Date: 05/09/2025 Name: උපෙක්ඛා අප්‍පමාණ

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

29/08/2025 උපෙක්ඛා අප්‍පමාණ භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී ජීවිත ඉන්ද්‍රිය අඩපණ නොවී අත්තා යන චිත්ත විපල්ලාසය ජීවිත ඉන්ද්‍රිය දක්වා පැමිණ බිඳී යන්නේ නම්, කුමක් වන්නේ ද යන්න, එහි දී දෙන ලද සටහන 1 සමඟ විමසා බලා ඇත.

MM_29_08_2025.jpg

සටහන 1

මෙහි දී සුඹුල වැනි රූපය අත්තා කර ගැනීම නිසා අත්තා යන සඤ්ඤා විපල්ලාසය ඇති වේ. මෙය සියුම් දහමකි. මෙහි වේදනා අත්තා කර ගැනීම නැත. එපමණට සියුම් තත්වයකට සුඹුල වැනි රූපය අත්තා කර ගැනීම සිදු වී, එය විඤ්ඤාණ ආහාරයෙහි තැන්පත්ව ඇත. මෙසේ සටහනේ උඩින් ඇති වන අත්තා නිසා වන මමංකාරය ඇත. විඤ්ඤාණ ධාරාව මේ වන විට මෝහය දක්වා පැමිණ ඇති අතර, එහි නිත්‍ය යැයි ගැබ් ගැනීම සිදු වී ඇත. කාමරාග අනුසය ඇත්තේ නම් කුමක් වේ ද? මෙහි area 6 සම්පූර්ණ වීමක් ඇති අතර, එමගින් මාන වීම ද අහංකාර වීම ද යන ධර්මතාවයෝ ඇති වේ.

16/04/2016 නිබ්බාන භාවනාව සමඟ විමසන්නේ නම් හත් වන ධ්‍යාන අවස්ථාව මනා කොට වටහා ගත හැකි ය. එහි දුක්ඛ table එකෙහි තුන් වෙනි පේළිය විමසන්න. ඕලාරික සුඛ වේදනා නිසා වන අත්තභාවය නැත. එම අත්තභාවය නිසා වන නන්දිය නැත. එසේ නම් මැරුණා වූ චිත්තයක් ඉපදවීමට අදහසක් නැති මේ අවස්ථාවේ දී, අත්ත සඤ්ඤාව නිසා ම ඉපදීම සිදු වන අතර, අත්තභාවය නිසා වන නන්දිය නැති නිසා, සුඛ යන චිත්තයකින් තොරව, සුඛ යන සඤ්ඤා සමඟ චේතනා හටගැනීම නිසා, හත් වන ධ්‍යාන තලයේ ඉපදීම, චේතනා සහ පරාමාස අතර දිට්ඨියකින් තොර, අවස්ථාවල දී සිදු වේ.

අට වන ධ්‍යාන ඵල ලාභියා සඳහා යෙදෙන ධර්මතාවයන්, 16/04/2016 නිබ්බාන භාවනාව සමඟ විමසා බලමු. එහි දුක්ඛ table එකෙහි තුන් වෙනි පේළියේ, ඕලාරික සුඛ වේදනා නිසා වන අත්තභාවය නැත. එම අත්තභාවය නිසා වන නන්දිය නැත. හතර වෙනි පේළියේ, අහංකාරය සඤ්ඤාවක් ලෙස නොපවතී. එම අහංකාර සඤ්ඤාව ගැන සැක නැත. ඔහුට ද අත්තභාවය නිසා වන නන්දිය නැති නිසා, මැරුණා වූ චිත්තයක් ඉපදවීමට අදහසක් නැත. එසේ නම් සුඛ යන චිත්තයක් නැත. අට වන ධ්‍යාන සංස්කාර නිසා හටගන්නා වූ සූක්ෂම වූ නිත්‍යභාවය ඇත. ප්‍රිය දෙයින් වෙන් වුණා යැයි හැඟීම යම් පමණකට ඇත. කුමක් නිසා ද? පෙර ලැබුණා වූ සඤ්ඤා මනසිකාරයෝ නැතිවීම නිසා, නිර්වාණයෙන් තොරව ඇති වූ ඝෝෂාව අහිමි වීම, යම් පමණකට දැනීමක් ඇත. මේ නිසා ම අතීත භව පෙන්වීම, විඤ්ඤාණය විසින් සිදු කරනු ලබයි.

