ජීවිත ඉන්ද්‍රිය භාවනාවේ තුන් වෙනි අවස්ථාව මෙනි. එනම් අත්තා යන චිත්ත විපල්ලාසය, ජීවිත ඉන්ද්‍රිය දක්වා පැමිණ බිඳී යන්නේ නම් කුමක් වන්නේ ද, යන අවස්ථාව. මෙහි දී පරාමාසය තුළ සුඛ යන ධර්මතාවය සැකසී ඇති අතර, එය යම් ප්‍රමාණයකට අත්තා කර ගැනීම සිදු වී ඇත. එම ධර්මතාවය නිසා line 7 වල, දුර්වල වූ අත්ත සඤ්ඤාව ලකුණු කිරීම වටහා ගත හැකි ය. මෙහි a නිත්‍ය දිට්ඨි දුර්වල ය, b සුභ යන චිත්ත විපල්ලාස අගය, a ට වඩා ප්‍රබල ය (b > a). ජීවිත ඉන්ද්‍රිය අඩපණ ය. ඒ නිසා ධ්‍යාන තලවල ඉපදීම සිදු නොවේ.
මෙසේ යම් පමණකට හෝ අත්තා කර ගැනීම ඇති නම්, එය ම නිර්වාණය නොවීමට හේතු ප්‍රත්‍ය වේ.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. නිර්වාණය නොවීම සඳහා වන පූර්ව කොන්දේසි (precondition for no nibbana) අවස්ථාවේ දී, ලැබුණා වූ යම් දහමක් වේ ද, එය හොඳාකාරව ලැබුණා යැයි කිව නොහැක. කුමක් නිසා ද? මිරිඟුවක් මෙන් පරාවර්තනය මගින් ඇති වුණා වූ සඤ්ඤාවේ, ඇති නැති බවක් හොඳින් පැවසීමට විශ්වාසයක් නැත. ඒ නිසා ය. මෙහි දී ඉපදීම අපාය තිරිසන් ලෝක ප්‍රේත ලෝකවල ය. මෙහි ජීවිත ඉන්ද්‍රිය අඩපණ නොවූ අවස්ථාවක් නැත. කුමක් නිසා ද? ථීනමිද්ධය අධික ය. ඒ නිසා ය.
2. මෙම භාවනාව කරන්නේ, මුල සිට ම star එක මතු වන අතර එය භාවනාව පුරා ම පවතී.
3. මුලින් ඉද්ධිපාද වඩා, ඉන් අනතුරුව පරාමාසය තුළ සුඛ යන්න සැකසීමෙන් වන බලපෑම අධිකව ඇත්තේ, සුඛ වූ යමක් ඇති යැයි යන අදහසක් විඤ්ඤාණය තුළ තැන්පතු වීමක්, ඉස්මතු වීමක්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම සමඟ, ජාති වේදනා චේතනා, පථය මගින් ඇති වේ, යන්න සිහි කරන්නේ විඤ්ඤාණය ලකුණු කරන තැන, star එකක් පෙනිණ.
4. සුඛ යැයි යමක් ඇති යන අදහසක් විඤ්ඤාණය තුළ ඔඩු දිවීම සිදු වන්නේ, සඤ්ඤාව නිසා ඇති වන ධර්මතාවයන්, මිරිඟුවක් මෙන් මනා කොට පරාමාසයට වම් පැත්තෙන් ඇතුල් වීම, නිසා යැයි වැටහුණා.
5. 06/06/2025 විමංසා ඉද්ධිපාද භාවනාවේ දැක් වූ ධර්මය සමඟ, එකතු කරන ලද හතර වෙනි කාරණය විමසා බලන්න යැයි බුදුපියා පැවසුවා.
එහි, 1 සුභ යන චිත්ත විපල්ලාසය, 2 පදුට්ඨමනසඞ්කප්පය සමඟ එකතු වී පරාමාසගත වී, 3 අත්තා යන සංකල්පය තුළ දෙයාකාර ධර්මයන් මගින්, එනම් වේදනාවේ සිට චේතනාව දක්වා පැමිණෙන්නා වූ සුඛ සඤ්ඤා විපල්ලාසය සහ ජීවිත ඉන්ද්‍රිය හරහා ම පරාමාසගත වූ සුඛ වූ ධර්මතාවයෝ යන දෙදෙන මගින්, සුඛය තැන්පත් වීම ලකුණු කර ඇත. එමගින් ඇති වන්නා වූ නිත්‍ය සඤ්ඤාව 4 වෙනියට ලකුණු කර ඇත. එමගින් විඤ්ඤාණ ආහාරයේ සුඛ යන සඤ්ඤා විපල්ලාසය තැන්පත් වේ. හතර වෙනියට එකතු කරන ලද මිරිඟුවක් මෙන් මනා කොට පරාමාසයට වම් පැත්තෙන් ඇතුල් වීම වන්නේ නම්, ඒ නිසා, සුඛ යැයි හැඟීම් ඇතිව චේතනා කරන්නේ ය. එය ජාති වේදනා චේතනා, පථය මගින් ඇති වේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 30/08/2025