Date: 26/09/2025 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අනිච්චානුපස්සනාව, විරාගානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාව යන ධර්මයෝ කෙසේ දියුණු කළ යුතු ද?

අනිච්චානුපස්සනාව වැඩීම, 20/06/2025 අස්මිති ඡන්ද භාවනාවේ සඳහන් අයුරින් දියුණු කළ යුතු ය. එහි සාකච්ඡාවේ දී එකතු කරන ලද ධර්ම කොටස සිහි කරන්න. එනම්, දුක ස්වභාවය නොගිලිහෙන ප්‍රමාණයට සඤ්ඤාවේ අනිත්‍යභාවය වැඩීම සිදු කරන්නේ යන්න මනා කොට තේරුම් ගත යුතු ය. යමෙක් 13/06/2025 නිබ්බාන භාවනාවේ දී මෙන්, area 1 සහ area 6 වල දුක ස්වභාවය හොඳින් වැඩීම කර, ඉන් අනතුරුව සඤ්ඤාවේ අනිත්‍යභාවය වැඩීම, අනිච්චසඤ්ඤා සූත්‍රය මගින් සිදු කරන්නේ, එහි සමුදය දහම් කොටස විමසනවිට, ආකිඤ්චඤ්ඤායතනය පෙනීම වන්නේ ද, එහි දුක ඇති බව, එනම් area 6 වල දුක නොගිලිහී පැවතිය යුතු ම ය. දුක සංකල්පයේ පිහිටීම නිසා සුඛ යැයි කීමට අපහසු වීම හොඳින් සිදු විය යුතු අතර, ඉදංසච්චය ළඟ චතුරාර්ය සත්‍යය තබා ඇති බව අමතක නොකළ යුතු ය. මෙසේ වන්නේ නම් සඤ්ඤාවේ අස්තංගමය වඩනවිට ඉන් ඉවත් වීම, ඈත් වීම, මනා කොට පෙනේ. කුමක් නිසා ද? ප්‍රඥාව මතු වීම නිසා ය. මෙසේ චේතනා සහ පරාමාස අතර දිට්ඨියකින් තොර, අවස්ථාවල දී පවා, හත් වන ධ්‍යාන තලයේ ඉපදීම වළක්වා ගත හැකි ය.

විරාගානුපස්සනාව වැඩීම සඳහා, ඉහත අනිච්චානුපස්සනාව වැඩීම මගින් යම් ඉවත් වීමක් ඇති ද, එය යොදා ගත යුතු ය. මෙහි දී 21/05/2021 නිබ්බාන භාවනාවේ සඳහන් දෙවන පථය සිහි විය.

s_BrokenNiccaSankalpa1.jpg

පථය 2, අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව වන්නේ රාග සල්ලය හරහා රූප ස්පර්ශ කර සඤ්ඤා නාමරූප පරාමාස පරිදේව වීම දෙවනුව වන්නේ, පෙර පැවතියා වූ චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩනංවා සනාථ කරනු ලබයි. මෙය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වීම ය. මෙය නොකිරීම විරාගය ලෙස ගත යුතු ය. මෙහි දී 05/09/2025 උපෙක්ඛා අප්‍පමාණ භාවනාවේ, අට වන ධ්‍යාන අවස්ථාවේ දී, ඉගෙන ගන්නා ලද ඝෝෂාව සිහි කරන්න. එය පෙර පැවතියා වූ චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩනැංවීම ලෙස සිතන්න. මෙම පථය නැති වීම කෙසේ සිදු කළ හැකි ද? මෙහි දී මෝහ සල්ලය මගින් කැරකවීමක් නොකරන්නේ නම්, සංස්කාර අල්ලාගෙන විඤ්ඤාණය නොසිටින්නේ, “යථා පච්ඡා තථා පුරෙ” සඤ්ඤාව නොනසන්නේ, මෙසේ ඇති වූ විරාගය, විමුක්ති ඥාන දර්ශනය අර්ථ කොට, විමුක්ති ඥාන දර්ශනය අනුසස් කොට ඇති වේ. මෙය සඳහා අධික වෑයමක් කළ යුතු ය. උපෙක්ඛාව එපමණට පිරිසිදු විය යුතු ය. එනම් මේ දක්වා වූ අතීත භව පෙනුණත්, දුක සංකල්පයේ ම පිහිටීමට තරම් ප්‍රඥාවන්ත විය යුතු ම ය. එපමණට චතුරාර්ය සත්‍යයෙන් පෝෂිත වී සිටිය යුතු ය. මේ සඳහා ප්‍රඥා ඇස හොඳින් වඩා තිබිය යුතු ය. මෙය ඉන්ද්‍රිය සංවරය මෙනි. විඤ්ඤාණය විසින් පෙන්වනු ලබන අතීත භවවල රූප, ප්‍රඥා ඇසින් බලා ඉවතලිය යුතු ය.

