ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
24/10/2025 උද්‌ධතං චිත්ත භාවනාව නැවතත් කරගෙන ගියා. එහි අවසානයට සඳහන් කළ, 03/03/2023 අග්ගි සූත්‍රය - උද්‌ධතං චිත්ත භාවනාවේ හතර වෙනියට එකතු කරන ලද දහමුන් හොඳින් භාවිතා කරන්නේ, ආපෝ ධාතු එනම් බැඳීම කරන ධාතු ඉවත් කර නිර්වාණය සාක්ෂාත් කරගත යුතු ය, යන්න තවදුරටත් විමසා බැලුවා.
යම් තණ්හාවක් වෙද්ද, එම නිසා චේතනාවන් ඉදංසච්චගත වීම ජීවිත ඉන්ද්‍රිය හරහා සිදු වීම සිහි කරන්නේ, මෙය සඳහා සුභ + නිත්‍ය මගින් ඇති වූ සුඛ යන්න මගින් පරාමාසය තුළ සුඛ යැයි ඇති විය යුතු ම ය. මෙසේ පරාමාසය තුළ ඇති වුණා වූ විවිධ වර්ණයන් ඇති බව පෙර ඉගෙන ගත්තා. මෙම සුඛය නිසා ඇති වූ නිත්‍යභාවය ඇත. එය විවිධ දිසාවන්ට ගැලීම වන්නේ එය නිසා ම චතුරාර්ය සත්‍යය වැසේ. පග්ගහ නිමිත්ත ගිලිහේ. මෙය නැවත ගොඩගැනීම සඳහා, 10/02/2023 ආහාර සූත්‍ර - සමාධි භාවනාවේ දී කළාක් මෙන් සමාධිය ගොඩනැංවීම කළ යුතු ම ය.
එහි සවිතක්ක සවිචාර සමාධිය නිසා ඇති වන සමාධි සම්බොජ්ඣඞ්ගය පළමුව සිහි කළා. නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයන් පළමුව ඉවතලන්නේ, දෙවනුව අරූප ධ්‍යාන සඤ්ඤා ඉවතලන්නේ, තුන් වෙනුව රූපයට නිත්‍යයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලීම නිසා යම් ප්‍රීතියක් වේ ද එම ප්‍රීතිය කෙරෙහි උපෙක්ඛාවක් පවතී ද එය සවිතක්ක සවිචාර සමාධිය නිසා ඇති වන සමාධි සම්බොජ්ඣඞ්ගය වන්නේ ය.
මෙහි දී සමථ නිමිත්තෙහි අර්ථ දැක්වීම සිහි කළ යුතු ය. සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළට කා වදින්නේ යම් ධර්මයක් පහ කළ යුතු ද එයට සමවදිනවා යන්න සමථ නිමිත්ත බව අපි දනිමු.
ඉහත රූපයට නිත්‍ය එකතු නොකර එයින් ඇති වන ප්‍රීතිය නිසා සතුටු නොවන්නේ, එහි ලෝභ දෝෂ මෝහ පහ වීම ඇත. මෙහි දී තේජෝ ධාතුව ලාභ වශයෙන් පවතී යැයි නොසිතන ප්‍රමාණයට මෙය වැඩීම කළ යුතු ය. එනම් රාග අනුසය මගින් පවසන අදහස් වන තුන් අගයෝ, එනම් නාමරූප ඇති තැන සුභ අගය, පරාමාස ඇති තැන සුඛ අගය, රාග අනුසය හරහා චේතනාව දක්වා වූ මාන අගයෝ, යන අගයන් තුන ම, ඇවිස්සීම නොකරන ප්‍රමාණයට සම්මා සංකල්පය දියුණු වන ප්‍රමාණයට එය වැඩිය යුතු ය. මෙය සඳහා 10/01/2025 නිබ්බාන භාවනාවේ දී දුන් සටහන භාවිතා කරන්න.

එහි ව්‍යප්පනා කියලා කියන්නේ කුමක් ද? දුක්ඛ table එකේ, පළවෙනි column එක නොවිය යුතුයි කියලා සොයා ගන්නවා. මෙහි දී ඡන්ද ඉද්ධිපාදය හොඳින් භාවිතා කර සොයා ගත් දේ තුළ බැස ගැනීම සිදු විය යුතු ය. මේ සඳහා නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයන් පළමුව ඉවතලන්නේ, දෙවනුව අරූප ධ්‍යාන සඤ්ඤා ඉවතලන්නේ, තුන් වෙනුව රූපයට නිත්‍යයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලීම යන්න උදව් කරනු ලබයි. කෙසේ ද? සමථ නිමිත්ත අරමුණු කර ඇත්තේ පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදීම නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති යන්න මනා කොට භාවිතා කරන්නේ නම් සම්මා ආජීවය ඇත්තෙකුට පිහිටන නිසා ය.
