ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
29/08/2025 උපෙක්ඛා අප්‍පමාණ භාවනාව නැවතත් කරගෙන ගියා. එහි ජීවිත ඉන්ද්‍රිය අඩපණ නොවී අත්තා යන චිත්ත විපල්ලාසය ජීවිත ඉන්ද්‍රිය දක්වා පැමිණ බිඳී යන්නේ නම්, කුමක් වන්නේ ද යන්න, එහි දී දෙන ලද සටහන 1 සමඟ විමසා බලා ඇත.

මෙහි දී සුඹුල වැනි රූපය අත්තා කරගැනීම නිසා අත්තා යන සඤ්ඤා විපල්ලාසය ඇති වේ. මෙය සියුම් දහමකි. මෙහි වේදනා අත්තා කරගැනීම නැත. එපමණකට සියුම් තත්වයකට සුඹුල වැනි රූපය අත්තා කරගැනීම සිදු වී, එය විඤ්ඤාණ ආහාරයෙහි තැන්පත්ව ඇත. මෙසේ සටහනේ උඩින් ඇති වන අත්තා නිසා වන මමංකාරය ඇත.
25/08/2023 අමෘතය 5 භාවනාවේ දී, ත්‍රිශූලය සටහන වාමාවර්තව දිට්ඨි සල්ලයෙන් කැරකවීම විමසා ඇත. දී ඇති සටහන 1 විමසන්න.

සටහන 1
චේතනා නිසා ඇති වන සඤ්ඤා මනසිකාරයෝ, වේදනාව කරා පැමිණීම සිදු වන්නේ නම් කුමක් වේ ද? ත්‍රිශූලය සටහන වාමාවර්තව කැරකවීම සිදු වේ. මෙහි දී 25/08/2023 අමෘතය 5 භාවනාවේ දී ඉගෙන ගත් ධර්මය සමඟ සසඳන්නේ, වේදනා අගයන් චේතනා කරා ගෙන යාම නොව, චේතනා නිසා වේදනාව කරා පැමිණීම නිසා ත්‍රිශූලය සටහන වාමාවර්තව කැරකවීම ය. මෙය සිදු වන්නේ නම් සියුම් වූ රූපය අළලා මෙසේ චේතනා හටගැනීම නිසා එම රූපය නිසා හතර වෙනි ධ්‍යාන තලයේ ඉපදීම සිදු වේ.
ත්‍රිශූලය සටහන මෙසේ භ්‍රමණය වීමට දිට්ඨි සල්ලය බලපායි. මෙම අවස්ථාව නිත්‍යභාවය නිසා දිට්ඨි ආශ්‍රවයට පැමිණීම, එනම් දිට්ඨි ආශ්‍රවයට තුඩු දීම නිසා සිදු වන්නකි. මෙය 07/11/2015 භාවනාවේ දී දුන් භූත සටහන සමඟ විමසන්නේ නම් හොඳින් වැටහේ.

එනම් දිට්ඨි ආශ්‍රවය මගින් ඇති වන දිට්ඨි සල්ලය, සඤ්ඤාව කර තබාගෙන යෑමක් කරනු ලබයි. රතු පථය හරහා ගොස් සඤ්ඤාවෙන් චේතනාව වෙලා, ආපසු එනවා දිට්ඨි ආශ්‍රවයට. මෙම දිට්ඨි ආශ්‍රවය තුළ සියල්ල සම්පූර්ණ වුණා යැයි හැඟීම ඇත. මනෝමය කාය ලස්සනට තමා ඉදිරියේ මැවී පෙනීම ගන්න. එමනිසා දිට්ඨි ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම ඇත.
මණ්ඩලාධිපති බුදුපියාගේ උතුම් දහම හොඳින් භාවිතා කරන්නේ, තණ්හාව නොවීමට තරම් එම ධර්මය පෝෂිත වී තිබිය යුතු ය. මෙසේ හතර වෙනි ධ්‍යාන තලයේ ඉපදීම වළකා ගත හැකි ය.
ඒක තමයි භාවනාව.
මේකට ටිකක් එකතු කරනවා නම්,
1. මෙහි දී නිත්‍ය යැයි පෙනෙන්නා වූ රූපය, මනෝමය කාය daydreaming මෙනි. කිසිවක් නොඉපදවා මතු වුණ දේ නිසා එසේ පවසයි.
2. චේතනා නිසා වේදනාව කරා පැමිණීම නිසා, ත්‍රිශූලය සටහන වාමාවර්තව කැරකවීම විමසන්නේ, එය සමඟ චේතනා සිට වේදනාව, චේතනා සිට සඤ්ඤාව සහ චේතනා සිට පරාමාස දක්වා ඊතල තුනක් පෙනිණ. මෙසේ ධර්මයන්ගේ ගැලීම ජීවත් වන සත්වයා හට වැඩියෙන් සිදු වන බව, එනම්, රූප වේදනා සඤ්ඤා නිසා චේතනා වීමට වඩා වැඩියෙන් සිදු වන බව වැටහිණ. එය එසේ යැයි බුදුපියා පැවසුවා. මෙසේ වන්නේ දීර්ඝ කාලයක් අරූප ධ්‍යාන තලවල වාසය කිරීම නිසා යැයි ද, වැටහිණ. මෙසේ චේතනාව නිසා සිදු වන ක්‍රියාවලිය වැටහෙන්නේ, “චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි.” යන්න ද වැටහේ. මෙසේ චේතනා නිසා වේදනා සොයා යන්නේ, එය සඳහා කාය වචී චිත්ත සංස්කාරයන් කරනු ලබන්නේ කර්මයන් සකස් කරයි. දී ඇති සටහන 2 බලන්න.

සටහන 2
මනොසඤ්‌චෙතනා යන්න ද වැටහේ. එය රූප වේදනා නිසා වන චේතනා නොව, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් සිදු වන චේතනා ය.
3. මණ්ඩලාධිපති බුදුපියාගේ උතුම් දහම මෙහි යෙදීමත් හොඳින් වැටහේ. සඤ්ඤාව දුක වශයෙන් දකින්නේ, වරදවා වටහා ගැනීම ඉවත් වේ. එමගින් පරාමාස අගය බැස යයි. සඤ්ඤාව දුක වශයෙන් දකින්නේ විඤ්ඤාණ ධාරාව slow වීම නිසා වේදනා කරා චේතනා අගය ගෙන යෑම දිට්ඨි සල්ලය මගින් කිරීමට අපහසු වන්නේ එහි ගැම්ම බැස යයි. මෙසේ නිර්වාණය සාක්ෂාත් කරගත හැකි ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 27/09/2025