Date: 07/11/2025 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

31/10/2025 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දෙවෙනියට එකතු කරන ලද කාරණයේ දී අරි අට මඟේ සිටිනවා යැයි ප්‍රීතියක් ඇති වන්නේ නම් එමගින් මානය ඇති වන්නේ ය, යන්න විමසා ඇත. සවිතක්ක සවිචාර සමාධිය නිසා ඇති වන සමාධි සම්බොජ්ඣඞ්ගය මෙනෙහි කරනවිට එහි සඳහන් රූපයට නිත්‍ය එකතු නොකර එයින් ඇති වන ප්‍රීතිය නිසා සතුටු නොවන්නේ, යන ධර්ම කරුණට සිත යොමු කර ඇත. මෙම භාවනාවේ දී, රූපයට නිත්‍ය එකතු නොකර එයින් ඇති වන ප්‍රීතිය නිසා සතුටු වන්නේ නම් කුමක් වන්නේ ද යන්න, විමසා බැලුවා. එසේ සතුටු වන්නේ නම් මානය ඇති වේ. මෙමගින් පෙර අත්තා ඇවිස්සීම සිදු වේ ද? එය එසේ ය. කෙසේ ද? මානය විසින් ප්‍රඥාව නසන ලද්දේ නම් පදුට්ඨමනසඞ්කප්පය ක්‍රියාත්මක වේ. ද්වේෂය දක්වා ම ගමන් කරන්නේ, ද්වේෂ සල්ලය ක්‍රියාත්මක වේ. එමගින් සෝකය 2 ක්‍රියාත්මක වේ. සෝකය 2 සටහන සමඟ මෙය විමසා බලමු.

Soka2.jpg

ද්වේෂ සල්ලය ක්‍රියාත්මක වේ නම්, වේදනා උපග විඤ්ඤාණස්ථිතිය ඇති වේ. යම් ද්වේෂ සල්ලයක් වන්නේ ද එය තුළ පෙර වින්දා වූ වේදනා අගයෝ ඇත. දුක් වූ දෙයක් සුඛ වශයෙන් විඤ්ඤාණයට කිඳා බැස ඇත. මෙයින් ගැලවීම සඳහා, 10/01/2025 නිබ්බාන භාවනාවේ දී දුන් සටහන භාවිතා කිරීම විමසා බලමු.

S_Anusaya._with_SammaSankappa.jpg

එහි තර්කය විමසා ඇත. මාන වන්නේ නම් සමාපත්ති ධර්මයකට ඇලීම ඉවත් කර නොමැත. එසේ නම් ධම්මමච්ඡරිය ඇත. මේ සඳහා අධික බලපෑමක් සිදු කරනු ලැබුවේ 50% පථය මගිනි. එය මෙම අවස්ථාවේ දී සෝකය 2 පථයේ රාග සල්ලයට අනතුරුව සිදු වේ. එය එසේ ය. එසේ නම් රාග සල්ලය මෙම අවස්ථාවේ දී ඉවත් කළ හැකි ද?

නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාර පළමුව ඉවතලන ලද්දේ නම්, දෙවනුව අරූප ධ්‍යාන සඤ්ඤාව ඉවතලන්නේ නම්, කෙසේ මෙවැනි රාග සල්ලයක් ඇති වේ ද? පෙර භවවල දන් දී රජෙකු මෙන් විඳින ලද්දා වූ නොමැරී පවතින සුඛ සඤ්ඤා අගයෝ හෙවත් සියලු ධාතූන් අභිබවා ගිය රූප විෂයෙහි වූ කාම ධාතු ඉවත් කළ යුතු ය. මෙය අරි අට මඟේ නොකඩවා සිටීම මගින් පමණක් ම සිදු කළ හැකි යැයි වැටහුණා.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

සම්මා ආජීවය නොමැති නම්, යමෙක් chocolate වැනි දේ ඉල්ලන්නේ නම් එමගින් රාග සල්ලය ම තෙත් කරනු ලබයි. මෙසේ 50% පථය ක්‍රියාත්මක කරගනු ලබන්නේ තර්කය ගිලිහේ. ව්‍යප්පනා ගැන කවර කතා ද?

සාකච්ඡාව 22/11/2025