අවිතක්ක අවිචාර සමාධිය නිසා ඇති වුණ සමාධි සම්බොජ්ඣඞ්ගය ඊළඟට සිහි කළා. අවිතක්ක අවිචාර සමාධිය තුළ පග්ගහ නිමිත්ත ස්ථීර වීම නිසා ඇති වන ප්‍රීතිය කෙරෙහි උපෙක්ඛාවක් පවතී ද එය අවිතක්ක අවිචාර සමාධිය නිසා ඇති වන සමාධි සම්බොජ්ඣඞ්ගය වන්නේ ය යනුවෙන් ඉගෙන ගතිමු. මෙය අබ්‍යග්ග නිමිත්ත (the sign of non dispersal) ලෙස විමසා ඇත. මෙයට හේතුව අරි අට මඟේ පිහිටීම මගින් නිර්වාණය සාක්ෂාත් කරගන්නා නිසා ය.
අබ්‍යග්ග නිමිත්ත සිහි කරන්නේ යම් දහමක පෙර සිත ගොඩනැඟුවා ද එමගින් යම් උපතක් සිදු වූවා ද එම සියල්ල දුක වශයෙන් දැක එහි නැවත නොපිහිටයි. වර්තමානයේ යම් දහමක සිත ගොඩනැඟී ඇද්ද එමගින් යම් උපතක් සිදු වන්නේ නම් එය දුක වශයෙන් දැක එහි නැවත නොපිහිටයි. මෙහි දී කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාවය ඇතිව උපදනේ ය, කෘෂ්ණාභිජාති ඇතියේ ම ශුක්ල ස්වභාවය ඇතිව උපදනේ ය, ශුක්ලාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාවය ඇතිව උපදනේ ය, ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ල ස්වභාවය ඇතිව උපදනේ ය යන අවස්ථා හතර යොදා විමසිය යුතු ය. යම් දහමක අනාගතයේ සිත පිහිටුවොත් එමගින් යම් උපතක් ඇති වන්නේ ද එය මගින් දුක ඇති වන බව දැක එහි නැවත නොපිහිටයි. මෙසේ අබ්‍යග්ග නිමිත්ත වටහා ගත යුතු ය.
මෙහි දී ධ්‍යාන තලයක් මගේ යැයි නොගැනීමට නම් චේතනා ඇති විය යුතු ය. එය සිදු වන්නේ ඉහත වටහාගත් අයුරින් යම් දහමක පෙර සිත ගොඩනැඟුවා ද එමගින් ඇති වුණා වූ දුක දැකීමත්, වර්තමානයේ යම් දහමක සිත ගොඩනැඟී ඇද්ද එමගින් ඇති වන්නා වූ දුක දැකීමත්, යම් දහමක අනාගතයේ සිත පිහිටුවොත් එය මගින් දුක ඇති වන බව දැක, තුන් කාලයේ දී ම සිත නොපිහිටි ම ය. මෙසේ සතිමත් වන්නේ නම් චෙතසො අභිනිරොපනා යන දහමුන්, එනම් දුක්ඛ table එකේ පළවෙනි column එක නොවිය යුතු යැයි සතිය පිහිටීම මනා කොට සිදු වේ. මෙහි දී වචී සංඛාරය ඇත්ත තමයි තථාගතයන් වහන්සේ පැවසුවේ. තණ්හාව නිසයි දුක ඇති වෙන්නේ කියලා අත්දැකීම ප්‍රඥා ඇස මෙන් මතු වන්නේ ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. සම්මා ආජීවය ඇත්තේ යම් දෙයක් නොඉපදවන්නේ ය, යන අර්ථය ඇතිව සිතන්නේ, තේජෝ ධාතුව මතුවන්නේ එය ලාභ වශයෙන් පවතී යැයි නොසිතයි. මෙය වටහා ගැනීමට රැකියා කරන අයෙකු ගැන සිතන්න. ඔහු අන් අයට මුදල් වැඩියෙන් ලැබෙන බව දන්නා විට ඇති වන සිතිවිලි මෙන් ය. තමාත් සොයන නිසා ලාභ යැයි සිතයි.
2. අවිතක්ක අවිචාර සමාධිය තුළ පග්ගහ නිමිත්ත ස්ථීර වීම නිසා ඇති වන ප්‍රීතිය කෙරෙහි උපෙක්ඛාවක් පවතී ද යන්න හොඳින් වැටහෙන්නේ දැන් ය. එනම් අරි අට මඟේ සිටිනවා යැයි ප්‍රීතියක් ඇති වන්නේ නම් එමගින් මානය ඇති වන්නේ ය. මෙමගින් කුසල චේතනාවන් ගිලිහී යන බැවින් සසරේ යෑම දික් විය හැක. කුමක් නිසා ද? දුක්ඛ table එකේ පළවෙනි column එක නොවිය යුතු යැයි සතිය පිහිටීම වැළැකේ. ඒ නිසා ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.