Date: 24/10/2025 Name: උද්‌ධතං චිත්ත

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

17/10/2025 තණ්හා භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන තුන් ආකාර වූ තණ්හාවෝ ඇති ද, එය මගින් නිරූපණය කරන දහමුන් මගින්, චේතනා හටගන්නේ ද, එම චේතනාවන් ඉදංසච්චගත වීම, ජීවිත ඉන්ද්‍රිය හරහා සිදු වන්නේ එහි ගම්‍යතාවය (momentum) කෙසේ ද යන්න, විමසා බලා ඇත. මෙහි සඳහන් කළ තණ්හාවෝ ඇති ද, එය මගින් නිරූපණය කරන දහමුන් යන්නට සඤ්ඤා, වේදනා සහ යමකට බැඳීම කරන දහමුන් ඇතුළත් වන්නේ ය, යන්න තවදුරටත් විමසා බැලුවා.

මෙහි දී 03/03/2023 අග්ගි සූත්‍රය - උද්‌ධතං චිත්ත භාවනාවේ සඳහන් කරුණු සමඟ සම්බන්ධ විය. එහි මහණෙනි, යම් කලෙක සිත නොසන්සුන් වේ නම්, ඒ සමයෙහි පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වඩනට කලි. සමාධි සම්බොජ්ඣඞ්ගය වඩනට කලි. උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩනට කලි. ඒ කවර හෙයින යත්, මහණෙනි, සිත නොසන්සුන් ය. එය මේ දහමින් මැනැවින් සංසිඳුවිය හැක්කේ වෙයි, යන දහමට සිත යොමු විය.

එහි දී විමංසා ඉද්ධිපාද පිටුව 8 ධර්මතාවයෝ සිහි කර ඇත.

s_Vimamsiddipada/s_Vimamsiddipada-08.jpg

එනම් ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්දය, අතිපග්‌ගහිතො ඡන්දො. රෝගී සඤ්ඤාව නිසා ඇති වන ප්‍රතිඵලයට අභිජ්ඣා නොවීම සඳහා ඡන්ද සමාධිය භාවිතා කර ඉන්ද්‍රිය සංවර කරගත යුතු ය. රෝගී සඤ්ඤාව නිසා ඇති වන ප්‍රතිඵල දෙක ම ගත යුතු ය. අත්තා යැයි ගෙන ඇති වෙන මෙම ප්‍රතිඵල දෙක, රාගය සහ මෝහය.

a. මෙහි රාගය, තේජෝ ධාතුව ලාභ වශයෙන් පවතී යැයි සිතයි.

b. මෙහි මෝහය, ඒ සඳහා වූ සංස්කාර නිත්‍ය යැයි මෝහ සහගත වේ.

යනුවෙන් ඉගෙනගෙන ඇත. 17/10/2025 තණ්හා භාවනාව මගින් පෙන්වා දෙන්නේ, මෙම අවස්ථාව ම නොවේ ද? එය එසේ ය.

විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වෙන ධර්මතාවයන් මගින් රාග අනුසය මගින් පවසන අදහස් වන තුන් අගයෝ, එනම් නාමරූප ඇති තැන සුභ අගය, පරාමාස ඇති තැන සුඛ අගය, රාග අනුසය හරහා චේතනාව දක්වා වූ මාන අගයෝ, යන අගයන් තුන ම ඇවිස්සීම කරන්නේ, සිත නොසන්සුන් වේ, උද්ධච්චය හටගනී. මෙයට පරාමාස ජීවිත ඉන්ද්‍රිය විඤ්ඤාණ රේඛාව වටා, චේතනා අගය පරාවර්තනය වන්නේ, එම අගයෝ ඉදංසච්චාභිනිවෙසකායගන්ථ වන්නේ ය යන්න එකතු වන්නේ, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය තුළ සුඛ යන හැඟීමකින් තොරව සංස්කාර අගයෝ සඳහා තුඩු දෙන අදහස් තැන්පතු වී ඇත්තේ, චේතනාව මගින් නියම කරන සංස්කාරයෝ සිදු කරනු ලබයි.

03/03/2023 අග්ගි සූත්‍රය - උද්‌ධතං චිත්ත භාවනාවේ හතර වෙනියට එකතු කරන ලද දහමුන් හොඳින් භාවිතා කරන්නේ, ආපෝ ධාතු එනම් බැඳීම කරන ධාතු ඉවත් කර නිර්වාණය සාක්ෂාත් කරගත යුතු ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව කරන්නේ, රාග අනුසය මගින් කරන දහමුන් සිහි කරනවිට, සති ඉන්ද්‍රිය සහිත ඔළුවේ කොටස, විවෘත වන බව හොඳින් දැනේ. එයට පෙර ප්‍රඥා ඉන්ද්‍රිය සහිත ඔළුවේ කොටස විවෘත වී තිබිණ. එනමුදු වම් පැත්තේ ඇස සහිත කොටස දැනීම අධික ය. මෝහ පැත්ත සිහි කරනවිට, වම් පැත්ත එසේ ඇරී තිබීමට අමතරව දකුණු පැත්ත ද ඇරී, අනාශ්‍රව විය. මෙසේ හිස දෙකට බෙදීමක් ප්‍රඥා ඉන්ද්‍රිය හරහා වම් නිකට දක්වා වූ රේඛාව හරහා සිදු වේ.

2. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වෙන ධර්මතාවයන් මගින් රාග අනුසය මගින් පවසන අදහස් වන තුන් අගයෝ, එනම් නාමරූප ඇති තැන සුභ අගය, පරාමාස ඇති තැන සුඛ අගය, රාග අනුසය හරහා චේතනාව දක්වා වූ මාන අගයෝ, යන අගයන් තුන ම ඇවිස්සීම කරන්නේ නම්, මානය විසින් ප්‍රඥාවේ සිට ශ්‍රද්ධාව දක්වා යෑම වළකයි. එසේ නම් අශ්‍රද්ධාව ඇත්තේ ය. අශ්‍රද්ධාව නිසා උද්ධච්චය ඇති වෙනවා යැයි තයොධම්ම සූත්‍රයේ දී ඉගෙන ගෙන ඇත. මෙසේ විමසන්නේ ප්‍රඥා ඇස ඇරේ.

සාකච්ඡාව 08/11/2025