පටිනිස්සග්ගානුපස්සනාව කෙසේ වැඩිය යුතු ද? එය 29/08/2025 උපෙක්ඛා අප්‍පමාණ භාවනාවේ සිට 19/09/2025 දක්වා වූ, උපෙක්ඛා අප්‍පමාණ භාවනාවන් මගින් පෙන්වා දුන් ආකාරයට, සෑම ධ්‍යාන තලයක් ම ඉක්මවීමට දක්ෂ විය යුතු ම ය. මෙසේ සඤ්ඤා ඉවතලන්නේ තෙවන පථයට තුඩු දුන් දිට්ඨි ආශ්‍රවයට ඉඩක් නොලැබේ. නිර්වාණය සාක්ෂාත් කරයි. කුමක් නිසා ද? ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා, ගැඹුරු වූ බැවිනි යැයි, 23/07/2021 විමුත්ති ඤාණදස්සන භාවනාවේ දී, බුදුපියා පැවසුව ධර්මය සිහි විය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. Area 1 සහ area 6 වල දුක ස්වභාවය හොඳින් වැඩීම කර, ඉන් අනතුරුව සඤ්ඤාවේ අනිත්‍යභාවය වැඩීම, අනිච්චසඤ්ඤා සූත්‍රය මගින් සිදු කරන්නේ, එහි සමුදය දහම් කොටස විමසනවිට, ආකිඤ්චඤ්ඤායතනය පෙනීම වන්නේ ද, එහි දුක ඇති බව, එනම් area 6 වල දුක නොගිලිහී පැවතිය යුතු ම ය, යන්න තවදුරටත් විමසන්නේ මෙහි දී area 6 වල දුක ස්වභාවය නිසා, මෝහය මගින් මිරිඟුවක් මෙන් මනා කොට පරාමාසයට වම් පැත්තෙන් සඤ්ඤාව ඇතුල් වීම සිදු නොවේ. කුමක් නිසා ද? එසේ පරාමාස චේතනා රේඛාව හරහා පරාවර්තනය වීමට කන්නාඩියක් නැත, යැයි වැටහුණා. “Excellent’ යැයි ඇසුණා. මේ නිසා මෝහ ධර්මය මගින් මිරිඟුවක් ජනනය කිරීමට හැකියාව අහෝසි වී ඇත. මෙයට හේතුව ඉදංසච්චය ළඟ චතුරාර්ය සත්‍යය තබා ඇති නිසා, සුභ යැයි පරාමාසයට පැමිණීමක් නැති නිසා පරාමාසය යන කන්නාඩිය නැත, යැයි බුදුපියා පැවසුවා.

2. මෙම භාවනාව කරන්නේ, මුල කොටසේ දී කම්මුල් දෙක ම සුඛ විය. එහි දී සඤ්ඤාවේ සමුදය දහම විමසනවිට, ජරාව යන්න මනුලොව අයට යම් සේ වයසට යෑම නිසා යමක් කළ නොහැකි ද, එසේ ම එම ඉහළ ධ්‍යාන තලවලත්, ජරාව නිසා යම් යම් දේ කළ නොහැකි යැයි සිතිණ. එය එසේ යැයි, මෙය ලියනවිට බුදුපියා පැවසුවා. එනම් ධ්‍යාන තත්වය පැවැත්වීමේ අපහසුතා ඇත. ඉහළ ධ්‍යාන තලවලත්, ජරාව නිසා යම් යම් දේ කළ නොහැකි යැයි සිතා, ඉදංසච්චය ළඟ චතුරාර්ය සත්‍යය තැබීම සිහි වන්නේ, එහි star එකක් මතු විය.

3. මෙහි විරාගානුපස්සනාව වැඩීම, පථය 2 ධර්ම කරුණු සමඟ සිහි කරනවිට, විමුක්ති ඥාන දර්ශනය ඇති වන බව මනා කොට දැනේ. මෙය දැනෙන්නේ, ඉදංසච්චය ළඟ චතුරාර්ය සත්‍යය තබා ඇති නිසා, සුභ යැයි පරාමාසයට පැමිණීමක් නැති බවත්, මෝහය මගින් මිරිඟුවක් මෙන් මනා කොට පරාමාසයට වම් පැත්තෙන් සඤ්ඤාව ඇතුල් වීම සිදු නොවේ යන්න ද, ධ්‍යාන තල අතහරින්නේ සංස්කාර අල්ලාගෙන විඤ්ඤාණය නොසිටින්නේ, “යථා පච්ඡා තථා පුරෙ” සඤ්ඤාව නොනසන්නේ ය, යන්න සිහි කරනවිට දී ය. මෙහි දී දෙවන පථය මගින් පරිදේව වුවහොත් අභිජ්ඣා වන බව ද, එමගින් මුසාවාද වන බව ද, ඉදංසච්චය ළඟ චතුරාර්ය සත්‍යය තබා ඇති බව ද සිහියේ තිබිණ.

4. පටිනිස්සග්ගානුපස්සනා ධර්ම කොටස සිහි කරන්නේ, මෙහි දී භූත පථය සිහි කරනවිට, නිකට ප්‍රදේශය, තොල් දක්වා ම සුඛ විය. එහි දී ද, එම සුඛය නොගත යුතු ය. මණ්ඩලාධිපති බුදුපියාගේ උතුම් දහම හොඳින් භාවිතා කරන්නේ, තණ්හාව නොවීමට තරම් එම ධර්මයෝ පෝෂිත වී තිබිය යුතු ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 11/10/2025