Date: 19/09/2025 Name: උපෙක්ඛා අප්‍පමාණ

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

12/09/2025 උපෙක්ඛා අප්‍පමාණ භාවනාව නැවතත් සිදු කරගෙන ගියා. එහි ජීවිත ඉන්ද්‍රිය අඩපණ නොවී අත්තා යන චිත්ත විපල්ලාසය ජීවිත ඉන්ද්‍රිය දක්වා පැමිණ බිඳී යන්නේ නම්, කුමක් වන්නේ ද යන්න, 29/08/2025 උපෙක්ඛා අප්‍පමාණ භාවනාවේ දී දෙන ලද සටහන 1 සමඟ විමසා බලා ඇත.

MM_29_08_2025.jpg

මෙහි දී සුඹුල වැනි රූපය අත්තා කර ගැනීම නිසා අත්තා යන සඤ්ඤා විපල්ලාසය ඇති වේ. මෙය සියුම් දහමකි. මෙහි වේදනා අත්තා කර ගැනීම නැත. එපමණට සියුම් තත්වයකට සුඹුල වැනි රූපය අත්තා කර ගැනීම සිදු වී, එය විඤ්ඤාණ ආහාරයෙහි තැන්පත්ව ඇත. මෙසේ සටහනේ උඩින් ඇති වන අත්තා නිසා වන මමංකාරය ඇත. තව ද චේතනා නිසා වේදනාව කරා පැමිණීම නිසා ත්‍රිශූලය සටහන වාමාවර්තව කැරකවීම විමසා ඇත.

s_trident_2.jpg

15/12/2023 පහ සහ හය ධ්‍යාන භාවනාවේ දී, සඤ්ඤා පරිණත වන්නේ 5.5 වීමෙන් පසුව බවත්, එනම් අත්තා දිට්ඨි සෑදීමට තරම් සඤ්ඤාව ප්‍රබල වන්නේ, මෙහි දී විඤ්ඤාණඤ්චායතනයේ ඉපදීම සිදු වේ යැයි, ඉගෙනගෙන ඇත. මෙම අත්තා දිට්ඨිය වේදනාව නිසා ය. වේදනාව හොඳින් දිරවා ඇත. රූප ඕලාරික වේවා, සුකුම වේවා, ඒ නිසා වන වේදනා, හොඳින් දිරවා ඇත. මෙහි වේදනාව යන්න ලෙස ගත යුත්තේ කුමක් ද? එහි චේතනා නිසා වේදනාව කරා පැමිණීම මගින් අවුස්සන වේදනා ය. රූපය අත්හැරියාක් මෙන් සඤ්ඤා ඇති නිසා, රූප දිසාවෙන් වේදනා කරා පැමිණීමක් නොවේ. ගවයෙකු කන ලද ආහාරය, වැමෑරීමක් කර කනවා වැනි ය. එය එසේ ය. පෙර හය වන ධ්‍යාන තලවල වාසය කර ඇති නිසා, එම දේ සඳහා ම චේතනා විය. එම දේ සඳහා ම වේදනා විය.

සඤ්ඤා පරිණත නොවන්නේ නම්, එනම් අත්තා දිට්ඨි සෑදීමට තරම් සඤ්ඤාව ප්‍රබල නොවේ නම්, බිඳුනා වූ අත්තා සංකල්පය නිසා පස් වන ධ්‍යාන තලයේ ඉපදේ. සඤ්ඤාව අධිමොක්ඛ වීමට පෙර 6.3 දක්වා පමණක් ගිහින් නතර වී ඇත යැයි ඉගෙනගෙන ඇත. තව ද එහි දී කාරණා දෙකක් විමසා ඇත.

1 වේදනාව නිසා බනියා අතහැරීමට තරම් සඤ්ඤා අගය ප්‍රබල නොවන අවස්ථාව. මෙහි දී ඕලාරික රූපය නිසා වන වේදනා අතහැර නැත. අළු පාටට පස් වන ධ්‍යාන තලය පෙනෙන අවස්ථාව උදාහරණ වශයෙන් විමසා ඇත. මෙම අවස්ථාවේ දී, පස් වන ධ්‍යාන තලයේ ඉපදීමක් චේතනා සහ පරාමාස අතර දිට්ඨියකින් තොර අවස්ථාවල දී සිදු නොවේ. කුමක් නිසා ද? එහි ස්ථීරභාවයක් විඤ්ඤාණයට නොහැඟෙන නිසා ය.

2 ඕලාරික රූපය නිසා ඇති වන වේදනා අතහැරීමට තරම් සඤ්ඤා අගය ප්‍රබල වන අවස්ථාව. කළු පාටට පස් වන ධ්‍යාන තලය පෙනෙන අවස්ථාව උදාහරණ වශයෙන් විමසා ඇත. ඔහු කළුවරට පෙනෙන අවකාශයට (space එකට) සතුටු විය. එය අතහැර නොමැත. එපමණකට සියුම් වූ රූප සඤ්ඤා නිසා, පස් වන ධ්‍යාන තලයේ ඉපදේ. චේතනාව නිසා වේදනාව කරා පැමිණීම මගින් අවුස්සන වේදනා ඇත. ඕලාරික රූපය නිසා ඇති වන වේදනා අතහැර ඇති නමුත්, චේතනා නිසා වන වේදනාව අතහැරීමට දක්ෂ නොවිණ.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව කරන්නේ, ආරම්භයේ දී පරාමාසය තුළ සුඛ යැයි ඇති වන්නේ නම් මහා විනාශයක් යැයි සිතිණ. විඤ්ඤාණඤ්චායතනයේ ඉපදීම දක්වා දහමුන් සිහි කරන්නේ, ආලෝකය මතු වීම ද මුහුණ සුඛ වීම ද වී, හය වන ධ්‍යාන විය. එයින් ගැලවීමට ඉතා අපහසු විය. භාවනාව පුරා ම එය පැවතිණ. පෙර මෙන් නොව විඤ්ඤාණඤ්චායතනය මෙපමණකට සුඛ දැයි සිතිණ. කිසිදු උත්සාහයකින් තොරව මෙය සිදු වන්නේ චේතනා නිසා වේදනාව කරා පැමිණීම මගින් ඇති වන වේදනා ය, යන්න සිතේ තිබීම ප්‍රමාණවත් ය. යමක් එපා යැයි කියන්නේ, එය ම පුනපුනා ලැබීමක් මෙන් ය. Repair කිරීම ආරම්භයේ දීත්, එය පවතින්නේ එසේ repair කරන්න යැයි බුදුපියා පැවසුවා. හොඳින් repair වීම සිදු විය. බුදුපියවරු සහ මේතාක් උදව් උපකාර කළා වූ, දෙවි දේවමාතාවන් ඇතුළු සියලු දෙනාට සතුටු සිතින් කෘතගුණ සැලකුවේ ය.