මෙසේ ප්‍රිය දෙයින් වෙන් වුණා යන හැඟීම යම් පමණකට ඇත්තේ, විභන්තචිත්තා පථය මෙන් වූ ඊට සමාන වූ පථයක් මගින් චේතනා ඇති කර ගනී. එම චේතනා අලුත් චේතනා යැයි වරදවා නොගත යුතු ය. අට වන ධ්‍යාන සංස්කාර නිසා හටගන්නා වූ සූක්ෂම වූ නිත්‍යභාවය යම් පමණකට පවත්වන චේතනා ය. එය එසේ ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. ඝෝෂාව කණට සද්ද, දිවට රස ආදී වශයෙන් ගන්න.

2. අට වන ධ්‍යාන සඳහා කරන සංස්කාර නිසා හටගන්නා වූ සූක්ෂම වූ නිත්‍යභාවය යන්න, සඤ්ඤාව අනිත්‍ය යැයි විමසීම ආදී වශයෙන් කරන සංස්කාර නිසා වූ සූක්ෂම වූ නිත්‍යභාවය වේ. එම සංස්කාර සඳහා ඝෝෂාව කරනු ලබන්නේ එහි දී සඤ්ඤාවේ අනිත්‍යභාවය බැලීමට, යමක් ඉදිරියට පැමිණ ඇත. ඝෝෂාව නිසා නිත්‍යභාවය ඇති වුණා යැයි නොගත යුතු ය.

3. අත්ත සඤ්ඤාව නිසා ම ඉපදීම සිදු වන අතර, අත්තභාවය නිසා වන නන්දිය නැති නිසා, සුඛ යන චිත්තයකින් තොරව, සුඛ යන සඤ්ඤාව සමඟ චේතනා හටගැනීම නිසා, හත් වන ධ්‍යාන තලයේ ඉපදීම, චේතනා සහ පරාමාස අතර දිට්ඨියකින් තොර, අවස්ථාවල දී සිදු වේ යන්න, තවදුරටත් විමසා බැලුවා. චිත්තය යනු සඤ්ඤා චේතනා විඤ්ඤාණ බව අපි දනිමු. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් අත්තා යන සඤ්ඤාව චේතනා දක්වා පැමිණීම සමඟ වන මෙම ක්‍රියාවලිය, තම පවුලේ අයට යමක් විඤ්ඤාණය යන පියා විසින් දී එම අය සතුටු කිරීම මෙනි. මෙසේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් කළ නිසා, සඤ්ඤා චේතනා මගින් විඤ්ඤාණ සැකසුනා යැයි කිව නොහැක. එසේ නම් සඤ්ඤා චේතනා විඤ්ඤාණ මගින් වන චිත්තය නැති නිසා, සුඛ යන චිත්තයකින් තොරව යන්න වැටහේ.

4. 6.4 පියවරේ දී නන්දිය පරාමාසගත වුණ විට, අහංකාර වන බව අපි දනිමු. මෙය හත් වන ධ්‍යාන අවස්ථාව සමඟ විමසන්නේ, කුමක් නිසා අහංකාර වන්නේ ද? යැයි, බුදුපියාගෙන් විමසුවා. ජාතිය ඇති තැන බලන්න යැයි පැවසුවා. මෙහි දී සුඹුල වැනි රූපය නිසා, පවතිනවා යන අදහස නිසා අහංකාර වන බව වැටහුණා.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 13/09/2025

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

එතකොට මෙතන මේ එකතු කරනවා නම්, විභන්තචිත්තා පථය මෙන් වූ ඊට සමාන වූ පථය කියන එක, කෙනෙකුට පුළුවන් ඔය පියෙහි විප්පයොගය වටේට රවුමක් ඇඳ ගන්න. ඊට පස්සේ ජාතිය කියන එක වටේ තිත් වලින් රවුමක් ඇද ගන්න. ඊට පස්සේ පියෙහි විප්පයොගයයි ජාතියයි අතර සම්බන්ධතාවයක් ලකුණු කරන්න එපා. ඒ වගේ ම ජාතියේ ඉඳන් වේදනාවටත් සම්බන්ධතාවයක් එපා. වේදනාවේ ඉඳන් චේතනාවට සම්බන්ධතාවය ලකුණු කරන්න අපි දන්නවනේ ඔය ඉහල ධ්‍යාන තලවල නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ පථය එහෙම තියෙන්නෙ, අන්න ඒ වගේ සම්බන්ධතාවයක් එතන තියෙනවා.

එතකොට ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-07.jpg