ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන තුන් ආකාර වූ තණ්හාවෝ ඇති ද, එය මගින් නිරූපණය කරන දහමුන් මගින්, චේතනා හටගන්නේ ද, එම චේතනාවන් ඉදංසච්චගත වීම, ජීවිත ඉන්ද්‍රිය හරහා සිදු වන්නේ එහි ගම්‍යතාවය (momentum) කෙසේ ද යන්න විමසා බලමු.
යම් කාම ආශ්‍රවයක් වෙද්ද එය මගින් රාග සල්ලය හරහා ස්පර්ශ කර ඇති වන චේතනාවන්ගේ අගය, අවිද්‍යා ආශ්‍රව හරහා යම් ආකාරයකට රූප ස්පර්ශ කිරීමක්, භූත පථය වැනි පථයන් මගින් සිදු වේ ද, එම අගයෝ පෙර සඳහන් අගයන්ට වඩා දුර්වල ය. මෙසේ කාම ආශ්‍රවයන් මගින් වන චේතනා අගයන්ගේ වැඩි වටිනාකමක් විඤ්ඤාණ ආහාරයට දැනෙන්නේ ඒ නිසා වන ඉදංසච්චයට වන බලපෑම අධික ය. මේ නිසා කුමන තලයක ඉපදුණත් රූප විෂයෙහි වූ කාම ධාතු, සියලු ධාතූන් අභිබවා යයි. එහි ම ගැබ් වීමට සිත් දෙනු ලබයි.
භාවනා කරන භාවනානුයෝගීන්ට ද කාම සිතුවිලි මෙසේ මතු වීම මේ නිසා ම සිදු වන බව වටහා ගත යුතු ය. එහි වේමත්තතා ඇති අතර එයට බලපාන්නේ භව තණ්හාව බව කිව යුතු ම ය. පෙර භවවල වැඩියෙන් ජීවත් වීමට කැමැත්තක් ඇත්තා වූ භවයන්ගේ බලපෑම අධික ය. එය එසේ ය.
මෙහි විභව තණ්හාව කෙසේ යෙදේ ද? මෙවැනි ධර්මයන්ගේ ආදීනව විමසා ඇත්තේ එයින් ඉවත් වීමට අධික ලෙස වෑයම් කරන නමුත් සියුම් ආකාරයට පෙර කාම ආශ්‍රව නිසා මතු වූ දහමුන් අතීත භවවල රූප මෙන් හෝ පෙන්වා දීම විඤ්ඤාණය විසින් කරනු ලබන බව පෙර ඉගෙන ගත්තා.
මෙසේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වටහා ගත යුතු ය. මෙම දහමුන්ගෙන් ගැලවීම සඳහා සතර ඉද්ධිපාදයෝ භාවිතා කළ යුතු අතර අරි අට මඟේ නොකඩවා සිටීම, එහි පැවැත්වීම කළ යුතු වන්නේ ඉහත දහමුන්ගෙන් නොවැටී සිටීමට ය.
මෙම භාවනාවේ දී ඉහත සඳහන් කළ සියලු ධර්මතාවයෝ, ඉදංසච්චය තුළ ඇති වූ මෝහ ධර්මයෝ ම ය. මේ නිසා විරිය ඉද්ධිපාදය, විමංසාවත් සමඟ හොඳින් භාවිතා කළ යුතු ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ කුමන තලයක ඉපදුණත් රූප විෂයෙහි වූ කාම ධාතු සියලු ධාතූන් අභිබවා යයි, එහි ම ගැබ් වීමට සිත් දෙනු ලබයි යන්න සමඟ, 06/12/2024 නිබ්බාන භාවනාවේ සඳහන් අයුරින් කාම ධාතු, කාම විතක්ක, කාම විචාර සිහි කරනවිට අනාශ්‍රව විය.
2. තණ්හාවෝ ඇති ද එය මගින් නිරූපණය කරන දහමුන් යන්නට සඤ්ඤා, වේදනා සහ යමකට බැඳීම කරන දහමුන් ඇතුළත් වන්නේ ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 25/10/2025