2. ඕලාරික රූපය නිසා වන වේදනා අතහැර නැති අවස්ථාවේ දී, චේතනා සහ පරාමාස අතර දිට්ඨියක් අතීත ධර්මතාවයන් නිසා ඇති නම්, අළු පාටට පස් වන ධ්‍යාන තලය පෙනෙන අවස්ථාවේ දී, පස් වන ධ්‍යාන තලයේ ඉපදීම සිදු විය හැකි ය. මෙහි වෙනස වන්නේ, ඕලාරික රූපය නිසා වන වේදනාව මගින් දිට්ඨියක් සෑදීම සඳහා සඤ්ඤා අගය ප්‍රබල නොවන බව ය.(*1)

3. ඕලාරික රූපය නිසා ඇති වන වේදනා අතහැරීමට තරම් සඤ්ඤා අගය ප්‍රබල වන අවස්ථාවේ දී, කළුවරට පෙනෙන පෙනෙන අවකාශයට සතුටු විය. මෙහි දී චේතනා නිසා වේදනාව කරා පැමිණීම මගින් අවුස්සන වේදනා ඇති අතර, මෙහි දී වේදනාව සඤ්ඤාව සිට පරාමාස දක්වා වූ රේඛාව වටා පරාවර්තනය වීම ද සිදු වී ඇත. එනම් වේදනා අධිමොක්ඛ 5.4 වී ඇත. මේ නිසා ත්‍රිශූලය සටහන වාමාවර්තව වේගයෙන් කැරකැවීම වන්නේ, සතුටු වුණා වූ කළුවරට පෙනෙන අවකාශයට, වේගයෙන් ඇදී යෑමක් ද සිදු වේ.

4. මෙම භාවනාව කරන විට, නිතර ආලෝකය මතු වීම ද මුහුණ සුඛ වීම ද වී, හය වන ධ්‍යාන වීම, විඤ්ඤාණඤ්චායතනයේ ඉපදීම දක්වා දහමුන් සිහි කරන විට ඇති වන අතර, repair කරන විට හය වන ධ්‍යානයෙන් වෙන් වන අවස්ථාවක් ඇති වන්නේ ද, එහි දී පස් වන ධ්‍යාන තලය පෙනෙන්නේ නම්, ප්‍රපාතයකට ඇදී යනවා යන සඤ්ඤාවක් ඇති වේ. රූප ලෝකවල සිට පස් වන ධ්‍යාන තලයට යෑමේ දී ඇති වන සතුට, මෙහි නැත.

5. විඤ්ඤාණඤ්චායතන අවස්ථාව සිහි නොකර, පස් වන ධ්‍යාන තලයේ ඉපදීම සිහි කරන්නේ, පස් වන ධ්‍යාන තලය පෙනිණ. ඉන් පසු හය වන ධ්‍යාන අවස්ථාව සිහි කරන්නේ, හය වන ධ්‍යාන විය. ඉන් පසු පස් වන ධ්‍යාන අවස්ථාව සිහි කරන්නේ පස් වන ධ්‍යාන විය. මෙය කිහිපවිටක් කරන්නේ නාමරූප ඇති තැන star එකක් මතු විය. ඉන් අනතුරුව නාමරූප ඇති තැන සිට, චේතනා ඇති දිසාවට, හය වන ධ්‍යාන තලය ද, නාමරූප ඇති තැන සිට, වේදනා ඇති දිසාවට, පස් වන ධ්‍යාන තලය ද, යන දෙක ම එක වර පෙනිණ.

6. විඤ්ඤාණඤ්චායතනයට යෑමට පෙර, චේතනා නිසා වේදනාව කරා පැමිණීම මගින් ඇති වන වේදනා යන්න, ත්‍රිශූලය සටහන වාමාවර්තව කැරකවීම වන අවස්ථාව සිහි කරන්නේ, මුදිතා චෙතො විමුක්තිය, පළමුව ඇති වේ. මෙය දැනෙන්නේ කිහිපවාරයක් මෙම භාවනාව කළ විට ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 27/09/2025

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඒක හරියට light switch එකක් on වෙනවා off වෙනවා. වේදනාවක් තියෙනවා වේදනාවක් නෑ. එහෙම නැත්තම් අළු පාටට යම්කිසි දෙයක් පේනවා, හැබැයි ඊට පස්සේ ඉතින් ඒ අළු පාට එක නැති වෙලා යනවා. අන්න ඒ වගේ තත්වයක් තියෙනවා නම්, අපිට දිට්ඨියක් හදන්න තරම් සඤ්ඤාව ප්‍රබල වෙන්නෙ නැහැයි කියන එක.