Date: 10/10/2025 Name: අනුපාද අපරිතස්ස

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

04/03/2022 අනුපාද අපරිතස්ස භාවනාවේ දී ඉගෙන ගත් කරුණු සිහි කළා. වේදනාව මගේ ය (එතං මම), මෙය මම වෙමි (එසො හමස්මි), මෙය තමා වෙමි (එසො මේ අත්තාති) යනුවෙන් විමසා ඇත.

වේදනාව සඤ්ඤාවෙන් හඳුනා ගනියි. එහි යම් තණ්හාවක් වේ ද, චේතනා ඇති වන්නේ ය. සඤ්ඤා අගය පරාමාසගත වන්නේ ය. අත්තා 1 සහ අත්තා 2 මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය බවට පෙරළෙන්නේ නම්, විඤ්ඤාණ සෑදීම වැළකිය නොහැකි ය. ඒ විඤ්ඤාණය සෑදෙන්නේ වේදනාව හඳුනයි. දැන ගනියි. එහි යම් නිශ්චිත ස්වභාවයක් ඇති ද එය ම, ඉදංසච්චාභිනිවෙසකායගන්ථ වෙයි. එනම් එය එසේ යැයි නිශ්චිත ය. අධිමොක්ඛ සිදු වේ.

මෙය තවදුරටත් විමසන්නේ පරාමාසය ජීවිත ඉන්ද්‍රිය විඤ්ඤාණ රේඛාව වටා, චේතනා අගය පරාවර්තනය වන්නේ, එම අගයෝ ඉදංසච්චාභිනිවෙසකායගන්ථ වන්නේ ය. කුමන අගයෝ ද? 29/08/2025 උපෙක්ඛා අප්‍පමාණ භාවනාවේ දී ඉගෙන ගත් ආකාරයට විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වීම සමඟ, අත්තා යන සඤ්ඤා විපල්ලාසය නිසා චේතනා හටගැනීම නිසා වන අගයෝ ය. 29/08/2025 උපෙක්ඛා අප්‍පමාණ භාවනාවේ දී දුන් සටහන 1 යොදා ගන්න.

MM_29_08_2025.jpg

යම් දහමක් ඉහත අයුරින් අත්තා 1 සහ අත්තා 2 මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය බවට පෙරළී, විඤ්ඤාණ සෑදීම වැළකිය නොහැකි වූවා ද, එම ධර්මයෝ මෙසේ ජීවිත ඉන්ද්‍රිය හරහා පරාවර්තනය වී, ඉදංසච්චාභිනිවෙසකායගන්ථ වීම සිදු වී ඇත්තේ ය. මෙසේ දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කර ඇත්තේ මෙවැනි දහමුන් ඔඩු දුවා ඇත්තේ, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය තුළ සුඛ යන හැඟීමකින් තොරව, සංස්කාර අගයෝ සඳහා තුඩු දෙන අදහස් තැන්පතු වී ඇති බව වටහා ගත යුතු ය.

පරාමාස, ඉදංසච්ච, පරිදේව, භය අගති, සෝක, වේදනා යන පථය, එනම් “වෙදනාය වා අත්තානං” යන්න, මෙයට ඉදංසච්චාභිනිවෙසකායගන්ථයේ දී එකතු වන්නේ, කුමක් සිදුවේ ද? 03/10/2025 වෙදනං අත්තතො සමනුපස්සති භාවනාවේ දී ඉගෙන ගත් පරිදි, මෙම අවස්ථාවේ දී පරාමාසය තුළ සුඛ යන්න සකස් වීම නිසා වැරදි වැටහීම් ඇත්තේ එහි බලපෑම අධික ය. එයට හේතුව නිත්‍ය සඤ්ඤාව ය. එමගින් ඇති වන්නා වූ, බලපෑම අධික නිසා, මෙසේ චේතනා අගයන් නිත්‍ය සඤ්ඤා අගයන් සමඟ මිශ්‍ර වන්නේ, 08/08/2025 නිබ්බාන භාවනාවේ දී පරාමාසය තුළ අලුත් වර්ණයන් සුඛ ලෙස සෑදෙන්නාක් මෙන් ඉගෙන ගත්තේ ද, මෙහි දී ඉදංසච්චය තුළ ද මෝහ ගති පැවතුම් ඇති වර්ණයෝ ම සැකසෙන්නේ ය. මෙය චතුරාර්ය සත්‍යය මගින් වළකා ගැනීම අපහසු ය. එනම් ඉදංසච්චය ළඟ චතුරාර්ය සත්‍යය තැබීම මගින් වළක්වා ගැනීම අපහසු ය. මේ නිසා පරාවර්තනය නොවීමට විරිය භාවිතා කළ යුතු ම ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. චේතනා සහ පරාමාස අතර දිට්ඨියක් නැති අවස්ථාවේ දී විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වීම සමඟ අත්තා යන සඤ්ඤා විපල්ලාසය නිසා චේතනා හටගැනීම වන්නේ, මෙය කෙසේ දිට්ඨියක් ඇති අවස්ථාවට, එනම් අත්තා 1 සහ අත්තා 2 මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨි අවස්ථාව සමඟ යෙදේ ද යන්න, විමසා බැලුවා. මෙය පෙර අත්තා නිසා සිදු වන ක්‍රියාවලියක් ලෙස වැටහිණ. එනම් සඤ්ඤා සහ වේදනා අතර පෙර අත්තා යෙදීම කර විමසන්න. පෙර අත්තාගේ බලපෑම නිසා විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වී, චේතනාව දක්වා වූ මාන අගයෝ අවුස්සන විට, පෙර අත්තා මතු වීම මගින් ම අත්තා 1 සහ අත්තා 2 මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨි අවස්ථාව සිදු වේ. අතීතයේ රජෙකු මෙන් සිට ඇති වුණා වූ ධර්මයෝ ද මෙහි යෙදේ. මෙසේ කලින් භව වල වාසය කිරීම නිසා විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වී මාන අගයෝ අවුස්සන විට, පෙර අත්තා මතු වීම මෙසේ සිදු වන්නේ එය කර්මය ලෙස වැටහිණ.

2. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වී චේතනාව දක්වා වූ මාන අගයෝ ඇවිස්සීම කළ පළියට, පෙර අත්තා යැයි ගත් දේ ගෙන ඒම නොකළ යුතු යැයි ද, විරිය භාවිතා කර එය නැවැත්විය යුතු යැයි ද, වැටහිණ. විශ්වාජිත් බුදුපියා පැවසූ “ඔබ අතීතයේ යම් වූ කර්මයක් කළා ද, ඒ කර්මය ඉදිරියට ගෙනියනවා කියලා හිතන්න එපා කියලා,” කියන ලද දේ, මතකයට ආවා.

3. මෙම භාවනාව කරන්නේ නළල ඇතුළුව මුළු මුහුණ ම සුඛ වන්නේ ය.

4. Repair කරන විට පරාමාසය තුළ සුඛ ඇති වීම විවිධාකාරයෙන් බලන්නේ, ඉදංසච්චයේ සිට මෝහ ගති පැවතුම් සහිතව සුභ යැයි පරාමාසයට පැමිණේ යැයි සිතන විට මනස විශාල වන්නේ, පරිස්සම් විය යුතු යැයි බුදුපියා පැවසුවා.

5. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වීම සමඟ අත්තා යන සඤ්ඤා විපල්ලාසය නිසා චේතනා හටගැනීම නිසා වන අගයෝ, ජීවිත ඉන්ද්‍රිය හරහා පරාවර්තනය වී ඉදංසච්චාභිනිවෙසකායගන්ථ වීම තවදුරටත් විමසන්නේ, අත්තා 1 සහ 2 සෑදීමෙන් අනතුරුව වන අගයන් ම ඉදංසච්චගත වන බව වැටහේ. රූප සිට චේතනා දක්වා අගයන් පැමිණිය ද, එයට විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප එකතු විය යුතු ම ය.

6. දින කිහිපයක් මෙම භාවනාව කරන්නේ, යම් දහමක් ඉහත අයුරින් අත්තා 1 සහ අත්තා 2 මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය බවට පෙරළී විඤ්ඤාණ සෑදීම වැළකිය නොහැකි වූවා ද, එම ධර්මයෝ මෙසේ ජීවිත ඉන්ද්‍රිය හරහා පරාවර්තනය වී ඉදංසච්චාභිනිවෙසකායගන්ථ වීම සිදු වී ඇත්තේ ය යන කොටස දක්වා පමණක් සිහි කරන්නේ නළල විවෘත වීම සිදු වන අතර අනාශ්‍රව වීම ද සිදු වේ. බොහෝ වේලාවක් එසේ නළල විවෘතව පවතින අතර අනාශ්‍රව චිත්තයෙන් එළියට පැමිණි පසුව ද එය පැවතීම විශේෂිත ය.

7. පෙර අත්තා යන්නට දිය හැකි රවුම් අගයන් විමසන්නේ, එය අවස්ථාව අනුව වෙනස් වන බව බුදුපියා පැවසුවා. රූප ලෝකවල එය 3.2 ලෙස ගත හැකි අතර, අරූප ලෝකවල එය පළවන රවුම ලෙස ගත හැකි අවස්ථා ඇති බව, බුදුපියා පැවසුවා.(*1)

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 25/10/2025

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) තවදුරටත් මේක පැහැදිලි කරනවා නම්, හත් වන ධ්‍යානයේ සිටින කෙනෙකු හය වන ධ්‍යාන ආලෝකය දුටුවොත්, මම හත් වන ධ්‍යානයේ සිටියෙමි, යනුවෙන් සිතුවිල්ල පෙර අත්තා ලෙස පැන නගී. ඒ අවස්ථාවේ දී, කාම ලෝකයේ සිටින කෙනෙකු, සුභ ලෙස යමක් ගැනීම පළවන වටයේ දී කරන්නේ යම් සේ ද, හත් වන ධ්‍යානයේ සිටින කෙනෙකු, මෙම ආලෝකය මට එපා යැයි, පළවන වටයේ දී කියයි. ඒක තමයි කාරණා හත.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

මේකට තවත් චුට්ටක් එකතු කරනවා නම්, ඉදංසච්චය ළඟ චතුරාර්ය සත්‍ය තැබීම මගින් වළකා ගැනීම අපහසු ය යන්න, මෙසේ වටහා ගත හැකි ය. මාන අගය ඇවිස්සෙන්නේ එය චේතනාව හරහා ඉදංසච්චගත වන්නේ නම්, ඉන් පසුව එයින් ඉවත් වීම අපහසු ය. කුමක් නිසා ද? ප්‍රඥාව නසන ලද නිසා ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.