ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
22/08/2025 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ජීවිත ඉන්ද්‍රිය අඩපණ නොවී අත්තා යන චිත්ත විපල්ලාසය ජීවිත ඉන්ද්‍රිය දක්වා පැමිණ බිඳී යන්නේ නම්, කුමක් වන්නේ ද? මෙය 18/01/2016 උපෙක්ඛා අප්‍පමාණ භාවනාවේ දී විමසන ලද ධර්මය සමග බලමු. දී ඇති සටහන 1 බලන්න.
සටහන 1
එහි විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වීම සමඟ, අත්තා යන සඤ්ඤා විපල්ලාසය නිසා චේතනා හටගැනීම ලකුණු කර ඇත. මෙහි දී ද, පරාමාසය තුළ සුඛ යන්න සකස් වීම ද තැන්පතු වීම ද අත්තවාද උපාදාන නිසා සුභ යන්න ඉදංසච්ච සිට පරාමාස වීම සමඟ, සිදු වී ඇත. එහි යම් ගම්‍යතාවයක් (momentum) ගාම්භීරතාවයක් විඤ්ඤාණයට මනා කොට දැනෙන ප්‍රමාණයට නිත්‍යභාවය අත්තවාද උපාදානය නිසා ම ගලයි.
මෙහි දී යම් නිත්‍යභාවයක් සුඛය සමඟ ජීවිත ඉන්ද්‍රිය දෙසට පරාමාසයේ සිට ඇති වේ. මෙම නිත්‍ය දිට්ඨි ස්වභාවය, ජීවිත ඉන්ද්‍රියේ පැවැත්ම සඳහා ප්‍රමාණවත් වන්නේ ය. එයට විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් අත්තා යන සඤ්ඤාව, චේතනා දක්වා පැමිණීම නිසා වන බලපෑම ප්‍රමාණවත් බව, ජීවිත ඉන්ද්‍රියට හැඟෙන අවස්ථාවක් වී ඇති අතර, දෙයාකාර ධර්මයන් මගින්, ජීවිත ඉන්ද්‍රිය මෙසේ පෝෂණය වී ඇත්තේ ය. දී ඇති සටහන 2 බලන්න.
සටහන 2
මෙම සටහනේ දැක්වෙන a අත්තා යන සඤ්ඤාව සහ b සුඛය නිසා ඇති වූ නිත්‍යභාවය, දිට්ඨි විපල්ලාසයක් ලෙස යන දෙයාකාර ධර්මයන් මගින් ජීවිත ඉන්ද්‍රිය මෙසේ පෝෂණය වීම ඉතා වැදගත් වන අතර, එහි පැවැත්මට උදව් උපකාර වුණ මෝහය විසින් සඤ්ඤාව සුඛ යැයි කාමරාග අනුසය මගින් පවත්වන්නේ, සඤ්ඤාව සුඛ වශයෙන් චේතනාව කරා නොකඩවා ගැලීම සිදු වේ. මෙසේ සුඛ යන චිත්තයකින් තොරව, සුඛ යන සඤ්ඤාව සමඟ චේතනා හටගැනීම නිසා, හතර වෙනි ධ්‍යාන තලයේ සිට ඉහළ ධ්‍යාන තලවල ඉපදීම, චේතනා සහ පරාමාස අතර දිට්ඨියකින් තොර, අවස්ථාවල දී සිදු වේ.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ, ගම්‍යතාවයක් ගාම්භීරතාවයක් විඤ්ඤාණයට මනා කොට දැනෙන ප්‍රමාණයට නිත්‍යභාවය අත්තවාද උපාදානය නිසා ම ගලයි යන්න, සිහි කරන්නේ, මෙහි දී පෙර එම ධ්‍යානවල වාසය කිරීම නිසා, අත්තවාද උපාදාන කරගත් ධර්මයන් ඇත්තේ, මෙසේ ගාම්භීරතාවයක් විඤ්ඤාණයට මනා කොට දැනෙන ප්‍රමාණයට නිත්‍යභාවය අත්තවාද උපාදානය නිසා ම ගලයි යන්න, වැටහිණ. “Excellent” යැයි ඇසුණා.
2. මෙම භාවනාව කරන්නේ, උපෙක්ඛා අප්‍පමාණයේ සිට ශාන්ත සුවිමුක්ත චිත්තය දක්වා මනස පැවතිණ.
3. කුමක් නිසා විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් අත්තා යන සඤ්ඤාව ඇති කර ගනී ද, යන්න විමසුවා. එහි දී ආකිඤ්චඤ්ඤායතනය මගේ නොවේ යැයි ගන්නා විට, deep space ඇදී යාමක් වන්නේ, එය එසේ වූවා යැයි ඇති වන සතුට නිසා, අත්තා යන සඤ්ඤාව ඇති කර ගනී යැයි වැටහුණා. “Excellent” යැයි ඇසුණා. මෙහි දී දකුණු ඇසට පහළින් එම ඇසට ආසන්න මුහුණේ ප්‍රදේශය සුඛ ලෙස දැනිණ. මෙය deep space ඇදී යාමක් වන්නේ, එය එසේ වූවා යැයි සිහියේ තිබෙන තාක් කල් පවතී. එය ජීවිත ඉන්ද්‍රිය සතුටු වීම නිසා යැයි බුදුපියා පැවසුවා. ජීවිත ඉන්ද්‍රිය ඇසට පහළින් වන ඇටයට පිටුපසින් තරමක් ඇතුළතින් පිහිටන අතර, එයට පහළින් මනින්ද්‍රිය පිහිටයි. යම් ජීවිත ඉන්ද්‍රිය සතුටු වීමක් ඇති ද, එය මනින්ද්‍රිය සතුටු වීම සඳහා වන ප්‍රධාන කාරණය වන බැවින්, වෙනස සොයා ගැනීමට අපහසු වන ප්‍රමාණයට, දකුණු ඇසට පහළින් එම ඇසට ආසන්න මුහුණේ ප්‍රදේශය සුඛ ලෙස දැනේ.
4. ජීවිත ඉන්ද්‍රිය සතුටු වීම සමඟ මනින්ද්‍රිය සතුටු වීම මෙසේ සිදු වන්නේ, ධ්‍යාන තල පෙනීම ද සිදු වේ. එය එසේ වන්නේ කුමක් නිසා ද යන්න, බුදුපියාගෙන් විමසන්නේ, ඔබ කුමක් සිතන්නේ ද, යැයි ඇසුවා. “මනසා ධම්මං විඤ‍්ඤාය.” සතුටු වූ මනින්ද්‍රියට, ගෝචර වූ දෙය එය යැයි වැටහිණ. “Excellent” යැයි ඇසුණා. Repair කිරීම ජීවිත ඉන්ද්‍රිය සතුටු වීම සමඟ ඉතා පහසුවෙන් කළ හැකි ය.
5. මෙම සුඛය භාවනාවෙන් පසුව ද බොහෝ කල් පවතින අතර, සීතල උෂ්ණය හෝ ගන්නා වූ ආහාර වැනි දෙයෙහි රස නීරස වැනි දේ ගැන, හෝ තැකීමක් නැති බව වැටහෙන්නේ, ධ්‍යාන තලවල වාසය කරන විට, දැනෙන්නා වූ ස්වභාවය මෙසේ යැයි බුදුපියා පැවසුවා.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 13/09/2025