ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
22/08/2025 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත් කරුණු දෙකක් නැවතත් බැලුවා.
a. මෙහි පෙර කරන ලද්දා වූ සංස්කාර මගින් ධාරාව පැවැත්වීම වුණා යැයි ඇති විශ්වාසය නොසිඳී පවතී.
b. දැනට පරාමාසය තුළ සුඛ යන්න සකස් වීම නිසා වැරදි වැටහීම් ඇත.
මෙම දෙදෙනාගේ එකතුවෙන්, එනම් a සහ b එකතුවෙන්, එයට අනුව චේතනා කිරීම ආරම්භ වේ. මෙසේ සුඛ යැයි යමක් ඇති යැයි යන අදහස, විඤ්ඤාණය තුළ ඔඩු දිවීම සිදු විය.
මෙහි 1, 2, 3 ධ්‍යාන තලවල පමණක් ඉපදෙන අවස්ථාව, තවදුරටත් විමසා බැලුවා. සුඛ යන හැඟීම ඇත. සුඛ යැයි යමක් ඇති යැයි යන අදහස විඤ්ඤාණය තුළ ඔඩු දිවීම සිදු වී ඇත. මෙම ධර්මතාවය 20/04/2019 නිබ්බාන භාවනාවේ දී විමසන ලද කරුණු සමඟ විමසා බලමු. එහි පථ තුනක් සාකච්ඡා කර ඇත. දී ඇති සටහන බලන්න.

රාග අනුසය මගින් යමක් පවසන්නේ ද අදහස් වන්නේ ද මෙම තුන් අගයෝ එනම් නාමරූප ඇති තැන සුභ අගය, රවුම එක. පරාමාස ඇති තැන සුඛ අගය, රවුම පහ. රාග අනුසය හරහා චේතනාව දක්වා වූ මාන අගයෝ, පථයන් තුනක් හරහා නැවතත් සනාථ කිරීම, ඉදංසච්ච ජීවිත ඉන්ද්‍රිය පරාමාසය යන ත්‍රිකෝණය මගින් කරන බව ඉගෙන ගත්තා. තව ද එම පථ තුන.
1. විඤ්ඤාණ, භය අගති, සෝක, වේදනා.
2. ජීවිත ඉන්ද්‍රිය, පරාමාස, සෝක, වේදනා.
3. පරාමාස, ඉදංසච්ච, පරිදේව, භය අගති, සෝක, වේදනා.
විඤ්ඤාණ, භය අගති, සෝක, වේදනා කියන පළවෙනි පථය අපි බැලුවොත්, මේ පථයට ඉදංසච්ච ඉඳන් ජීවිත ඉන්ද්‍රියට එන නිත්‍ය දිට්ඨි c රේඛාව මගින්, නිත්‍ය යන දිට්ඨි විපල්ලාසයේ බලපෑම ඇති අතර, මෙහි සෝකය අධික ය, යනුවෙන් සාකච්ඡා කරලා තියෙනවා. සුඛ යන මෝඩ මතය ඇත. මෙම පථය “වෙදනං අත්තතො සමනුපස්සති” කියන ධර්මය වෙනවා. මෙම පථයේ ගමන් කිරීම සඳහා උදව් උපකාර කරන ධර්මතාවයක් ඇත. එය මාන අගය විඤ්ඤාණ හරහා පැමිණීමයි. එසේ පැමිණීමට, චේතනා දක්වා පැමිණ ඇති මාන අගය උදව් උපකාර කරයි. එහි සැපයීම, පරාමාස, ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්ච යන ත්‍රිකෝණය මගින් වීම, 21/12/2015 අත්තානු දිට්ඨිය භාවනාවේ දී සාකච්ඡා කර ඇත. මෙම අවස්ථාවේ දී පරාමාසය තුළ සුඛ යන්න සකස් වීම නිසා, වැරදි වැටහීම් ඇත්තේ එහි බලපෑම අධික ය. එයට හේතුව නිත්‍ය සඤ්ඤාව ය. මෙයට යමක් තමාට ඉපදවිය හැකි ය, යන මාන අගය චේතනා දක්වා ගමන් කිරීම නිසා “වෙදනං අත්තතො සමනුපස්සති” යන බලපෑම, භය අගතියේ දී එකතු වන්නේ, ඉපදීම නවතා ගත නොහැකි ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ මුහුණ සුඛ වීම සිදු විය. පරාමාසය තුළ සුඛ යන්න සකස් වීම නිසා, වැරදි වැටහීම් ඇත්තේ එහි බලපෑම අධික ය. එයට හේතුව නිත්‍ය සඤ්ඤාව ය, යන්න සිහි කරන විට, පරාමාසය ඇති තැන star එක මතු විය.
2. 27/06/2025 අස්මිති මාන භාවනාවේ දී පරාමාස සහ මනොසඤ්‌චෙතනා අතර කිසිදු දිට්ඨියක් නැති අවස්ථාවේ දී, විඤ්ඤාණ ධාරාව තුළ යමක් ඇත, යන සඤ්ඤා අගයෝ, පරාමාසයටත් චේතනාවටත් වෙන වෙන ම විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වීමක් තිබිය හැකි බවත්, එසේ ඇතුල් වන අගයන් දෙකෙහි ම ඇත්තේ, සුභ යන අර්ථය නොවැටහෙන ප්‍රමාණයට තුනී වූ සඤ්ඤා මනසිකාරයෝ ම ය, යැයි ඉගෙන ගත්තා. එසේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වුණ ධර්මතාවයන් මගින්, රාග අනුසය මගින් පවසන අදහස් වන තුන් අගයෝ, එනම් නාමරූප ඇති තැන සුභ අගය, පරාමාස ඇති තැන සුඛ අගය, රාග අනුසය හරහා චේතනාව දක්වා වූ මාන අගයෝ, යන අගයන් තුන ම, ඇවිස්සීම කරන බව වැටහිණ. “Excellent’ යැයි ඇසුණා.
3. 21/12/2015 අත්තානු දිට්ඨිය භාවනාව බලන විට, line c reverse වීම බැලීමට සිතිණ. “බලන්න එපා” යැයි බුදුපියා පැවසුවා. පසු දිනක බලන්නට ඉඩ දුන්නේ, 19/12/2015 ශ්‍රද්ධා 5 භාවනාව බලා, මෙම භාවනාව කරන්නේ අනාශ්‍රව විය. දහම් කරුණු සිහි කිරීම ඉතා අපහසු විය. මුලින් නැවතීම ගැන කෘතගුණ පැවැත්වුවා. මේ නිසා දින කීපයක් මේ භාවනාව කර, 19/12/2015 ශ්‍රද්ධා 5 භාවනාව බැලීම කිරීම සුදුසු ය. ජීවිත ඉන්ද්‍රියට එපා වීම නිසා, සිත නතර වීම සිදු වේ යැයි, බුදුපියා පසුව පැවසුවා. කුමක් නිසා ද? කැරකැවීම නිසා වෙහෙසට පත්වීම මගිනි.
4. මෙම භාවනාවේ සඳහන් අවසාන ඡේදය හොඳින් විමසන්නේ, මානය සහ පරාමාසය තුළ සුඛ යන අගය මගින් ධාරාව පවත්වන බවත්, එය එසේ වන්නේ නම්, ඉපදීම නවතා ගත නොහැකි ය, යන්න වැටහිණ. “Excellent’ යැයි ඇසුණා.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 11/10/2025