Date: 22/08/2025 Name: නිබ්බාන

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

15/08/2025 ජීවිත ඉන්ද්‍රිය භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී කාම ආශ්‍රව යනු, සුඛ යන්නෙහි පසු සඤ්ඤාව වේ. එසේ නම් පරාමාසය තුළ සුඛ යන්න සැකසීමෙන් වන බලපෑම අධිකව ඇත්තේ, සුඛ වූ යමක් ඇති යැයි යන අදහසක් විඤ්ඤාණය තුළ තැන්පතු වීමක්, ඉස්මතු වීමක්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම සමඟ, ජාති වේදනා චේතනා, පථය මගින් ඇති වේ, යනුවෙන් ඉගෙන ගත්තා.

a. මෙහි පෙර කරන ලද්දා වූ සංස්කාර මගින් ධාරාව පැවැත්වීම වුණා යැයි ඇති විශ්වාසය නොසිඳී පවතී.

b. දැනට පරාමාසය තුළ සුඛ යන්න සකස් වීම නිසා වැරදි වැටහීම් ඇත.

මෙම දෙදෙනාගේ එකතුවෙන්, එනම් a සහ b එකතුවෙන්, එයට අනුව චේතනා කිරීම ආරම්භ වේ. මෙසේ සුඛ යැයි යමක් ඇති යැයි යන අදහස, විඤ්ඤාණය තුළ ඔඩු දිවීම සිදු විය. මෙහි ධ්‍යාන තලවල ඉපදෙන අවස්ථාව, තවදුරටත් විමසා බැලුවා.

සුඛ යන හැඟීම ඇත. එසේ නම් හතර වෙනි ධ්‍යාන තලයේ හෝ ඊට වැඩි ධ්‍යාන තලවල ඉපදීමට කාරණා නැත. මෙසේ 1, 2, 3 ධ්‍යාන තලවල පමණක් ඉපදීම සිදු විය හැක. මෙය වැළැක්වීමට මණ්ඩලාධිපති බුදුපියාගේ උතුම් දහම භාවිතා කළ යුතු ය. එහි දුක සංකල්පයේ පිහිටීම මගින්, ඉපදීම වළකා ගත හැකි අතර මේ සඳහා three kind of good conduct diagram මෙන්, දස කුසලය මගින් දුක යන සංකල්පයේ පිහිටීමත්, අරි අට මඟට පැමිණීමත් උදව් උපකාර කරයි. එය එසේ ය.

ජීවිත ඉන්ද්‍රිය අඩපණ වූ, නිර්වාණය නොවීම සඳහා වන පූර්ව කොන්දේසිය (precondition for no nibbana) අවස්ථාව විමසන්නේ, පරාමාසය තුළ සැකසුනා වූ සුඛ යන ධර්මතාවය නිසා, line 7 වල, දුර්වල වූ අත්ත සඤ්ඤාව භාවිතා කිරීම වන්නේ, කුමක් නිසා අපාය තිරිසන් ලෝක ප්‍රේත ලෝකවල ඉපදීම සිදු වේ ද? සුඛ යන්න පෝෂණය වීමක් යථාර්ථයකින් තොරව (without a reality) පරාමාසය තුළ සැකසීමත් එහි ම යෙදීමත් යන ධර්මතාවය නිසා ය. යමෙක් කිසිවක් නොසොයා නොඉපදවා තම මනසින් සුඛ යැයි සිහින මවමින් (daydreaming) සිටින අවස්ථා විමසන්නේ නම්, හොඳින් වැටහේ.

කෙසේ ද? යමක් උපදවා නැති ද, එය සිතේ පමණක් හටගන්නා දහමක් පමණි. එයට විඤ්ඤාණයේ සිට පැමිණෙන නිත්‍යභාවය උදව් උපකාර කරයි. එසේ නිත්‍යභාවය ඇති වීමට, මානය විසින් පුනපුනා අත්තා සිට නිත්‍ය දක්වා තපස්සි බුදුපියාගේ දහම මගින්, අතීත සංස්කාර නිසා ඇති වූ අත්තා යන්න පමණක්, භාවිතා කරනු ලබයි. යමක් ලැබී නැති නිසා, දැන් පවතින අත්තා යන්න දුර්වල ය. එය සඤ්ඤා මාත්‍රයක් පමණි. මේ නිසා line 7 වල, දුර්වල වූ අත්ත සඤ්ඤාව මගින් ධාරාව දුව වනු ලබන්නේ, අපාය තිරිසන් ලෝක ප්‍රේත ලෝකවල ඉපදීම සිදු වේ. මෙය නවතා ගැනීමට තපස්සි බුදුපියාගේ දහම මනා කොට භාවිතා කළ යුතු අතර, මානය ඉවත් කිරීමට උපයෝගී වන ඕනෑ ම දහමක් භාවිතා කළ යුතු බැවින්, නිර්වාණය බොහෝ ඈත වන්නේ ය. මෙය සඳහා දුස්සීලභාවය ඉවත් කළ යුතු අතර විමංසා ඉද්ධිපාදය මනා කොට භාවිතා කිරීමෙන් මානය මගින් කරන්නා වූ, අකුසලය වළකා ගත හැකි ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙහි පෙර කරන ලද්දා වූ සංස්කාර මගින් ධාරාව පැවැත්වීම වුණා යැයි ඇති විශ්වාසය නොසිඳී පැවතීම සිදු වන්නේ, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම, එනම්, සුඛ යන්නෙහි පසු සඤ්ඤාව මතු වීම නිසා බව වැටහිණ.

2. ජීවිත ඉන්ද්‍රිය අඩපණ වූ, නිර්වාණය නොවීම සඳහා වන පූර්ව කොන්දේසිය (precondition for no nibbana) අවස්ථාවේ දී එසේ නිත්‍යභාවය ඇති වීමට, මානය විසින් පුනපුනා අත්තා සිට නිත්‍ය දක්වා තපස්සි බුදුපියාගේ දහම මගින්, අතීත සංස්කාර නිසා ඇති වූ අත්තා යන්න පමණක්, භාවිතා කරනු ලබයි යැයි පැවසුවා. එසේ නම් පෙර අත්තා යොදා කරන මෙම ක්‍රියාවලිය, සෝකය 2 සමඟ සම්බන්ධ වන බැවින්, සහ සෝකය 2හි බලපෑම වැඩි නිසා, බොහෝ දෙනෙක් අපාය තිරිසන් ලෝක ප්‍රේත ලෝකවල ඉපදීම සිදු වේ, යන තථාගත ධර්මය ද, හොඳින් වැටහේ.

3. මණ්ඩලාධිපති බුදුපියාගේ දහම, three kind of good conduct, සමඟ භාවිතා කරන විට අනාශ්‍රව විය. තව ද, පාණාතිපාතය කරන අයකුට මරණය දුක වශයෙන් නොවැටහේ, අදත්තාදානය කරන අයකුට ජාතිය දුක වශයෙන් නොවැටහේ, කාමයෙහි වරදවා හැසිරෙන අයකුට ජරා, ව්‍යාධි දුක වශයෙන් නොවැටහේ. මෙහි දී ව්‍යාධිය හොඳින් දන්නේ නම්, විභන්තචිත්තා පථය ක්‍රියාත්මක නොවේ. ඉපදීම සිදු නොවේ යන්න සිහි කරන්නේ, “Excellent” යැයි ඇසුණා. මෙම සමාධිය නොගිලිහී පවතී.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 30/08/2025

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Threekindofgoodconduct.jpg


Soka2.jpg


s_vibanthacitta.jpg